(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )

බදුල්ල නගරයේ   දෙයියන්නේවෙල ප්‍රදේශයේදි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු නිධානයකින් ලබා ගත් බවට සැකකරන ඉපැරැණි වටිනාකමින් යුත් කැටයම් කරනලද මංජුසාවන් දෙකක් , බස්තමක්, තෙල්වර්ගයක්, පැකට්ටුවක් තුල තිබු  කුඩු විශේෂයක් සමග සැකපිට තරුණයකු අද (14) සැකපිට අත් අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ඉබුල්ගොඩ, දෙයියන්නේවෙල   ප්‍රදේශයේ පදිංචිව සිටින බදුල්ල නගරයේ පෞද්ගලික සමාගමක සේවය කරන 32 හැවිරිදි තරුණයකු යැයි පොලිසිය කීය .

බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක චිරංජීව විජේරත්න මහතා ඇතුළු නිළධාරින් පිරිසක් අද (14) අලුයම රාජකාරි කටයුතු වල නිරතව සිටියදි ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා පරික්ෂා කර ඇති අතර එහිදි රියැදුරු අසුනට යාබද ඉදිරි අසුනේ පාසල් බෑගයක් තුල දමා සගවා තිබූ මෙම ඉපැරැණි වටිනාකමින් යුත් මංජුසාවන් දෙක, බස්තම , තෙල් කුප්පියක්, පැකට්ටුවක දමා තිබු    කුඩු විශේෂයක් සහ මෝටර් රථය සමග සැකකරු අත් අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කලේය .

පස්ලෝහ වලින් හෝ වෙනත් විශේෂ වටිනා දෙයකින් කැටයම් යොදා අලංකාර ලෙස  සාදා ඇති බස්තම අගල්23ක් පමන උස අතර, මංජුසාවන් දෙක අගල් 14ක පමන වටප්‍රමානයකින් පළලින්  යුත් අගල් 5ක් පමන උස බවත්, එය කිලෝ 10ක පමන බර බව පොලිසිය පැවසීය .

මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුගේ මුල් පදිංචිය මහියංගන ප්‍රදේශයේ බවත්, දැනට තාවකාලිකව බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ නතර වී සිට්න බව පොලිසිය කියයි.