චීන රජයේ තෑග්ගක් ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු නෙළුම් පොකුණ රඟහලේ දී අද (15) රැස් වු ඩැඩි දෙනා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ නිදහස ලැබු රටවලින් සපැමිණියේය.
තදින් හිරු නොපායා තිබියදී ,සිහිල් සුළං රැළි වලට හසු වු ධජ පතාක ලතාවට ලෙළ දෙද්දී, විචිත්‍ර ඇදුම් වලින් සැරැසුණ යෞවන යෞවනියන් දේශිය සංස්කෘතියේ ලක්ෂණ උපරිම ලෙස විදහා පෙන්වද්දී, බිමින් රතු පලසින් ද අවට තුරු ලතාවලින් නිල් හා කොළ පැහැයෙන් ද පරිසරය වර්ණවත් කරද්දී , ශ්‍රී ලංකාවේ මෑත යුගයේ මහා මංගල්‍ය සේ සැළකෙන පොදු රද මඩුළු රාජ්‍ය නායක සමුළු නායකයෝ එහි එන්නට වුහ.
කැනඩාව , මුරුසිය පමණක් සමුළුව වර්ජනය කළේය.ඉන්දියා අගමැති මන් මෝහන් සිං නොපැමිණි නමුත් විදේශ ඇමැති පැමිණියේය.
2009 දී ත්‍රිවිධ හමුදාව හා පොලීසිය තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ ජයග්‍රහණයේ තවත් සළකුණක් සේ ශ්‍රී ලංකාව මේ සමුළුව හඳුන්වයි .එහෙත් ශ්‍රී ලංකාවේ පරණ හාම් පුතා වන බ්‍රිතාන්‍යය ද ඕස්ට්‍රේලියාව හා තවත් සාමාජිකයෝද ශ්‍රී ලංකාව දෙස වපරැසින් බලයි.
දකුණු ඉන්දියා කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාවේ දෙකෝටි දස ලක්ෂයක් වන ජනතාවගේ ප්‍රධාන මුලික අයිතිය වන ජීවත්වීමේ අයිතිය සලසා දෙන බව සමුළුවේ ඉදිරි දෙවසරේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනපති සාඩම්බර ලීලාවෙන් කියා සිටියේය.
ශ්‍රී ලංකාවට සමුළු සභාපතිත්වය භාර දෙන ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් පැවසුයේ අපදා සහිත වකවානුවකින් නැඟී සිටීමට උත්සාහ ගන්නා ශ්‍රී ලංකාව ට අදුරු යගය අවසන් කිරීමට දකුණු අප්‍රිකාවෙන් හා අයර්ලන්තයෙන් පාඩම් උගෙන ගත හැකි බවයි.
ඔහු ද බ්‍රිතාන්‍ය අගමැති ද තවත් නියෝජිතයෝ ද වක්‍ර මාර්ග වලින් පැවසුයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සම්මත කැර ගත් ප්‍රඥ්ප්තියට සාමාජික රටවල් ගරු කළ යුතු බවයි. මානව හිමිකම් සුරැකීම එහි හරයයි.
