(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ අභිමානවත් 76 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් වතිකානුවේ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඇතුළු ලෝක නායකයන් සුබ පැතුම් එක් කර තිබේ.

 බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා, ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න්,  රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, චීන ජනාධිපති ෂී ජිංපින්,  දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල්, ඉන්දීය ජනාධිපති ද්‍රෟපදි මුර්මු, ලිබියානු ජනාධිපති ආචාර්ය මොහොමඩ් වයි. අල්-මෙන්ෆි, සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම්, ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ජෙනරාල් ඩේවිඩ් හර්ලි යන මහත්වරු මෙන්ම පාකිස්ථාන ජනාධිපති, බංග්ලාදේශ ජනාධිපති සහ කුවේට් රාජ්‍යයේ එමීර්වරයා ඇතුළු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහ ශ්‍රී ලංකා රජය වෙත සිය සුබපැතුම් පළ කර තිබිණි.