නොසැලකිල්ලෙන් හා අපරික්ෂාවෙන් කෙනකුගේ මරණයක් සිදු කළ හොත් අපරාධ නීතිය යටතේ නඩු පවරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සියලු පොලිසිවලට දැනුම් දී ඇත.
මහ පාරට කුණු කසල දැමීම, කළු ගල් වැනි දෑ දැමීම, වළක් හෝ කාණුවක් කැපීම, එසේත් නැත්නම් අනවසර විදුලි රැහැනක් ඇදීම වැනි ක්‍රියා වලින් කෙනකුගේ මරණය සිදු වුවහොත් එම නොසැලකිලිමත් ක්‍රියාව කළ පුද්ගලයාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම නොසැලකිල්ලෙන් වාහන පැදවීමෙන් මරණයක් සිදු වූවොත් ඔවුන්ටත් එරෙහිව නඩු පවරා දඩුවම් කිරිමට කටයුතු කල යුතුයි.එම යැපෙන්නන්ට පහසුවෙන්ම වන්දි මුදල් ලබා ගැනීමටද කටයුතු කල යුතුයි. (ස)
නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න නියම මහත්මයෙක් ... (ස)
ඉතා හොඳයි මහත්මයා. ඒ වගේම, රජයේ හෝ පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා රෝගියෙකු මරණයට පත්වීම. සදාකාලික අබාධිත තත්වයන්ට පත් වීම සිදු වුවහොත් ඔබ තුමාට පුලුවන්ද ඔය නීතිය ඒ අයටත් තදින්ම ක්‍රියාත්මක කරන්න? ගුරුවරයෙකු නොසැලකිල්ලෙන් කරන පහරදීමකදී දරුවෙකුගේ කන් බෙරය පැලීයාම වගේ දේවල් වලටත් පුලුවන්ද ඔය නීතිය ඒ අයටත් තදින්ම ක්‍රියාත්මක කරන්න? (ස)
චාමික, කතාව 100% ක් හරි. ඒත් මේ අයට කිව්වට වැඩක් නැහැ. රුපියල් 100 ට උනත් දේවි.(නදී)
ඔබ තුමාගේ අදහස දැක්කා මාත් සතුටුයි. එහෙම සිද්දි කීපයක් ඔබ තුමා කියල තියෙන විදිහටම කරලා දැඩි දඩුවම් මිනිසුන්ට හොඳ ට ඇඟට දැනෙන්න කරන්න. ඉන් පස්සේ සැහෙන දුරට ප්‍රශ්නේ විසඳෙනවා කියා හිතෙනවා. මෙතැනදී, වැරදි කරු මිල මුදල් තියෙන තරමේ අයෙක් නම් ඇඟට දැනෙන්න ඉතාම ඉහල දඩ නියම කිරීම් වගේ දේවල් මගින් සහ මැරුණු කෙනාගෙන් යැපෙන්නන්ට ඉතා ඉහල අගයෙන් යුතු වන්දි නියම කිරීම් වැනි දේවල් මගින් වැරදි ඇත්තටම නැති වෙලාම යාවි කියා හිතනවා. මම මේ වෙන විටත් ජනාධිපතිතුමන්ට ලියු ලිපියේ යෝජනා පැහැදිලිව ලියලා තියෙනවා. වැඩක් වේද දන්නේ නැහැ. උත්සහ කරනවා මන් මගේ පැත්තෙන් අඩුම තරමින්.(නදී)
දෙවිනුවර ජයසිරි ලියනගේ මහත්මයාණෙනි.... ඔබේ අදහස ලංකාව තුල ප්‍රයෝගිකව කල නොහැක. ඒ මන්දයත්, බොහෝවිට අනතුරු සිදුවන්නේ රියදුරුගේ වරදින් උවත් ඒ හා සමානව පදිකයින් සහ මහජනතාව අතින්ද වැරදි සිදු වේ. අප අපේ වාහනය කෙතරම් සුපරික්ෂාකාරීව පැදවුවත් එක පදිකයෙකුගේ හෝ නොසැලකිල්ලෙන් අහම්බෙන් වාහනයේ ගැටුනොත් 95%කම වැරැද්ද යන්නේ රියදුරු පාර්ශවයටය. අනෙක ඒ වෙලාවේ රාජකාරි කරන පොලිස් නිලධාරියාගේ මානසික තත්වය උඩ ඔබ අමාරුවේ වැටෙන්නටද හැකිය. ලංකාවේ නීතිය ගැන පැහැදිලි අර්ථ විවරණයක් දීමට අපහසුය. (ස)