‘අප ශ්‍රී ලංකාවට පැමිණියේ තීන්දු දෙන තරමටම ප්‍රසංශා කිරීමටයි’
ශ්‍රී ලංකාව බොහෝ අපදා වලට මුහුණ දුන් රටක් බව සිය මව දෙවැනි එළිසබෙත් රැජින නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා කාගේත් නෙත් සිත් ඇදගත් චාල්ස් කුමාරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නායකයන් කරන හැමදේකටම ගරහන දුෂ්ට සිංහලයොත් තවම ඉන්නවනේ(දී)
මෙන්න මගේ උත්තම රට. ජය වේවා! (නි)
මධු, ඔබ හරි. නමුත් සැමදා ඔබ කකුලෙන් අදින නිසා ප්‍රශ්නයක් තිබෙනවා. සිංහල අපගේ උපතින්ම ජන්මයෙන් ලද නරකම දායාදය නම් මේ කකුලෙන් ඇදීමයි. මේ සමුලුත් අවශ්‍ය බව දුප්පත් ජනතාවම අනුමත කරනවා. නැවැත්විය යුතු වන්නේ වංචා , මත්පැන් කුඩු... (නි)
ලොකු ආඩම්බරයක් මගේ රටට (නි)
මම නම් කියන්නේ මේකට කියන්නේ "ලෝකෙට පරකාසේ,ගෙදරට මරගාතේ" කියලා. අපි ලෝකෙට පේන්නන්න ඕනෑ උත්සව විතරක් නෙමෙයි. අපේ රටේ නිෂ්පාදන. ඇමෙරිකාවට ඇපල්,ගූගල් තිබෙනවා. ජපානයට ටොයෝටා, කොරියාවට සැම්සුන්. අපි මොනවද කරලා තියෙන්නේ? (නි)
ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මැතිදුනි, අප රටට පැමිණීම හා අපේ රට ගැන කතා කිරීම සම්බන්ධව හා අනික් රාජ්‍ය නායකයන්ට සමුළුව වර්ජනය නොකර එයට පැමිණෙන්න යැයි කීම ගැන ඔබතුමාට ස්තුතිය පුද කරමි. (නි)
අපි පිටරට හිටියත් හරිම ආඩම්බරයි (නි)
අපි පිටරට සිටියද ලාංකිකයින් ලෙස ආඩම්බර වෙමු (නි)
අපේ මවුබිම දිනවන්න හදද්දී නරියෝ සුපුරුදු ලෙස හූ හඩේ (නි)
මේ මුදල් දුප්පත් ජනතාව නගාසිටුවීම සදහා යෙදුවානම් මොකද වෙන්නේ? (නි)
පින්බර අපේ ලක් දෙරණට පැමිණි සැමදෙනාටම අපගේ උත්තමාචාරය! (නි)
සිරිබර සිරිලක අපේ මවුබිමට ජයයි. පිනිබර උදැසන සුපිපෙන මල් සුවඳයි.පින්බර අප සැමට සැමදා බුදු සරණයි. පවුකාර ඇති එවුන් කවදත් කට දොඩවයි. (නි)
ලංකාව ගැන ඇත්තටම සතුටුයි. කව්රු මොනවා කිවුවත් ඉන්දියාව කාගෙවත් රූකඩයක් වුණත්, ලංකාවට ආ සියලු දෙනාටම ස්තුතියි. දැන්නවත් ලංකාව කියන්නේ මොකක්ද, යුද්දෙන් පස්සේ රටේ සංවර්ධනය කොහොමද, උතුරේ ජනතාවට සිංහල රජය කොතරම් ගෞරවයෙන් සළකනවද කියලා සියලු නායකයන්ට පෙනෙන්න ඇති. අපි ගැන දැන්වත් ඇත්ත කියන්න. ලංකාව මේ ලෝකේ තියන යුද්ධයක් ඉවර කරමු සාමයෙන් ජීවත් වන සිංහල මිනිස්සු ඉන්න රටක් කියලා ලෝකයට ගිහින් කියන්න. මේ සමාරම්භක උළෙලෙන් සිංහල අපේ අභිමානය ලංකාවේ අභිමානය මැනවින් පෙන්වලා තිබෙනවා. සජීවීව බලන්න බැරි වුණ එක ගැන දුකයි. (නි)
