නැගෙනහිර පළාත් සභා රැස්වීමේ ගන්නා තීරණ ක්‍රියාත්මක නොවෙතියි කියමින් එම රැස්වීම් වර්ජනය කිරීමට සාකච්ඡා පවත්වන බව ආණ්ඩු පක්ෂ ආරංචි කියයි.
ආණ්ඩු පක්ෂයේ සාමජිකයන් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ දැනටම මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වයි.
ගිය සැප්තැම්බරයේ සිට පළාත් සභාව තීන්දු කළ සංවර්ධන කටයුතු එකක්වත් ක්‍රියාත්මක වී නැතැයි ඔවුහු කියිති.
සභාවේදී ගන්නා තීරණ ක්‍රියාත්මක නොකරන බව පළවන මතය සත්‍යයෙන් තොර බවත්, ඇතැම් තීරණ ක්‍රියාත්මක වීම අපහසු බවත් ප්‍රධාන ලේකම් ඩී එම් සරත් අබයගුණවර්ධන මහතා කියයි.
මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන්ට රුපියල් 40,000ක ඉන්ධන දීමනාවක් දෙන්නැයි සම්මත වූ යෝජනාව එවැනි යෝජනාවක් බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී තුමා ඉල්ලා අස්වෙන්නේ නැද්ද?ලොකු තැන පළාත් සභා වලට විරුද්ධයිනේ. (ත)
පළාත් සභාවත් ඉතින් හමස් මල්ලේ තමයි .(නදී)
අයියෝ සල්ලි
කරුණාකර ඉතා ඉක්මනින් 40000 ඇතුලු ගෙවීම් ගෙවා ඉවර කරන්න (නි)
පළාත් සභා ප්‍රාදේශීය සභා උණු උණු පුවත් මැව්වේ ඉස්සර. දැන් ජනතාව බලාගෙන ඉන්නේ තවදුරටත් රටේ මහජන මුදල් කාබාසිනියා නොකර මේ ආයතන දෙකම හමස් පෙට්ටියට දාපු පුවත දැනගන්න. (නි)
ඕවා නම් වෙන්නේ නැති තරමට හොදයි (නි)
දෙයියෝ සාක්කි