
(රෝෂන් තුෂාර)
කොළඹ කොටුව ට්රාන්ස්වර්ක් චතුරශ්ර ඉඩම ක්රිෂ් සමාගමට බදු දීමේදී අල්ලස් ලෙස පිරිනමන ලදැයි කියන රුපියල් මිලියන 70ක මුදල ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට දෙමව්පියන්ගේ රෝගී තත්ත්වයන් සලකා ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධතාවය පළ කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමට අද (28) පැවසීය.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂක නීතිඥ තනුජා බංඩාර මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ අල්ලස දුෂණය සාමාන්ය සුළු වරදක් නොවන බැවින් ඇප ලබාදීමට තරයේ විරුද්ධ වන බවය. අල්ලස දූෂණය ජනතා පාරමාධීපත්යයට විශාල හානියක් කරන බවත් , අල්ලස් කොමිසම පෙනී සිටිනුයේ සත්ය සහ මිලියන 22 ක් වන ජනතාවගේ පරමාධිපත්යය වෙනුවෙන් බව ද පැවසුවාය. එහෙයින් විමර්ශනයේ බරපතලකම සිතා ඇප ලබා දිමට විරුද්ධ වෙන බවද සඳහන් කළාය. සැකකරුගේ දෙමාපියන් බලා ගැනීමට වෙනම පුද්ගලයන් සිටින බවද පැවසූ වාය.
සැකකාර නාමල් රාජපක්ෂ ගේ මව ශිරන්ති රාජපක්ෂ සහ පියාවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩි රෝගී තත්ත්වයෙන් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන්නැයි සැකකාර පාර්ශවය මෝෂන් පත්රයක් ගොනු කරමින් කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් අල්ලස් කොමිසම එසේ පැවසුවාය.
නාගරික සංවර්ධන අධිකාරියට අයන් කොළඹ කොටුව ට්රාන්ස්වක් චතුරශ්රය නමැති භූමිය ක්රිෂ් ට්රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd ) පවරා ගැනීමට අවශ්ය අනුමැතින් කඩිනමින් ලබා ගැනීමට මිලියන 70 ක මුදලක් අල්ලසක් ලබා දුන්නේ යැයි කියන සමාගමේ ඉන්දීය ජාතික අධ්යක්ෂකවරුන් වන අමිත් කට්ටයාර් , රාජේන්ද්ර ප්රසාත් ගුප්තා, එම සමාගමේ අධ්යක්ෂිකා , ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන , සහ නාමල් රාජපක්ෂ සැකකරුවන්ට එරෙහි පැමිණිල්ලට මෙම විශේෂ ඇප ඉල්ලීමේ මෝෂන් පත්රය ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ලේ සිව්වන සැකකරුවන් ලෙස නම් කර ඇති නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂක නීතිඥ තනුජා බංඩාර මහත්මිය කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.
ඇප ඉල්ලීමේ මෝෂන් පත්රය ඉදිරිපත් කළ උගත් ජනාධිපති නීතීඥවරයා පසුගියදා පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ප්රකාශයක් කරමින් අද පීඩාකාරි ලෙස හැසිරෙන අය ඉදිරි දින පීඩිතයා බවට පත්වන බව සඳහන් කළා. ඔහුගේ ප්රකාශය අනුව අද "පීඩකයා" හෙට "පිඩිතයා" වෙන්න පුලුවන්. මේ කරුණ මාධ්යයේ ද ප්රචාරය වුණා. කවුද දැන් පිඩකයා ඉදිරියේදී කවුද පීඩිතයා. දැන් එතකොට පීඩතයා මම නියෝජනය කරන අල්ලස් කොමිසම නැතහොත් මේ නඩුවේ සාක්ෂිකරුවන් වෙන්න පුලුවන්. මෙම නඩුවේ සාක්ෂිකරුවන් මුල් අවස්ථාවේදි ප්රකාශ දෙන්න බිය වු අය, පසුව නාමල් රාජපක්ෂ, ජානකී සැකකරුවන් රිමාන්ඩ් වුණාට පස්සේ නොබියව ඉදිරියට ඇවිත් සාක්ෂි දුන්නා. යම් ආකාරයකින් සාක්ෂි කරුවන්ට බලපෑමක් වෙනවානම් එය යුක්ති සහගත වන්නේ නැහැ.
