වාහන නළා අධික ශබ්දය පරිසර දුෂණයක් බැවින් වාහන නලා නීති රෙගුලාසි පිළිබඳව මහජනතාව රියදුරන් සහ පොලිසිය දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැරසෙයි.
සිකුරාදා (20) පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා කොළඹ කොටුව ප‍්‍රධාන බස් නැවතුම් පොළ බැස්ටියන් මාවත හා ගුණසිංහපුර බස්නැවතුම් පොළ ආශ‍්‍රිතව බස්රථ නළා ශබ්දය මැනීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව එම අධිකාරිය පවසයි. ප‍්‍රමිතියෙන් තොර නළා ඉවත් බව අධිකාරිය සඳහන් කරයි.
රාජගිරිය කාසල් වටරවුම කැළණිතිස්ස බලාගාර වටරවුම හා වැල්ලවත්ත ගාලූපාර ආශ‍්‍රිතව වාහන නළා මගින් නිකුත් කරන අධික ශබ්දය පරිසර දුෂණයක් බව අත්පති‍්‍රකා මගින් ජනතාව දැනුවත් කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.
ජාතික පාරිසරික පනත යටතේ අංක 1737 / 37 දරණ ගැසට් නිවේදනය මගින් වාහන නළා සඳහා ප‍්‍රමිතී පනවා තිබුණ ද රියදුරන් අධික ශබ්ද සහිත නළා නාද කිරීම ශ‍්‍රවණ ආබාධ , මානසික ආතතිය, අධික රුධිර පීඩනය , දෛයිනික කටයුතු වලට බාධා වීම රිය අනතුරු ඇතිවිමේ හැකියාව ද ඉහළ යතියි කියති.
මධ්‍යම පරිසර අධිකාරිය සමඟ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව , ශී‍්‍ර ලංකා පොලීසිය , කාර්මික තාක්ෂණික ආයතනය හා ජනමාධ්‍ය ආයතන ද මේ වැඩපිළිවෙළ සාර්ථක කැර ගැනීමට සහාය දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍ය කාරණයකට ඇරෙන්න ශබ්ද විකාශනය නවත්වන්න ඕනෑ. දුර ගමන් විතරක් නෙමෙයි, ඕනෑම බස් රථයක සිංදු ඕනෑ නැහැ. සිංදු අහන්න ඕනෑ අයට පෞද්ගලිකව උපකරණ ගේන්න පුළුවන්නේ. ශබ්ද දූෂණය අඩුවුණාම අපේ මිනිසුන්ගෙ ආවේගය, ක්ෂණික කෝපය එහෙමත් යම්තරමකට අඩුවෙයි. (නි)
ඕක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ දුර ගමන් බස් වල කන පැලෙන්න දාන සින්දු. ඔක්කොටම කලින් ඒක තහනම් කරලා ඉන්න. පැය හතක් අටක් කන පැලෙන්න සද්ද අහගෙන යන එක පුදුමාකාර වේදනාවක්. (ර)
ජනකගේ අදහසට මමත් එකඟයි. (ර)
ජනක, හරියටම හරි වෙන්න ඕන ඒකයි. (ර)
ගේනකොටම තහනම් කලානම් ඉවරයිනේ. (ර)
ජනකගේ අදහස හරි. දුර ගමන් යන බස් වල පුදුම කරදරයක් විදින්නේ මින්නිස්සු සල්ලිත් දීල ශ්‍රවන අබාද හදා ගන්නවා. (ර)
කන් දෙක පැලෙන තරම් ශබ්දෙන් රේස් කර කර වැඩ දම දමා උඩින් යන මෝටර් සයිකල් ගෙවල් ඇතුලේ ඉන්න අපිටත් හිරිහැරයක්. ළමයෙකුට පාඩම් කරන්න බැහැ. නිවුස් ටිකක් බලන්න බැහැ .කරුණාකරලා ඒකටත් විසඳුමක් දෙන්න. (ර)
ඒක නම් හොඳ දෙයක් (නි)
හොද වැඩක්..ඒ වුනාට..අර මුළු ගමටම ඇහෙන්න ශබ්ද විකාශන වලින් කෑ ගහන ඒවත් නතර විය යුතුයි..කනක් ඇහිලා ඉන්න නැ..නිදා ගන්න නෑ..මල කරච්චලේ..ඒ වුනාට පිරිත් දාන ඒවා තමා හැමෝම නතර කරන්න හදන්නේ..(බ)
එතකොට පිටුපස එන වාහන වලට ඉඩනොදී පාරම බදු අරගෙන යන වාහන වලින් ඉඩ ඉල්ලාගන්න ක්‍රමයක් නැත්තටම නැතිවෙනවා. අද උදෙත් ඔරුගොඩවත්තේ එක මංතීරුවක්ම එහෙම හිරකරගෙන හිටියා කට්ටිය. නළාව ගහනකොට සද්දේ වැඩියි කියලා බනිනවා. ඒත් අනිත් මිනිහට වෙන අපහසුතාවය/පරක්කුව හිතන්නේ නැහැ. එතන හිටපු පොලිසිය බලා ඉන්නවා. එයාලා ඉන්නේ කෙනෙක් කහ ඉර පනින වෙලාවට වැරදිලාවත් වාහනයක් ගියොත් දඩයක් ගහන්න. නැතුව මහජනයාට ගමනාගමනය පහසු කරන්න නෙමෙයි වගේ. (නි)
හොඳම හොඳ වැඩක්. (ර)