ලොවෙන් වඳ වී යන ජාතියක් වශයෙන් සිංහල ජාතිය 19 වෙනි තැනටත් ලොවේ අසර්ථක රජ්ජ්‍යක් ලෙස බටහිරයන් නම් කර තිබු මෙම රට නැවත ප්‍රෞඩ රටක් ජාතියක් බවට පත්කළ රාජ්‍ය නායකයා ඇතුලු සියලු හමුදාවන්ට පින්සිදු වෙන්නට කොන්දක් නැති බටහිර ගැත්තෙක් හිටියනම් චෝගම් වෙනුවට අදත් මළමිනී ගනිනවා (දී)
මදුගේ අදහස නිකන් කන්න දෙන්නද හොයාගෙන කන්න පුරුදු වෙන්න(දී)
අපේ රට සුන්දර,ලස්සන රටක් කියල හැමෝම දැනගන්න ඇති.ලස්සන දරුවෝ.....,ලස්සන කලාකරුවෝ....,මොන කැපවීමක් කරලා තිබුනද? සමුළුව වෙනුවෙන් ඇප,කැප උන හැමෝටම අපේ ප්‍රණාමය! (දී)
මගේ රටට දළදා හිමි සරණයි.... මගේ දැයට දළදා හිමි සරණයි ....(අ)
රත්නසිරි මම ඔයාගේ කීම බොහෝ අගය කරනවා (දී)
මගේ ලංකාවට තෙරුවන් සරණයි! (නි)
බල්ලන් කෙතෙක් බිරුවත් , තවලම ඉදිරියට යති (දී)
මේ සමුළුව දුප්පත් ජනතාව නගා සිටුවන්න ඉමහත් සේවයක් වනවා. මධු,පටු විදියට නොසිතන්න. මෙයින් අපට ලැබෙන ගොඩක් දේවල් තිබෙනවා. බත් පැකට් එකම ගැන විතරක් සිතන්න එපා (නි)
දුප්පත් එකාගේ මුදලින් වැජඹෙන්න.. ගෝඩි ලියකමින්, ඇඳුමෙන් සරසන්න.. සිය කෝටියක් දන කුසගින්නේ ඉන්න.. රටවල චෝගම් නායක රූකඩ මෙන්න.. (දිල්)
හිතට නැගෙන ආඩම්බරකම කියා නිම කරන්න බැහැ, ලාංකිකයකු වශයෙන් මේවා දැක්කම. (නි)
බණ්ඩාර යුඑස්ඒ, කන්න කඩ නැතුව ගියත් මොකක්දෝ කිරි බත් කිවුවලු.ලොකු අය සැණකෙළි නටනවා ජනතාව දවසින් දවස කබලෙන් ලිපට.රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වයනවා වගේ ....සැණකෙලි ඉවර වූ ගමන් මේ ජනතාවට මරු පහරක් වදින්නේ. (නි)
ඉස්සල්ලම මම හිතුවේ චෝගම් කියන්නේ චීන කෑමක් කියල ?(දී)
හරිම ලස්සනයි (නි)
අපි මොනවද කරලා තියෙන්නේ?ඔය කරලා තියෙන හරිය මදිද?තව ඕනෑ නම් ලබන "අයවැය"එනකම් ඉවසන්න බැරිද? (නි)
දෙවැනි වතාවටත් ඉන්දියාව සහ ත්‍රස්තවාදයත් පැරදුනා.අපිට ලොකු ආඩම්බරයක්. (නි)
නල්ලතම්බි, කාපු සිංහල කෑම මදිද ? (දී)
හරිම ලස්සනයි. වාසනාවන් මගේ රට වාසනාවන් (දී)
බණ්ඩා , සැණකෙළිය අවස්න වුණාම බලන්නකෝ. මොකද මේවගේ වියදම් පොදු ජනතාව ගෙවන්න වෙනවා වගේම බෙන්ස් කාර් බෙදාගන්න ඇමතිලා මරා ගන්නවා (නි)
කන්න කඩ නැතිව ගියත් මොකක්දෝ කිරි බත් කිවලු .මහා එවුන් සැණකෙළි නටනවා ජනතාව දවසින් දවස කබලෙන් ලිපට .රෝමය ගිනි ගනිද්දී නීරෝ වින වයනවා වගේ ....සනකිලි ඉවර උන ගමන් මේ මෝඩ ජනතාවට මාරු පහරක් වදින්නේ (අ)
අර අළුතින් ගෙනාපු එස්500 බෙන්ස් කාර් සහ නිසාන් කාර් කන්දරාවට මොකද වුණේ?අපේ මුදල් නිසා අපිට අහන්න අයිතියක් තියෙනවා නේද? (නි)
