(අංජුල මහික වීරරත්න)
මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලු වලට ස්ථිර විසඳුම් ලබා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නිල්වලා ගඟ, මාතර නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයකට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත හා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචි ජනතාවට පානීය ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වේ. නිල්වලා ගඟේ පතුල් මට්ටම මුහුදු මට්ටමෙන් පහළට ඛාදනය වීමත් සමඟ වියළි කාල වලදී මුහුදු ජලය පොම්පාගාර වෙත ගලා ඒම හේතුවෙන් පානීය ජල සැපයුමට දැඩි ලෙස බාධා ඇති වේ.
එයට විසඳුමක් ලෙස ගේට්ටු 5 කින් සමන්විත ලවණ බාධක නිර්මිතයක් 2018-2022 කාල වකවානුවේදී ඉදි කර තිබේ.
එම ලවණ බාධක නිර්මිතය ඉදිකිරීම හේතුවෙන් ගංවතුර අවස්ථාවලදී පමණක් නොව, වියළි කාලවලදී ද ගඟේ ජල ප්‍රවාහයට බාධා ඇති වීමෙන් වගා බිම් ජලයෙන් යට වී ගොවිතැන් වලට බාධා ඇති වන බව අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් මීට පෙර වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සහ ලංකා හයිඩ්‍රොලික්ස් ආයතනය විසින් අධ්‍යයනයන් සිදු කර ඇති නමුත්, එකී ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමට මෙතෙක් හැකි වී නොමැත.
මේ පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් 2025-09-08 දින ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඉංජිනේරු ක්ෂේත්‍රයේ සුදුසුකම් ලත් වෘත්තිකයින් නියෝජනය කරන ස්වාධීන ආයතනයකින් වාර්තාවක් ලබා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව, එවැනි ආයතනයක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙතින් මාතර නිල්වලා ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලු වලට තිරසාර විසඳුමක් සඳහා වූ අධ්‍යයනයක් සිදු කරවා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නිල්වලා ගඟේ ලෙඩකට බෙිතක් සොයයි