(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙකට දමා චක්‍රලේඛ දෙකක් අල්ලගෙන දඟලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
චක්‍රලේඛයකට සහ නිවේදනයකට ව්‍යවස්ථාව අභිබවා යන්න පුලුවන්දැයි ප්‍රශ්න කළ කිරිඇල්ල මහතා සියලු චක්‍රලේඛ ව්‍යවස්ථාවට යට බව කීය.
ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවද මැතිවරණ කොමිසමේ කකුලෙන් අදිනවා යනු මූලික මිනිස් අයිතිවාසිකම් වලට පහරක් එල්ල කිරීම බවද කිරිඇල්ල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මන්ත්‍රිතුමා අහලා නැද්ද නටන්න බැරි එකා නටන්න බැහැ නොකියා පොළව ඇදයි කියනවා. වර්තමානයේ අමාත්‍යාංශ ලේකම්ලා සිට පහළට සිටින සියලු නිලධාරින් පොළව ඇදයි කියන අයම තමයි හැමතැනම ලිපියක් ලැබුණොත් උපදෙස් සඳහා ඉදිරිපත් කරමි කියලා ලොක්කා ළඟට යවනවා... ඉස්සර නම් කළේ ලිපියක් ලැබුණාම නිලධාරින් එයට පිළිතුරු ලිපියක් සකසා ආවරණ අනුමැතියට යටත්ව අත්සනට ඉදිරිපත් කිරීම තමයි. මෙම තත්වය වෙනස්වීම පළාත් සභා ඇතිකිරීම සමග තරමක් ඇතිවූ අතර 2005 ආසනයේ බඳවාගත් උගතුන් නිසා තවත් ඉතාමත් උග්‍රලෙසට වර්ධනය වුණා. මේ නිසා ඊළඟට එනවා කියා අපි බලාපොරොත්තුව තබාගෙන සිටින ඔබලාගේ ආණ්ඩුව යටතේ නැවතත් රාජ්‍ය සේවය කාර්‍යක්ෂම වීමට අතීත පුරුදු ලබාදෙන්න...!