IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘නිහඬ බව බිඳින්න ජනවාරි 8 සත්‍යග්‍රහයක්‘

ආණ්ඩුවට වසරක් සපිරෙන ජනවාරි 8 වැනිදා කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

‘අපි මහා සංඝරත්නය විදියට අවුරුද්දක් ඉවසුවා. අවුරුද්දක් නිහඬව හිටියා. ඒත් මේ ආණ්ඩුව දැන් එන්න එන්නම දේශද්‍රෝහී වැඩ කරනවා. ඒක නිසා අපි ‘පැවිදි හඬ‘ සංඝ සංවිධානය සත්‍යග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙනවා‘ යැයි ආනන්ද හිමියෝ කීහ.

මැදගොඩ අභයතිස්ස, ඉඳුරාගාරේ ධම්මරතන, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, බෙංගමුවේ නාලක යන හිමිවරුද එක්ව අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද හිමියෝ මේ බව පැවසූහ.

web_pavidi-handa_201614

 



අදහස් (0)

‘නිහඬ බව බිඳින්න ජනවාරි 8 සත්‍යග්‍රහයක්‘

මදුරංග Monday, 04 January 2016 01:40 PM

අතීතයේ ඉදන් අපේ රට පරදේශක්කාරයන්ගෙන් බේරා ගන්න මුල් වුනේ අපේ හාමුදුරුවරු මිසක් වෙන එවුන් නෙමෙයි...චීවරේ අතහැරල..යුද්ධයට ගිහින් අාපහු ඇවිත් චීවරේ දාගත්තු හාමුදුරුවරු ගැන අපිට අහන්න ලැබිල තියෙනවා අතීතය..අද එහෙම නැති එකයි ඔක්කටෝම හෙතුව...දැන්වත් අපේ හාමුදුරුවරු රට ගැන හිතන එක ඒ වෙනුවෙන් සටන් කරන එක...කොච්චර වාසනාවක්ද...(බ)

:       0       0

ගයාන් Monday, 04 January 2016 08:56 AM

ඔබ වහන්සේගේ ක්‍රියා අගය නොකරමි. හේතුව පරාජිතයින් සමග එකතුවී කරන්නේ බාධා කිරීම් පමණි. හෙද සංගමයට සුදුසු සභාපති කෙනෙක් පත් කරගත යුතුයි (බ)

:       0       0

රොෂාන් Monday, 04 January 2016 08:57 AM

ඕවා කරන අපේ හිමිවරුනේ නරකද ගෙන් ගෙට ගිහින් ධර්මය දේශනා කළොත් ධර්මය මිනිසුන්ට පහදා දෙන්න (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 04 January 2016 08:58 AM

රට කන්න හරි හදන්න හරි මොන මොනවාහරි කරනෙක හොඳයි (බ)

:       0       0

සරත් සෞදි Monday, 04 January 2016 09:05 AM

ඔබ වහන්සේලාට තෙරුවන් සරණ වේවා (බ)

:       0       0

නාමල් Monday, 04 January 2016 09:13 AM

පන්සලට වෙලා බණක් දහමක් කරගෙන හිටියනම් නරකද ? (ම)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 05 January 2016 07:28 PM

මොකද දන්නෙ නැහැ අපේ අර අහවල් මහත්තයා කළු ඇඳගෙන මේ මාධ්‍ය හමුවට ආවේ නැත්තේ? (නි)

:       0       0

ඔසී Tuesday, 05 January 2016 07:44 PM

අපි හැමදාම ඔබවහන්සේලා සමඟ ඉන්නවා (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 05 January 2016 07:48 PM

ස්වාමින් වහන්සේලා රට වෙනුවෙන් මෙහෙම පෙරට එන එක හොඳයි (නි)

:       0       0

වෙනුර Tuesday, 05 January 2016 08:04 PM

ජයවේවා! (නි)

:       0       0

විමල් Tuesday, 05 January 2016 08:14 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 04 January 2016 09:49 AM

වෙනසක් වෙනවානම් හොදයි කියලා දැන්නම් හිතෙනවා අපේ හාමුදුරුවනේ. (ර)

:       0       0

ඩිලාන් Monday, 04 January 2016 05:15 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපිට විරුද්ධව නියෝග පනවනවිට නිහඬ පිරිස් විදෙස් නියෝජිතයෙක් පැමිණිවිට කලබලවෙති (නි)

:       0       0

කපිල ඩුබායි Monday, 04 January 2016 10:06 AM

සුමිත්‍රා, ඔය වගේ කොමෙන්ට් දානකොට, විස්තර කරලා කියන්න මොකක්ද ඔයා ඉල්ලන වෙනස කියලා. අපිට නම් ඒ වගේ කිසිම වෙනසක් ඕනෙ නෑ. (ර)

:       0       0

ලක්ෂ්මන් Monday, 04 January 2016 06:39 PM

හාමුදුරුවනේ, ඔබවහන්සේලා සමඟ අපිත් ඉන්නවා (නි)

:       0       0

චන්න Monday, 04 January 2016 11:04 AM

කපිල ඩුබායි ඉන්න හින්දා වෙන්න ඇති , වෙනස් වෙන්න ඹ්න දේවල් පේන්නෙ නැත්තේ . (ර)

:       0       0

සංජීව Monday, 04 January 2016 11:29 AM

අස්ගිරි මහනායක මල්වතු මහනායක යන හිමිවරුන් විසින් සිංහල බෞද්ධයන්ට කරන්න තියන වගකීම ඔබ වහන්සේලා ප්‍රමුඛව කිරීම ගැන ස්තුති වන්ත වෙනවා. (බ)

:       0       0

විදානගේ Monday, 04 January 2016 11:29 AM

අලි පැටවූ හොරකම් කළාට නඩුයි .අනුන්ගේ දේපල වංචාකාරී ලෙස අයිති කරගෙන ඉන්නවට නඩුයි ඉක්මනට ඇහුවනම් උපවාස තියන්න කට්ටියයව හොයන්න වැලිකඩ පැත්තේ යන්න වෙනවා .බුදු දහමට අනුව කර්මය පලදෙනවමයි (බ)

:       0       0

තිනුග Monday, 04 January 2016 11:46 AM

නාමල් ඔයාලවගේ අය තමා රට මේ තත්වයට පත් කළේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:51 AM

ඔය කියන පන්සලේ තමයි ස්ප්ලිට් වර්ගයේ වායුසමීකරණ 7-8 ක්ම සවි කරලා සුපිරි සැප විදින හාමුදුරුවරු ජිවත් වෙන්නේ. ඔය පන්සලට ගිය දවසක ගත්තු ෆොටෝස් බලලයි මම මේ කියන්නේ. සත්‍ය අදහසක්. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:58 AM

මදුරංග.ඔය කියන හාමුදුරුවරුත් මේ කියන හාමුදුරුවරුත් අතර අහස පොලව ගානට වෙනසක් තිබෙනවා කියලත් ඔය ටිකිරි මොලෙන් හිතන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 03:59 AM

විදානගේ,ඔබ හරියටම හරි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 05 January 2016 04:00 AM

සැප විදින අපේ කාලයේ හාමුදුරුවරු පිරිසක් රටට පෙන්වීම ගැන ස්තූතියි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site