රටවල් හතලිස් නවයක රාජ්‍ය නායකයන් ඇතුළු විදේශීය අමුත්තන් පිරිසකට මෙතරම් ලස්සන පිළිගැනීමක් සහිතව ආගන්තුක සත්කාරයක යෙදෙන්නට අප රටට අවස්ථාවක් ලැබීමම මොන තරම් භාග්‍යයක්ද? මහා බලවතුන් යයි කියාගන්නා දහසක් දෙනාගේ කෙනෙහිලි කම් මැද මෙතරම් දෙයක් සංවිධානය කර ගැනීමට තරම් එඩිතර වීර්යක් ඇති අපේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් හට අපි උත්තමාචාර කරමු. (දී)
හැම දෙයක්ම හරිම ලස්සනට සැලසුම් කරලා. ඇත්තටම මේක රටට හොද අවස්ථාවක්. (දී)
ශ්‍රී ලංකාවට මගේ සුබපැතුම්! ලංකාවට පා තැබූ ටෝනි අබ්බෝට් මැතිතුමා ඇතුළු රාජ්‍ය නායකයන්ට ස්තුත්යි !(අ)
චෝගම් ද ? චුවින්ගම් ද? සුද්දන්ට කෙල්ලෝ පෙන්නලා වැඩක් නැහැ. එහෙ ඉන්නේ එළියේ ඉන්න අය. අපිත් එක්ක නිතරඟයෙන් දිනනවා. (දී)
සේදමාවතේ මුතුපට වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නි)
යු ඒස් ඒ මධුලාවාගේ බත්පැකැටි ඒකට කහින අයට ඔවාතේරෙන්නේ (අ)
මධු කුහක වෙන්න එපා. ලෝකයත් එක්ක එකට ගමන් කරනවා මිස හුදකලාවී ජිවත් විය නොහැකි බව මතක් කර දෙන්නට කැමතියි. ගහක පල නෙලන්න බීජයක් සිටවා වතුර පොහොර දමා සාත්තු කල යුතුයි. ක්‍රියාවක් තුල ප්‍රති පලයක් ඇත. මේ සමුළුවේ ප්‍රතිලාභ ඉදිරි කාලයේදී අත්විදින්න ලැබේවි. එතෙක් ඉවසන්න.(අ)
නීල් රනෝ,මට තේරෙන විදිහට නම් ඔයා වාඩිවෙන්නේ ඔයාගේ ඔලුව උඩ.එහෙම වුණහම මොළේ හැමවෙලේම බරක් උසුලගෙනනේ ඉන්නේ. දෑසට පෙනෙන්නේ නොපෙනිය යුතු දේ, කනට ඇසෙන්නේ අප්‍රසන්න හඩ,නාසයට දැනෙන්නේ විෂ වායු ගද, දිවට දැනෙන්නේ අසුචි රස,එහෙම වුණාම අනික් හැමෝම හිතන,දකින විදිහට වඩා වෙනස් විදිහට තමයි හිතන්නේ පතන්නේ. ඉතින් අපි ඔබට අනුකම්පා කරනවා (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
මගේ රටට සැමදා ජය ! ඉහල ආත්මාර්තකාමී අදහස් දමා ඇති මිනිසුන්ට ඇස් ඇරේවා, මේ අත්වෙන දියුණුව දකින්නට මොලය පෑදේවා. (දී)
මගේ රට ගැන හරිම ආඩම්බරයි (නි)
මධු සහ මෙයට විරුද්දව දේශපාලන කන්නාඩි වලින් බලල අදහස් දාපු අය ගැන ලැජ්ජයි. මෝඩ කමට බෙහෙත් නැතෙයි කියනවා නේ? මේක ලංකාව ලබපු ලොකු ජයග්‍රහණයක්. දේශපාලයේදී මොන වැරැද්ද කලත් මෙහි ජනාදිපති තුමා නියෝජනය කරන්නේ එතුමාගේ පක්ෂේ නෙමෙයි, ලංකාව. අපේ මාතෘ භුමිය. මේවා යන අතරේ තවත් පිරිසක් අනික් පැත්තෙන් කරපු වැඩෙත් දන්නවා නේ? අංක 4 කියල කට්ටියක් එක්ක එකතුවෙලා නටපු නාඩගම ගැන මේ බනින උදවිය කියන්නේ මොකක්ද? නිල් රනා මෙතන එකම අදහස දාල කවි ලියල නිකන් පුස් පොරක් වෙන්න හදනවා. රනාට බැරිද ඔය ලංකාවට විරුද්දව යන අයට කවියක් ලියල දාන්න? (දී)
උත්තරල... මධුල..ඇත්තටම ඔයගොල්ලන්ගේ ඔළුගෙඩි මොනවගෙන්ද පිරිලා තියෙන්නේ ...? කන්න නැතිනම එසැනින් අපිට ලියන්න ..අපි කන්න දෙන්නම් ...? එත් මේ වගේ ..දහසකුත් ..කුරිරු කම් මැදින් ..වැදගත් විදීයට ගොඩාක් කැපවීමෙන්... රට වෙනුවෙන් යමක් කලේ ...ඒ අපි හැමෝම වෙනුවෙන් මේ හැමෝම ..ඉදිරි පත් උන අය..ඉතාම අලංකාරව වැඩසටහන කළා ..එත් ඔයාලට මන මාල කමයි ..කන බනෙයි හැර වෙන මොකවත්ව දකින්න තිබුනේ නැද්ද ඔතනින් ...? (දී)
චීනෙන් ඔච්චර ලොකු දේවල් අපිට තෑගි දෙන්න අපි කොච්චර වටිනවා ඇද්ද?නේද? (දී)
මේවා අපේම සල්ලි නේද? (දී)
මේවා දකින්න අපි ගොඩක් වාසනාවන්තයි කියල හිතෙන්නේ නැද්ද මදු (දී)
ඇත්තමයි පුදුම ආඩම්බර කමක් හිතට දන්නේ මගේ පුංචි රටේ මේ තරම් දේවල් කරනකොට ඔටුන්න හිමි කුමාරය ඇතුළු සියලුම් රජය නායකයෝ අපේ ලක් දෙරණට පිලිගන්නවා (දිල්)
ගුනේ - ඔබ හරි. සමහරු හැම දෙයකටම දේශපාලනය ගාව ගන්නවා. මොනවා කරත් ඔවුන්ට එය වැරදි. නිකන් බොරුවට අරකට වියදම් කරන්න තිබුන මේකට වියදම් කරන්න තිබුන. අපිට මොන ආර්ථික ප්‍රශ්න තිබුනත් අපේ අලුත් අවුරුද දවසට අපි කොහොම හරි සල්ලි වියදම් කරලා අලුත් ඇඳුම් අඳිනවා කෑම බීම වලට වෙනදාට වඩා වියදම් කරනවා. ප්‍රශ්න තියනවා කියල අපි අවුරුද්ද සමරන්නේ නැතිව ඉන්නේ නැහැනේ? ඉතින් මේකත් ඒ වගේ තමා වැදගත් දේවල් වලටත් රටට හිතකර දේවල් වලටත් මුදල් වියදම් කරන්නම වෙනවා. (දී)
ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර ඇති නෙලුම් පොකුණට දියුණු රටවල ඇති ලක්ෂණ රඟහල් සමග වුවද තරඟ කළ හැකියි. නෙලුම් පොකුණ උසස් නිර්මාණයක් යනු මගේ හැඟුමය. ලස්සන රඟහලකට අවශ්‍ය සෑම අංගයක්ම, සෑම සැප පහසුවක්ම හොඳින් සිතාබලා සුදුසු අයුරින් ගොඩනඟා ඇති නෙළුම් පොකුණ අභ්‍යන්තරයෙන්ද දක්වන්නේ අති සුන්දරත්වයක්ය. නෙළුම් පොකුණේ නිර්මාණකයෝ මෙන්ම එය ගොඩනැඟූ කම්කරුවෝද නෙළුම් පොකුණට තම දක්ෂතාවයන් උපරිමව යොදා ඇති බව මේ අලංකාර පිංතූර වලින් පෙනේ. නෙළුම් පොකුණ රඟහල දැකීම පවා නෙත සිත පිනවන්නකි.(දී)
ඊයේ මැදියමේ දොලහට පොලීසියෙන් මිනිසුන් ආව නිවසට මගෙ විකාරයෙන් කපලා කලු කොඩිය අරගෙන ගියා හොරෙන් මෙහෙමද හැසිරෙන්නෙ චෝගම් අනාථයින්(දිල්)
මගෙත් උණුසුම් සුබ පැතුම්, මගේ නිජබිමට..!!! ජයවේවා.., බඩගොස්තරේ,ගැනම හිතන අයට නම් මේවා විකාර වගේ පෙන්නේ නේද......?(දී)