එම සාක්ෂිකරුවන් විසින් සත්ය ප්රකාශ කිරීමට බයක් නැහැ. යනුවෙන් පවසා තිබෙනවා. කවුද ඉදිරියේදී පීඩිතයන් වන්නේ මෙම සාක්ෂිකරුවන් ද. මව සහ පියා බලාග්න අවශ්ය බැවින් ඇප දෙන්න කියලා සැකකාර පාර්ෂවය ඉල්ලනවා. ඒ අයව රැක බලා ගන්න වෙනම අය ඉන්නවා. එක අප දන්න කාරණාක් මෙම අල්ලස දුෂණ වරද සාමාන්ය දෙයක් නොවේ. පාරමාධීපත්යයට කරන විශාල හානියක්. නිතියේ දෙවගනගේ ඇස් බැන්දා කියන කාරණාවෙන් වැටහී යනවා මිලියන 22 ජනතාව වෙනුවෙන් සත්ය වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියලා. මෙම විමර්ශනයේ බරපතලකම සිතා ඇප ලබා දිමට විරුද්ධ තාමය ප්රකාශ කරනවා.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා සිටියේ පිඩකයා පිඩිතියා සම්බන්ධයෙන් කියු කතාව අල්ලස් කොමිසම පවසන පරිදි අර්ථ දැක්වීමක් නොකළ බවය.
ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා මෙසේද පැවසීය.
අද පීඩකයා හෙට පීඩිතයෙක් බවට පත් වෙන්න පුළුවන් කියා කිසිම තැනක මම කිව්වේ නැහැ. මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා . මේ රෝදය කැරකෙනවා, ඒක තමයි මම අදහස් කළේ . අනිත් එක තොප්පිය දාගන්න අවශ්ය නැහැ. අවශ්ය නම් දාගන්න.කවුද පීඩකයා කියලා කියන්නේ, ජනාධිපතිතුමා රට වටේම ගිහිල්ලා කියනවා පම්පෝරි ගහනවා. අහවල් දවසට නඩු තීන්දු දෙනවායි කියලා . පනහක් කියලා ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා. මේදාට නියෝගය දෙනවා. රතිඤ්ඤා පත්තු කරන්න. අත්පොඩි ගහන්න කියනවා. නඩු ෆයිල් ගැන. එයලා ඉස්සල්ලාම දන්නවා. එයාලා තමා පීඩකයෝ. අල්ලස් පනත ගෙන්නේ 1954 දී. 1978 සංශෝධනය වෙනවා. 2003 අලුත් පනතක් ගෙනවා. හැමෝම කැමති අවුරුදු 76ක පැවති අල්ලස් දුෂණය නැති කරනවාට. කලින් හිටපු අධිකරණ ඇමති දන්නැහැ. නඩුව එනනන් කලින් මේ නඩුව තියෙනවා කියලා. දැන් ඉන්න අය සේරම දන්නවා. පීඩකයා කියන්නේ ඒ අය.
13 වන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පස් වන පරිච්ඡේදයේ කියලා තියෙන්නේ අධිකරණයෙන් වරදකරුවෙකු කරන තෙක් සැකකාර පුද්ගලයා නිර්දෝෂී බවයි. 13 වන ආ/ව්යවස්ථාවේ 12 වන පරිච්ඡේදයේ දක්වලා තියෙන්නේ "ආගම,කුලය,දේශය,ස්ත්රී, පුරුෂ බව සහ දේශපාලන මතය අනුව සැකකරුවෙකුට විශේෂ තත්ත්වයක් හෝ වෙනස්කමක් නොකළ යුතු බවයි. අපිට විශේෂතාවයක් එපා වෙනස්කමක් නොකර සාමාන්ය තත්වයෙන් සලකන්න.විනිශ්චකාර තුමා නරඹන්නේක් නොවෙයි.ඔබ තුමාගේ බලය කාගේවත් කැමැත්තට යට නොකර භාවිතා කරන්න. අධිකරණ බලය යටපත් කරන්න දෙන්න එපා.
මගේ සේවාදායකයා ආරක්ෂිත බන්ධනාගාරගත වෙලා දැනට දවස් 50ක් . මත්ද්රව්ය ජාවාරම් නඩු වලට මරණ දඩුවම දුන්නත්, නඩු විභාගය යන තුර ඔවුන්ට ඇප ලබා දෙනවා. මෙම අල්ලස් නඩුවට දඩුවම උපරිම අවුරුදු 10යි. ඇයි ඇප ලබා දෙන්න බැරි. තමන්ගේ අම්මාට බරපතල බයි පාස් එකක් කර තිබීම, තාත්තා හයිපෝටේන්ෂන් තත්ත්වයෙන් පෙලෙද්දී ඔවුන් අවශ්ය කටයුතු කරදීම දරුවකුගේ වගකීමක්. මං දන්නැහැ ඇයි ඒක සුවිශේෂි නොවන්නේ කියන්නේ කියලා. දැන් අලුත් දෙයක් නිර්මාණය කරලා. බෝරු ප්රකාශ 2ක් දලා. ඇප යටපත් කරන්න බැහැ කරුණු සලකා බලා ඇප ලබා දෙන්න. යනුවෙන් ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදි අල්ලස් කොමිසම කරුණු දක්වමින් බොරු ප්රකාශ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළේය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්රාත්වරයා සැකකරුට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 3 වන ඉදිරිපත් කරන බවට දන්වා සිටියේය.
මෙම නඩුවට අදාලව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ ක්රිශ් සමාගමේ හිටපු අධ්යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන මේ වනවිට නොවැම්බර් 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd