IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නැහිර සමගිය නැති කිරීමේ කුමන්ත්‍රණයක්

නැගෙනහිර පළාතේ ජාතීන් අතර සමගිය නැති කිරීමට දෙස් විදෙස් බලවේග උත්සාහ කරතියි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතා අනතුරු ඇඟවීය.

නැගෙනහිර සමගිය රටේ ස්ථාවරත්වයට ඉතා වැදගත් බවත් විජේවික්‍රම මහතා කීවේය.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ රාමසාන් උපවාසය අවසන් කර ආහාර අනුභව කරන ඉප්තාර් උළලේදීය.

නැගෙනහිර මහ ඇමැති අබ්දුල් මජීඩ්  මහතා ඇතුළු මැති ඇමැතිවරු ද, රාජ්‍ය නිලධාරීහු ද එම උළෙලට සහභාගී වූහ.

 

 



අදහස් (0)

නැහිර සමගිය නැති කිරීමේ කුමන්ත්‍රණයක්

සුදර්ශන Wednesday, 24 July 2013 12:01 AM

කුමන්ත්‍රණය ගැන අපිත් කලින්ම කිව්වා. (නි)

:       0       0

වීර Wednesday, 24 July 2013 12:10 AM

මේකට හේතු වන සාම්ප්‍රදායික යහපත් ජනතාව නොමග යවන අන්තවාදී සංවිදාන ලංකාවේ තහනම් කරන්න.එතකොට නැගෙනහිර ජාතික සමගිය රැකේවි. (නි)

:       0       0

උපාලි Wednesday, 24 July 2013 03:18 AM

එහෙනම් එතුමා දන්නා තොරතුරු බුද්ධි අංශවලට ලබා දීලා ඇතිනේ. ළඟදීම අපට දැනගන්න ලැබෙයි නේද කවුද ඒ විදේශීය බලවේග කියලා. අපි ඒ ගැන බලා ඉන්නවා (නි)

:       0       0

පැහැසර Wednesday, 24 July 2013 04:55 AM

උපාලි හරියටම හරි. කුමන්ත්‍රණ, බලවේග අහලා අහලා එපා වෙලා ඉන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 24 July 2013 06:01 AM

විදේශීයයන් කොහොම උනත් අපේ අයම මහන්සියෙන් වැඩ කරගෙන යනවා නැගෙනහිර විතරක් නොවෙයි රටේම සමගිය නැති කරන්න.(නදී)

:       0       0

සංජු Wednesday, 24 July 2013 06:48 AM

අපි මොකටද එහෙම සමරන්නේ? (නදී)

:       0       0

ඉස්මෛල් හුසේන් Wednesday, 24 July 2013 07:32 AM

කොහොමත් නැගෙනහිර අපේ අයයි දමිල අයයි අතරේ ප්‍රශ්න තියනවා. එත් ඒවා නැති කරගෙන රටක් විදියට ඉදිරියට යන්න හිතුවොත් හොඳයි. තාම තේරෙන්නේ නැ බස්නාහිර තියන දියුණුව මේ රටේ හැම තැනම නැත්තේ මොකද කියලා කාටවත්. අඩුගානේ මේ රට කරවන අයට තව දුරටත් යමක් කරන්න පුළුවන් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.(නදී)

:       0       0

වීර Wednesday, 24 July 2013 08:17 AM

දැන්මම නැගෙනහිර කරදර පටන් අරන්ද? (නි)

:       0       0

නලී Wednesday, 24 July 2013 12:45 PM

අපි දන්නවා කවුද සැබෑ කුමන්ත්‍රණකාරයෝ කියලා. (නි)

:       0       0

අසිත Wednesday, 24 July 2013 08:54 AM

විදෙස් බලවේග,කුමන්ත්‍රණ... මේවා ගැන හොදින්ම දන්න කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහමුද? (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 24 July 2013 08:56 AM

නැගෙනහිර බොහෝ ප්‍රදේශ වල තියෙන්නේ නිල නොලත් පාලනයක් බවයි මට නම් හැගෙන්නේ. අම්පාරේ ගිහිල්ලා බැලුවා නම් මම කියන එක 100% ඔප්පු වෙනවා. (නි)

:       0       0

සම්පත් Wednesday, 24 July 2013 09:32 AM

හුගක් දෙනෙකුට ඕවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නිමල් ලලිතා Wednesday, 24 July 2013 09:45 AM

ජාතික සමගිය ගැන කතාකරන, සිංහලයන්ට බනින අය, සිංහලයන් වැඩි පළාත්වල අනිත් දෙගොල්ලම ජීවත් වනවා සේ උතුරු පළාතෙත් නැගෙනහිර කාත්තන්කුඩි පළාත්වලත් සිංහලයන්ට ජීවත් වීමේ හැකියාව ලබාදෙන්න. එම පළාත්වල බොදු පුද බිම් විනාස කිරීම නවත්වන්න. සිංහලයන්ට එක්කෙනයි ඒගොල්ලන්ට පස් දෙනයි, හලාල් අනුමැතිය වැනි ආගමික නීති නවත්වන්න. මේ රටේ හැමටම තිබිය යුත්තේ එකම නීතියකි.(නදී)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 24 July 2013 04:42 PM

සමහර කට්ටියගේ ආශාවත් ඕකනේ. අපිරිසිදු චේතනා ගෙනදෙයි අවාසනා (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 23 July 2013 10:43 PM

විජාතිකයන්ට වඩා අපේම සිංහලයන් ජාතික සමගිය නැති කරන්න ගොඩක් උදව් කරනවා. ජාතික සමගිය නැතුව ඒකීය රජයක් පවත්වා ගැනීම අපහසුයි. ආගම මුවාවෙන් බලය බෙදා හැරිම මුවාවෙන් ජාතිය සමගිය නැති කර ලංකාව අස්ථාවර කිරීමට විදේශිකයන්ට කත් අදින්නන් අද බොහෝය (නි)

:       0       0

නීල්-රානා Tuesday, 23 July 2013 11:07 PM

නැගෙනහිර පළාතේ ජාතීන් අතර අසමගියට හේතුවන කිසිදු බලපෑමක් පෙනෙන ඉසව්වකවත් නැති නිසා ගෙදර දිය කොරහේ කිඹුල්ලු දකින්න ඕනේ නැහැ.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 24 July 2013 11:01 AM

ඕවට අපි මොකුත් කියන්ඩ යන්නෙ නෑ. අපි කට ඇරියොත් ඉතින් ජාතිවාදියොනෙ. මේ රටේ සිංහල ජනතාව සුළු ජනතාවක් උණු දාට ඔය කාට කාටත් තොරෙයි එතකොට ඉතින් අඩල දොඩල වැඩක් නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site