අපේ රට ගැන විශාල අභිමානයක් දැනෙනවා යම් අයෙකුට එසේ නොදනේනවානම් ..ඔහු ඒ රටට ආදරය කරන යෙන් නොවේ දේශපාලන කෝන වලින් නොබලා හොඳ දේ හොඳම බවකියන්න අප බුද්ධිමත් විය යුතුය ..ජය ජය ශ්‍රී ලංකා (දිල්)
ඊයේ මැදියමේ දොලහට පොලීසියෙන් මිනිසුන් ආව නිවසට මගෙ විකාරයෙන් කපලා කලු කොඩිය අරගෙන ගියා හොරෙන් මෙහෙමද හැසිරෙන්නෙ චෝගම් අනාතයින්(දිල්)
76, මැතිනියගේ කාලේ මේ වගේ සමුළුවක් තිබුනට පස්සේ දැන් 2013 එත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරමුණු කරගෙන .රටේ මිනිස්සු මේවා ගැන හිතන්න ඕනේ ඔය යු.එන්.පි. එක මහා ලොකුවට කැ ගැහුවට මොනවද කරලා තියෙන්න රටට ආඩම්බරයක් වෙන දෙයක් . ඒ ඉතිහාස වෙන්න කරලා තියෙන එකම දේ පාරවල් වල මිනි මරපු එක විතරයි .ලැජ්ජාවේ වගේම මුණ දෙන්න බැරි කමට මෙතනට ඇවිත් නැහැ (දී)
අලියෝ සිටිති විලංගු ලා දෙපා බැඳ.. ගොව්වෝ වකුටුවී දුක්වෙති ඔවුන් මැද.. සුද්දෝ සතුටු වෙති කා බී නිකම් ලද.. අයියෝ සතුටු වෙන්නද මම හඬන්නද..?(දී)
ආරම්භක උත්සවය හරිම අපුරුවට තිබුන.අපේ තරමට ඉහටත් උඩින්.(දී)
විදෙස ගත තනි වී ඉන්න අපිට අපේ රටේ සිරියාව දැක්කම ඇස්වලින් සතුටු කදුළු ගලා හැලෙනවා (දී)
මේක අපේ රට..අපි ආඩම්බර නොවී කවුරු ආඩම්බර වෙන්නද...රටක් වශයෙන්,ජාතියක් වශයෙන් ..සතුටු වීමේ කලයුත්තේ.. ප්‍රශ්න ගැන පසුවට හිතන්න..තියෙන දේ ගැන සතුටවන්න..සැරදේ ලක්මුනි..!!!!!!!!!! (දී)
සැණකෙළිය ඉවර උනාම මලකෙලිය පටන් ගන්නවා .මොකද මේවගේ වියදම් පොදු ජනතාව ගෙවන්න වෙනවා වගේම බෙන්ස් කාර් බෙදාගන්න ඇමතිලා මරා ගන්නවා (දී).
කවුරු බැන්නත් මම නම් බනින්නේ නැහැ (දී)
අපේ රට දිහා මුළු ලෝකෙම බලන් ඉන්න මේ වගේ වෙලාවකදී මේ කරන ඉදිරිපත් කිරීම් කොයිතරම් වටිනවද .මේ නිසා අපේ රටට ලැබෙන පිළිගැනීම්,ගෞරවය ,ආයෝජන,සහ වෙනත් ආර්ථික වාසි කොයිතරම්ද .ඒවාගේ ප්‍රතිලාබ ලැබෙන්නේ අපේ අනාගත දරුපරපුරට .ජයවේව මගේ මව්නි දයාබර ශ්‍රී ලංකා ....!(දිල්)
ශ්‍රී ලාංකිකයකු ලෙස හිතට දැනෙන ආඩම්බරය කියන්න මට වචන නැ ... මගේ රට සැමදා දිලේවා . මගේ රටට දළදා හිමි සරණයි! . (දී)
ඩයස්පෝරාවට (මෙතැනත් ඉන්න සමහරක් අයට )කුලී බත් බැලයන්ට මේවා ඇස්වලට කටු අනිනවා වගේ ඇති .(දිල්)
ඉන්දියානු ව්‍යාප්ත වාදය බංගවේවා. මන්මෝහන් නැතිවට ඔය ඔක්කොම යස අගේට තියෙන්නේ. (දිල්)
ශ්‍රී ලාංකිකයෙක් හැටියට මටනම් හරිම ආඩම්බරයි .ගුනේගේ කතාව හරි.(දී)
ලස්සනයි ....චාර්ල්ස් කුමාරයා සහ රාජ්‍යනායකයන් අසුන්ගෙන සිටින වේදිකාවේම සංදර්ශනය ඉදිරිපත්කිරීම නොගැලපෙන දෙයක් ලෙසයි මට පෙන්නේ. වේදිකාව ඉදිරිපස ඉන්නා අයට හොදින් පෙනුනත් වේදිකාවේ ඉන්නා අයට වැඩිපුරම පෙන්නේ ඉදිරිපත් කරන අයගේ පිටිපස්ස. (දී)
