වාකරේ සිදුවූ අනතුරකින් දෙදෙනකුට තුවාල සිදුවූ පසු නොනවත්වා ගිය බව කියන නැගෙනහිර පළාත් ප්‍රධාන විගණක නිලධරයාගේ වැඩ තහනම් කරන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජයවික්‍රම පළාත් රාජ්‍ය සේවා කොමිසමට දැනුම් දුන්නේය.
වාකරේදී පාපැදිකරුවන් දෙදෙනකු අනතුරට ලක්කිරීම, රජයේ වාහනයකට අලාභ කිරීම, වග කිවයුතු නිලධාරියකුගේ යුතුකම ඉටු නොකිරීම යන චෝදනා මත ඔහුට එරෙහිව පරීක්ෂණයක් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සාමාන්‍ය සිදුවීමක්. ඇමති ආරක්ෂක රථ මාරක අනතුරු කොපමණ කරලා ඇත්ද ? එහෙම වුනාම ඇමතිලගේ වැඩ තහනම් කළාද? (නි)
හොඳ ආදර්ශයක් ඒත් ගොඩක් කල් ගියා නේද ? (ස)
මෙහෙම වැඩ කරන අයගේ වැඩ තහනම් කරලා විතරක් හරියන්නේ නැහැ මහත්තයෝ...(ස)
ෂා මෙන්න නියම විදියට ගත්හ තීරණයක්, මෙවැනි තීරණ තමයි ඕන රට හැදෙන්න.(ස)
කොන්ද පන තියෙන ලොකුමහත්තයෙක්. (ස)
හමුදා නිලධාරියොත් එක්ක සෙල්ලම් බැහැ. !!!(ස)
හප්පගෙන ගිය එක රැකියාවට කොහොමද සම්බන්ධ වෙන්නේ, රැකියාවෙන් අස් කරන්න? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කෝ, එයාට එරෙහිව පොලිස් පරීක්ෂණයක් නැද්ද? විනය සංග්‍රහයේ රෙගුලාසිවලට අමතරව එයා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් කරලා තියෙනවනේ. (නි)