IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


නි,ඇමැති කෙනෙක්- මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා

(අංජුල මහික වීරරත්න)

නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද(23) පැවසීය.

පාර්ලිමේන්තුව ඇතුලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්,මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතු බවද අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කළේය.

"ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියකට ඉතාම නරක විදියට තවත් මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අසෝබන ලෙස කතා කර ඇතැයි පාර්ලිමේන්තුව ඇතුලෙන් මට ආරංචි වුණා.ඔහු කලින් අධ්‍යාපනය සම්බන්ධවත් වගකීම් දරපු පුද්ගලයෙක්.පාර්ලිමේන්තුව ඇතුලේ බොහොම හයියෙන් යම් කාරණා ගැන කතා කරනවා.පාර්ලිමේන්තුව ඇතුලේ චන්ඩ් කතාවක් කරලා ඒ ගමන්ම එළියට ගිහිල්ලා දක්ෂ, තරුණ මාධ්‍යවේදනයකට නොකළ යුතු පීඩාකාරී අයුරින් තවත් අය ඉදිරිපිටදී හිංසාකාරීන් ලෙස කතා කර තියෙනවා.

ඒ වාචික ප්‍රහාරයට ලක් වීමට අකමැති බවට දිගින් දිගටම ඇය ප්‍රකාශ කරද්දී මෙලෙස ඉරිහැරයට ලක් කර තිබෙනවා.

මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම විදියක,කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතුයි.විශේෂයෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අපට තිබෙනවා.මේ මාධ්‍යවේදනියට අදාල නියෝජ්‍ය අමාත්‍යවරයා තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ඉදිරිපිට කරපු මේ බරපතල අපචාරී ක්‍රියාව අප තරයේ හෙලා දකිනවා.මේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමේ වගකීමක් ජනාධිපතිවරයාට තිබෙනවා.

මේ උදවියට රාජ්‍ය බලය ඇඟට ගහල තියෙන්නේ. තමන් එක්ක එකට වැඩ කරපු ප්‍රසිද්ධ දක්ෂ මාධ්‍යවේදනියකට මේ අයුරින් සැලකීම බරපතල උද්දච්චකමක්.බරපතල වරදක් ලෙස අප දකිනවා. ඇත්ත වශයෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවා ඔහුට එරෙහිව කටයුතු කරන්න පුළුවන් යනුවෙන්ද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

නි,ඇමැති කෙනෙක්- මාධ්‍යවේදනියකට කැත විදියට කතා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site