කැනඩාව, මුරුසිය පමණක් නොවෙයි එක්සත් ජාතික පක්ෂයත් සමුළුව වර්ජනය කලා. අනේ අපොයි ඉතා හොද අවස්ථාවක් මග හැර ගත්ත. එක්සත් ජාතික පක්ෂයේ පැන්ෂන් යන්න ඉන්න ඔය ලෝකන්න්ට නැවත කවම දිනකවත් මෙවන් අවස්ථාවක් උදාවෙයිද? ආණ්ඩුවක් පිහිටලා වෙනත් රටක තියෙන සමුළුවකට රට නියෝජනය කරමින් රාජ්‍ය නායකයා ලෙස සහබාගි වීමත් හීනයක්ම තමයි. පස්සේ මේ ගැන පසු තැවෙන්න වෙයි.(දී)
අර හාදය අනුරාධපුරේ ඉදන් ආපු වැන් එකද තියෙන්නේ(දී)
අලියෝ සිටිති විලංගු ලා දෙපා බැඳ.. ගොව්වෝ වකුටුවී දුක්වෙති ඔවුන් මැද.. සුද්දෝ සතුටු වෙති කා බී නිකම් ලද.. අයියෝ සතුටු වෙන්නද මම හඬන්නද..?(දී)
විශිෂ්ඨයි මහරජාණෙනි (දී)
මඩුල තම ලිදේ ඉන්න මැඩියෝ වගේ (අ)
]මට හරි ආඩම්බරය් මගේ රට ගැන (අ)
අලියෝ සිටිති විලංගු ලා දෙපා බැඳ.. ගොව්වෝ වකුටුවී දුක්වෙති ඔවුන් මැද.. සුද්දෝ සතුටු වෙති කා බී නිකම් ලද.. අයියෝ සතුටු වෙන්නද මම හඬන්නද..? (අ)
මෙතන හැමෝම මානව අයිතිවාසිකම් ගැන ඉහළින් කතාකරනවා.බොහෝ විදේශීය නායකයෝ අපිට මානව අයිතිවාසිකම් ගැන උගන්වන්න හදනවා. ඒ අතරේ අපේ රටේම අය තමන්ගේම රටට කෙනෙහිලිකම් කරනවා. ඔය මානව හිමිකම් ගැන කෑගහන කව්රුත් 88/89 සිංහල කොල්ලෝ ලක්ෂ ගණන් අමු අමුවේ මරනකොට කට ඇරියේ නැහැ. අපි හැමදාමත් ලෝකේ බලවත් ජාතියක්. වෙන කිසිම ජාතියකට කරන්න බැරිවුණ බොහෝ දේ අපි කරලා තියෙනවා. එහෙත් අවාසනාවට සුළුතරයකට තමන්ගේ මාතෘ භුමිය ගැන ආඩම්බර වෙන්න බැරි තරමට කුහකකමෙන් සහ ගැතිකමෙන් හිත් පිරිලා. කොහොම වුණත් ජාතියක් විදියට අපිට ආඩම්බර වෙන්න මේ සියල්ල අති සාර්ථකව නිම කළ ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි (නි)
දෙපැත්ත කන මධුගේ අදහස් නම් විශ්වාස කරන්න බැහැ. (නි)
මගේ රටට හා නායකයන්ට සුබ පතනවා! (අ)
දැන් කරන්න දෙයක් නැහැ (නි)
නෙලුම් පොකුණේ පින්තූර ටිකකුත් දාන්නකෝ. (නි)
තෑගි ලෙස අපේ අලි ටික නම් දෙන්න එපා. (දී)
මුල්ම ඡායාරූපය නම් හරිම ලස්සනයි (නි)
මේවත් තිබෙන්න ඕනෑ සංවර්ධනය වගේම (නි)
හරිම ලස්සනයි. මගේ රට ගැන මට හරිම ආඩම්බරයි. සියථම රාජ්‍ය නායකයන්ට ස්තුතියි....!!(දී)
නිදහස් නිවහල් ශ්‍රී ලංකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. (නි)
මධූ, මේවා කරන එක හොද නැද්ද? (නි)
රටක් වශයෙන් ගොඩක් සන්තෝෂයි (නි)
ඊයේ හදවටට දැනුනා අපි පින් කර ඇති බව,මෙවන් උතුම් නායකයෙක් ලබන්න. දළදා හිමි සරණයි (නි)