උතුරු මහ ඇමැති සීවී විග්නේෂ්වරන් හා නැගෙනහිර මහ ඇමැති නජීබ් අබ්දුල් මජිඩ් අද (30) පළමු වරට නැගෙනහිර මහා ඇමැති කාර්යාලයයේදී සාකච්ඡාවකට එක් වුහ.
උතුරු නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාවක්ව තිබු සමයේ පළාත් රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයන් පදිංචි පළාත්වලට මුදා හැරීමට දෙදෙනාම එකඟ වුහ.
උතුරේ ස්ථිර පදිංචිය ඇතිව නැගෙනහිර ද නැගෙනහිර පදිංචිය ඇතිව උතුරේ ද සිටින පළාත් සේවකයින් හුවමාරු කැර ගැනීම කෙරෙහි දෙදෙනාම සාකච්ඡා කළහ.
උතුර අතහැර ගිය මුස්ලිම් ජනයාට යළි එහි පදිංචි වීමට ඉඩ දෙන්නැයි නැගෙනහිර මහ ඇමැති ඉල්ලා සිටියේය.
සාම්පූර් දෙමළ ජනයා විකල්ප ඉඩම්වල පදිංචි කරවන බව ද ඔහු උතුරේ මහ ඇමැතිට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට එහා මොකුත්ම සාකච්ඡා කළේ නැද්ද? (නි)
ඔව්,ඔහොම එන්න. එතකොට හරි. (නි)
දෙගොල්ලො එකට එකතු වෙලා වැඩකරන්න එහෙම අදහසක් නැද්ද? (නි)
මෙයාලා කාගෙවත් අතකොළු නොවී අවංකවම රට ගැන හිතලා ජනතාවට සේවයක් කරනවා නම් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ පැසසුමට ලක්වේවි. (නි)
ජාග්. ඔයා කියන කතාවේ වගකීම ගන්න කැමතිද? ඔයා කියන්නේ කුමන රටක් ගැනද? ලංකාව ගැන නම්, උතුරට ගිහින් බලලද කියන්නේ? (නි)
උතුරු නැගෙනහිර සිට අවතැන්වූ මිනිසුන් ගැනත් සොයා බැලුවා නම් තවත් හොඳයි (නි)
ඒකීය රටක් තුළ ජීවත් වන අපි සැවොම ශ්‍රී ලාංකිකයෝ වෙමු. අපේ ප්‍රශ්න අපිම විසඳාගෙන ඉදිරියට යමු. බාහිර හෝ විදෙස් බලවේග වලට ක්‍රියාත්මක වීමට ඉඩ නොදී රටක් ලෙස අපි ඉදිරියට යමු. අපේ ඕනෑම සහයෝගයක් දෙන්න අපි සූදානම්. (නි)
ධම්ම, අනාථ වූවෝ තවම ගස් ගල් යට දිවිගෙවනවා. කවුද මේවා ගැන කතා කරන්නේ? (නි)
අන්න එහෙම වැඩට බහින්න. ජනතාව ඔබ හොඳ පුටුවක තියාවි. (දී)
හොඳ දේ මුළු රටම අගය කරනවා. අවංකව ජනතාවට සේවයක් කරන්න. (ස)