නත්තල් සමයේ ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් මුණගැසිම සදහා ජනප්‍රිය කලාකරුවන් දෙදෙනෙකු මිලානෝ නගරයට පැමිණ සිටිති.
මිලානෝ නගරයේ සිට ලංකාදීප එසෑණ හා සම්බන්ධ වු කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු අප හා කතා කළහ.
වැඩිපුරම මැති ඇමතිවරු පයගහන බිමකට පැමිණි කලා කරුවන් වන ඔබ දෙපලට ශ්‍රි ලාංකිකයින්ගේ පිළිගැනිම කොහොමද? ඇත්තෙන්ම හොද ජනතා පිලිගැනිමක් තියෙනවා. රෝමයේ පෞඩ ඉතිහාසය අධ්‍යන කරන්න දැකබලා ගන්න කවුරුත් ආසයි. නමුත් දැන් ඉතාලිය දෙශපාලන වශයෙන් හා ආර්ථික වශයෙන් කඩාවැටිමකට ලක්වෙලා.
ඔය එන අපේ මෑති ඈමතිවරුන් ආසයි කඩාවෑටෙන දේ දෑක ගන්න ඒවා ඉගෙන ගන්න.අනික දෙශපාලකයින් කියන්නේ බොහෝ විට ජනතාව අසහනයට පත් කරන ජනතාවගේ හිත් රිදවන අඬවන ප්‍රේෂර් වෑඩි කරන පිරිසක්.
කලා කරුවන් කියන්නේ ජනතාවගේ හිත් සනසන ඔවුන්ව සතුටු කරන ඔවුන් වෙනුවෙන් ජිවත් වෙන කොටසක්. කලා කරුවන් කියන්නේ ඒ වගේ සංවේදි පිරිසක්. මටයි ගිහාන්ටයි විතරක් ආවේනික වෙනමම වෑඩසටහනක් තියෙනවා. නාට්‍ය හා ගී ගායනයයි ඒ.
අන්න ඒ පැය තුනේ වෑඩසටහනත් සමගින් අපි ආවේ ඉතාලියේ ඉන්න අපේ අය සතුටු කරන්නයි. ගිහාන් ප්‍රනාන්දු, මිලානෝ නගරයේ උමන් දුම්රියක නැගලා එක නැවතුමකින් තව නැවතුමකට යනකොට අපේ අය තුන් හතර දෙනෙක් හම්බ වෙනවා.
ඒ හෑමෝම දෙපාරක් හෑරිලා අපි දිහා බලලා අපිත් එක්ක හිනා වෙන්නේ කලාකරුවන් විදියට ඔවුන්ගේ හදවත් තුල අපි ඉන්න නිසයි. රටට රට සල්ලි ගෙනියන්නේ මෑදපෙරදිග හා ඉතාලිය වෑනි රටවලිනුයි.
අන්න ඒ රටවල ඉතා වෙහෙස මහන්සි වි වෑඩකරන අපෙ අය පෑය කිහිපයකට හෝ සතුටු කරන්න පුලුවන්නම් අපි ලබන ලොකු ජයග්‍රහණයක් ඒක. අපිත් එක්ක කතා කරන්න කවුරු හරි කෑමති නම් අපේ දුරකථන අංකය ඒ අයට ලබාඅ දෙන්න. 3249047180, දර්ශන විමසිම් සදහා තුසිත කොඩිකාර 3806317719
කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු සහභාගි වන ප්‍රසංග කිහිපයක් මීලානෝ කටානියා හා මෝදනා පැවැත්විමට නියමිතය. 28 වැනිදා මිලානෝ දොන් බොස්කෝ ශාලාවේදි හා 26 වැනිදා කටානියා හා 29 වැනිදා මෝදනා නගරයන් හීදී එම ප්‍රසංග පෑවෑත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර අයියාට මිලානෝ උමන් දුම්රිය පොළකදී ලංකාවේ 'උඩැක්කි කෝලමක්' එහෙම හම්බවුනේ නැද්ද? මෙහෙ නම් ඉන්න තරමක් ඉන්නේ මේ අය තමයි.(නදී)
මමත් සෙහන්ගෙ කතාව අනුමත කරනවා.මමත් මිලානො ඉන්න කෙනෙක්.මෙහෙ ඉන්න ගොඩක් අය තමන්ගෙ කම මනුස්ස කම අදුරන්නෙ නෑහෑ සල්ලි අතට එනකොට හැමදේම අමතක වෙනවා(දිල්)
සල්ලි හොයපු මිනිස්සු ඊළඟට ආසා ප්‍රසිද්ධියටනේ. ඉතින් ප්‍රසිද්ධ මිනිස්සු යාලු කරගන්න එහෙම හැරිලා බලලා කතා කරනවා ඇති (අ)
.ඔයාල දෙන්නටම සුබ පතනවා.(අ)
ඔබ දෙපලටම ජය වේවා!සැමට සුබ නත්තලක්!(දිල්)
මා හිත් ගත් නළුවන් දෙදෙනෙක්. ඔබට සුබ නත්තලක් සමග සුබ අලුත් අවුරුද්දක්!(නදී)
කුමාර නම් මගේ යාලුවෙක්. ඒත් දෙන්නටම කියන්නේ ,ඉබ්බෝ ,කැස්බෝ,දිහා බලන්නේ නැ. උන්ගෙන් කළා කාරයන්ට අපලයි මේ දවස්වල.(නදී)
පුදුමයි මිලාන් වල ඉන්න අය මෙට්‍රෝ එකේ හරි පාරේ හරි යනකොට බලලා කතා කලා කිව්වොත්. එහේ ඉන්න අය ලංකාවේ කෙනෙක් දිහා බලන්නේවත් නැහැ. (නදී)
තිරිමාදුර සහ ගිහාන් සමග සොඳුරු සැන්දෑවක් සුනිල් අයියාගේ ලකී සෙවන් ක්ලබ් රෙස්ටෝරන්ට් එකේ පැවැත්වෙනවා. ගී ගයන්න කැමති හිතවතුන් සහ මිතුරන් විස්තර සොයාගෙන පැමිණෙන්න. (නදී)
මොනවා උනත් ඇත්තටම නළුවෝ දෙදෙනෙක් තෝරාගෙන ආරාධනා කරලා තිබීම සතුටක්.(නදී)
මිලානෝ වල ඉන්න ගොඩ දෙනෙක් ආපහු හැරිලා ලංකාවේ කෙනෙක් සමග කතා කරනවා කියන එකත් පුදුමයක්. ඔවුන් ගොඩ දෙනෙක් හරිම අහංකාරයි. අප්‍රමාණව මුදල් හම්බ කිරීම නිසාම ඇතිවුන දෙයක් වෙන්න ඇති මේක. මිලානෝ වල සමහර අයට ලන්ඩනයේද දැන් ගෙවල් තිබෙනවා. (නදී)