IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


නාය යා හැකි තැන් සිතියම් ගත කරයි

(අංජුල මහික වීරරත්න)

නායයෑම් ආපදා මඟින් බලපෑමට ලක් විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 

රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 30%ක් පමණ වන කඳුකර ප්‍රදේශය නායයෑම් අවදානමකින් යුක්ත බවත්, එය දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි පැතිරී පවතින බවත් හඳුනා ගනු ලැබ ඇත. එලෙස නායයෑම් සිදු විය හැකි කඳු බෑවුම් සහ ඒවායේ ව්‍යාප්තිය කලින් හඳුනා ගැනීමේ මූලික ක්‍රම වේදයක් වශයෙන් නායයෑම් උපද්‍රව කලාප සිතියම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කර භාවිත කරනු ලබයි. ඒ අනුව, 2023 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ නාය යෑමේ අවදානමට ලක් විය හැකි බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි නායයෑම් උපද්‍රව කලාප සිතියම් සකස් කරනු ලැබ ඇත. නායයෑමක් ආරම්භ වීමේ ලක්ෂණ පවතින කලාප පමණක් එවැනි කලාප සිතියමකින් පෙන්නුම් කරනු ලබයි. එහෙත්, නායයෑම් අවදානම් කළමනා කරණයේදී නායයෑම් ආරම්භක කලාපය, සුන්බුන් ගලායන මාර්ගය සහ සුන්බුන් තැන්පත් වන කලාපය ඇතුළුව නායයෑම මඟින් බලපෑමට ලක් විය හැකි සම්පුර්ණ ප්‍රදේශයම හඳනා ගැනීම අත්‍යවශ්‍ය වේ. 

එම තත්ත්වය හඳුනා ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ' නායයෑම් ආපදා මඟින් බල පෑමට ලක් විය හැකි සමස්ත කලාපය (Total Impact Zone) නිර්ණය කිරීම (රතු සහ කහ කලාප නිර්ණය කිරීමේ ක්‍රම වේදය භාවිතයෙන්) නමින් ව්‍යාපෘතියක් යෝජනා කර ඇත. ඒ අනුව, දිවයිනේ නායයෑම් ආපදා අවදානම අවම කිරීමේ කඩිනම් අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

නාය යා හැකි තැන් සිතියම් ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1221 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1200 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site