බොහෝ දේශපාලනඥයින් මහබැංකු බැඳුම්කර වංචාව ගැන පමණක් කතාකරන බවත් තවත් ආයතන 12 ක වංචා දුෂණ තමන් වගකීමෙන් හෙළි කරන බවත් කෝප් කමිටු සාමාජික කෘෂිකර්ම රාජ්‍ය ඇමති වසන්ත අලුවිහාරේ පවසයි.
සිගිරියේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කීය.
“බැදුම්කර සිද්ධිය පමණක් අල්ලාගෙන මාධ්‍ය ඉදිරියට යන අය කෝප් කමිටුව හෙළිකරගත් අනෙකුත් වංචා දුෂණ ගැන සොයන්නේ නැත්තේ ඇයි? රාජ්‍ය ආයතන 12 ක පමණක් සිදුවෙලා තියෙන අලාභය රුපියල් දොළොස්දාස් එකසිය තිස්තුන්කොටි එක්ලක්ෂ හාරදහස් හාරසිය පනස් අටක් “ යැයි හේ පැවසීය.
ලංකා බැංකුව ,රාජ්‍ය වැවිලි සමාගම ,ඇල්කඩුව වත්ත ,ඛනිජතෙල් සංස්ථාව ,රත්නා ලංකා ආරක්ෂක සමාගම ,ශ්‍රී ජයවර්ධනපුර රෝහල ., ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ,රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ,ජනතා වතු සංවර්ධන මණ්ඩලය ,ශ්‍රී ලංකා මහා බැංකුව ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ,චිත්‍රපටි සංස්ථාව යන ආයතන සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවට(කෝප් කමිටුව) පාර්ලිමේන්තුවට වාර්තා කර තිබෙන නමුත් කිසිවෙක් ඒ ගැන කතා නොකරන බව ඔහු පවසයි ,


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හෙළි කොරනවකෝ. අපට තිබෙන ප්‍රශ්නය ඇයි මේ මහා බැංකු ගිවිසුමක් වහන්න දඟලන්නේ කියල. මොකද අර සමාගම ලැබූ අසීමිත ලාබය බෙදාගැනීමේ ගිවිසුමක් තිබෙනවද? එහෙම ගිවිසුමක් තිබෙනවානම් පමණයි වහන්න දඟලන්න ඕනේ. (බ)