IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිහාල් ප්‍රනාන්දු බලන්න ගයන්ත යයි

වසර 42ක පමණ කාලයක් ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් තම ජීවිතය කැප කළ වත්මනෙහි අසනීප තත්වයෙන් පසුවන ප‍්‍රවීණ රංගධර නිහාල් ප‍්‍රනාන්දු ගේ සුවදුක් බැලීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඒ මහතාගේ බොරලැස්ගමුවේ නිවසට ගියේය.

1973 වර්ෂයේ සුභ සහ යස නාට්‍යයෙන් නාට්‍ය ජීවිතය ආරම්භ කර ඇති නිහාල් ප‍්‍රනාන්දු මහතා දැනට හෘදයාබාධයකින් පෙළෙයි. දරු දෙදෙනකුගේ
පියෙක් වන ඔහු අද ඉතා අසරණ තත්වයකට පත්ව සිටී.

කලාවට ඇති ආදරය නිසාම 1996 වසරේ දී ඔහු ,අමාන්තය චිත‍්‍රපටය නිෂ්පාදනය කළේය. තමාට අයත් නිවසය බැංකුවට  උගස්කර ලබාගත් මුදල ඔහු එයට
වියදම් කළේය. කාලයාගේ ඇවෑමෙන් අසරණ වූ නිහාල් ප්‍රනාන්දුට ජනමාධ්‍ය ඇමැතිවරයා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ අනුග‍්‍රහයෙන් මූල්‍යමය ආධාරයක්ද පිරිනමන ලදී.

nihal_2015111501 nihal_2015111502 nihal_2015111503



අදහස් (0)

නිහාල් ප්‍රනාන්දු බලන්න ගයන්ත යයි

ටෙනිසන් Sunday, 15 November 2015 03:26 PM

නිහාල් ප්‍රනාන්දු මහතාට 100 යි. ප්‍රදර්ශන වියදම 1000 යි (බ)

:       0       1

ධනුෂ්ක Monday, 16 November 2015 04:17 AM

අගය කළ යුතු දෙයක් (ම)

:       0       0

සේන Sunday, 15 November 2015 05:15 PM

නිහාල්ට වඩා ඉහ වහා ගිය සතුටක්නේ මෙතුමාට තියෙන්නේ. (ර)

:       0       0

සුජී Monday, 16 November 2015 06:06 AM

මේ ගයන්ත ඇමැතිතුමාත් එක්ක ඉන්නේ කවුද කියා අපි දන්නවා... මෙයා ආන්ඩු මාරුවත් එක්කම සෙට් වෙලා,, දෙයියන්ගේ පිහිටයි ඈමතිට.... කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කෑවා.. තේ ශක්ති අරමුදල කෑවා.... හොයලා බලන්න... ජනතාවගේ මුදල් ඕවා.... ඔය දෑන් නිල් පාට ඇඳගෙන ඉන්නේ...(බ)

:       0       0

අංගොඩ ලාල් Monday, 16 November 2015 06:16 AM

කව්රු මොනවා කිව්වත් මේක හොඳ සාධනීය ක්‍රියාවක් හැටියටයි මට නම් පෙනෙන්නේ . හිටපු ජනාධිපති මේ වගේ වැඩ කලා ඡන්ද කාලවලදී හුදු ප්‍රචාරය සඳහා , ඒත් ඡන්දයකුත් ළඟ නැති නිසා මෙය අවංකවම කරපු සත්කාරයක් නේද ? (ස)

:       0       1

සී.කේ.ලංකාපුත්‍ර‍ Monday, 16 November 2015 01:00 AM

මේවා බලන සමහර අයගේ ඇහේ කටු ඇනෙන්න වගෙයි. අදහස් වලින්ම ඒ වග පෙනෙනවා. (නි)

:       0       0

නාමල් Monday, 16 November 2015 01:20 AM

ඔහුට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ලාල් Monday, 16 November 2015 01:49 AM

ඇත්තටම ඔහු බලන්න යාම අගය කරනවා. ඒක එතුමාගේ යුතුකමක්. (නි)

:       0       0

මුරලි Sunday, 15 November 2015 01:21 PM

ක්‍රියාව යහපත් එ්ත් බොරු කුමටද ....සංදර්ශන නොව වැඩ කරන්න (බ)

:       0       0

ලංකා Monday, 16 November 2015 03:29 AM

මහින්ද මහත්තය ඉස්සර දාපු ඇඩ් එක්ක මේවා මොනවද (රේ)

:       0       0

උපාලි Sunday, 15 November 2015 02:08 PM

කැමරා සහ මාද්‍ය උපකරණ සමග මෙය සිදුවුන බව රුප රාමු වලින්ම පෙනේ. නිහාල් ප්‍රනාන්දු මහතාට අපි නිරෝගී සුවය පතමු.! (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 17 November 2015 05:39 AM

සුජීගේ අදහස මම අගය කරනවා.හොරකම ඒකාධිපති පාලනයේ හෝ වේවා, යහපාලනයේ හෝ වේවා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. (නි)

:       0       1

තිලක්-ඩුබායි Tuesday, 17 November 2015 05:43 AM

අසරණ කෙනෙකුට පිහිටවීම හොඳ ක්‍රියාවක්. එයට ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site