නැගෙනහිර පළාතේ ජාතීන් අතර සමගිය නැති කිරීමට දෙස් විදෙස් බලවේග උත්සාහ කරතියි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීය.
නැගෙනහිර සමගිය රටේ ස්ථාවරත්වයට ඉතා වැදගත් බවත් විජේවික්‍රම මහතා කීවේය.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ රාමසාන් උපවාසය අවසන් කර ආහාර අනුභව කරන ඉප්තාර් උළලේදීය.
නැගෙනහිර මහ ඇමැති අබ්දුල් මජීඩ් මහතා ඇතුළු මැති ඇමැතිවරු ද, රාජ්‍ය නිලධාරීහු ද එම උළෙලට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන්ත්‍රණය ගැන අපිත් කලින්ම කිව්වා. (නි)
මේකට හේතු වන සාම්ප්‍රදායික යහපත් ජනතාව නොමග යවන අන්තවාදී සංවිදාන ලංකාවේ තහනම් කරන්න.එතකොට නැගෙනහිර ජාතික සමගිය රැකේවි. (නි)
එහෙනම් එතුමා දන්නා තොරතුරු බුද්ධි අංශවලට ලබා දීලා ඇතිනේ. ළඟදීම අපට දැනගන්න ලැබෙයි නේද කවුද ඒ විදේශීය බලවේග කියලා. අපි ඒ ගැන බලා ඉන්නවා (නි)
උපාලි හරියටම හරි. කුමන්ත්‍රණ, බලවේග අහලා අහලා එපා වෙලා ඉන්නේ. (නි)
විදේශීයයන් කොහොම උනත් අපේ අයම මහන්සියෙන් වැඩ කරගෙන යනවා නැගෙනහිර විතරක් නොවෙයි රටේම සමගිය නැති කරන්න.(නදී)
අපි මොකටද එහෙම සමරන්නේ? (නදී)
කොහොමත් නැගෙනහිර අපේ අයයි දමිල අයයි අතරේ ප්‍රශ්න තියනවා. එත් ඒවා නැති කරගෙන රටක් විදියට ඉදිරියට යන්න හිතුවොත් හොඳයි. තාම තේරෙන්නේ නැ බස්නාහිර තියන දියුණුව මේ රටේ හැම තැනම නැත්තේ මොකද කියලා කාටවත්. අඩුගානේ මේ රට කරවන අයට තව දුරටත් යමක් කරන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.(නදී)
දැන්මම නැගෙනහිර කරදර පටන් අරන්ද? (නි)
අපි දන්නවා කවුද සැබෑ කුමන්ත්‍රණකාරයෝ කියලා. (නි)
විදෙස් බලවේග,කුමන්ත්‍රණ... මේවා ගැන හොදින්ම දන්න කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහමුද? (නි)
නැගෙනහිර බොහෝ ප්‍රදේශ වල තියෙන්නේ නිල නොලත් පාලනයක් බවයි මට නම් හැගෙන්නේ. අම්පාරේ ගිහිල්ලා බැලුවා නම් මම කියන එක 100% ඔප්පු වෙනවා. (නි)
හුගක් දෙනෙකුට ඕවා තේරෙන්නේ නැහැ. (නි)
ජාතික සමගිය ගැන කතාකරන, සිංහලයන්ට බනින අය, සිංහලයන් වැඩි පළාත්වල අනිත් දෙගොල්ලම ජීවත් වනවා සේ උතුරු පළාතෙත් නැගෙනහිර කාත්තන්කුඩි පළාත්වලත් සිංහලයන්ට ජීවත් වීමේ හැකියාව ලබාදෙන්න. එම පළාත්වල බොදු පුද බිම් විනාස කිරීම නවත්වන්න. සිංහලයන්ට එක්කෙනයි ඒගොල්ලන්ට පස් දෙනයි, හලාල් අනුමැතිය වැනි ආගමික නීති නවත්වන්න. මේ රටේ හැමටම තිබිය යුත්තේ එකම නීතියකි.(නදී)
සමහර කට්ටියගේ ආශාවත් ඕකනේ. අපිරිසිදු චේතනා ගෙනදෙයි අවාසනා (නි)
විජාතිකයන්ට වඩා අපේම සිංහලයන් ජාතික සමගිය නැති කරන්න ගොඩක් උදව් කරනවා. ජාතික සමගිය නැතුව ඒකීය රජයක් පවත්වා ගැනීම අපහසුයි. ආගම මුවාවෙන් බලය බෙදා හැරිම මුවාවෙන් ජාතිය සමගිය නැති කර ලංකාව අස්ථාවර කිරීමට විදේශිකයන්ට කත් අදින්නන් අද බොහෝය (නි)
නැගෙනහිර පළාතේ ජාතීන් අතර අසමගියට හේතුවන කිසිදු බලපෑමක් පෙනෙන ඉසව්වකවත් නැති නිසා ගෙදර දිය කොරහේ කිඹුල්ලු දකින්න ඕනේ නැහැ.(නදී)
ඕවට අපි මොකුත් කියන්ඩ යන්නෙ නෑ. අපි කට ඇරියොත් ඉතින් ජාතිවාදියොනෙ. මේ රටේ සිංහල ජනතාව සුළු ජනතාවක් උණු දාට ඔය කාට කාටත් තොරෙයි එතකොට ඉතින් අඩල දොඩල වැඩක් නෑ.(නදී)