එතකොට ඔය දේශලකයන්ට අදාලද ? කියන්නකෝ (අ)
ඉතාම හොඳ අදහසක්. හැබැයි, ප්‍රායෝගිකව කොයි තරම් දුර යා හැකිද කියන එකනම් ප්‍රශ්නයක්. නඩු දැම්මහම උසාවියේදී පෙරකදොරුවොත් එක්ක සටන් කරන්න වෙයි හරි හරියට. නීති තර්ක පන නැගී නොසැහෙන්න. දක්ෂ ලෙස නඩු මෙහෙයවීමට දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් තෝරාගෙන පුහුණු කරන්න වෙයි මගේ හිතේ. (නදී)
හරියට නින්දෙන් ඇහැරුනා වගේ මොනවද මේ කියන කතා? දණ්ඩ නීති සංග්‍රහය හදිසියේ වෙනස් කරලවත්ද? එතකොට මේ දක්වා මේ අය නොසැලකිලිමත්කම කියන කාරණයට චෝදනා ගොනු කරලා තියෙන්නේ මොන නීතියෙන්ද? මේකෙන් තේරෙන්නේ පොලිසිය ට නීතිය පිලිබඳ අවබෝධයක් නැති බව පමණකි. මොන නීතියෙන් නඩු පැවරුවත් පොලීසිය උසාවියට ඉදිරිපත් කරන සාක්ෂි මත තමා නඩුව ඔප්පු වෙන්නේ හෝ නොවෙන්නේ. (මට මතක් වෙන්නේ අර මත්කුඩු සඟවා තිබූ බ්‍රා එකක් උසාවියට ඉදිරිපත් කරලා ඒක විත්තිකාරිය ඇදගෙන හිටි එක කීවම විත්තිකාරිය කීවලු පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඕක මට අන්දන්න කියලා. බැලින්නම් පොලිසිය සයිස් 20 පමණ ඇඳුම 10 එකකට මාරු කරලා තමා ඉදිරිපත් කරලා තියෙන්නේ. නඩුව එතැනින්ම අහක ගියා. (නදී)
වැඩේ කෙරනවා නම් එක්කෙනෙක් කිව්වහමත් මදැයි. (නි)
කුණු, ලොරියට .ජරාව සාක්කුවට ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබුනහම මේවගේ දේවල් සිදුවෙනවා.එ නමුත් දේශපාලකයින්ගෙන් සමාජයට වන හානිය සිය දහස් ගුණයකින් වැඩියි.(නදී)
හොද වැඩක් මේක.(නදී)
හොඳ අදහසක් ඒත් කුණු ගෙනියන්න එන ලොරිය මාසෙකට වත් දකින්න නැහැ. මහා නගර සභා, නගර සභා ,පළාත් සභා,ඒවාට නඩු පවරන්නේ නැත්තේ ඇයි.(නදී)
අර පාරේ සමහර තැන්වල වල වල් වහල තියෙන්නේ යකඩ පියන් දාල ඒවා නොසැලකිලිමත් කමින් හදලද කොහොද ඒවා පාත්වෙලා වලවල් හැරිලා හරිම භයානකයි. එතකොට කාටද දඩුවම් කරන්නේ. කොහොම උනත් වීදුරු කලු කරපුවා වැටුනට තේරෙන්නේ නැහැ අනේ එත් මගේ බයිසිකලේ අයියෝ සල්ලි.(නදී)
දෙවිනුවර ජයසිරි ඔයා හරි රජින්ද්‍ර කියන්නෙ මොනවද ප්‍රයිවට් බස් කාරයො පයින් යන අයට වඩා මරන්නෙ බස් එක ඇතුලෙ ඉන්න අයවනෙ.(නදී)
නමට විතරයි මහ නගර සභාව. හැම තැනකම ජරාව, කුණු ලොරියක් එන්නේ කලාතුරකින්. ඒකත් සල්ලි නොදුන්නොත් කුණු අරගෙන යන්නෙත් නැහැ.(නදී)
බොහොම හොදයි. ඔය නිතිය කාටත් සාදාරනව ක්‍රියාත්මක වෙයිද ? අපි බලාගෙන ඉන්නවා.(නදී)
එතකොට පොලිසියේ නොසැලකිල්ල නිසා මැරෙන සැක කාරයන්ට මොකද වන්නේ ?. හංන්ගපු තුවක්කු පෙන්නන්න ගෙනියන කොට හරිම නොසැලකිලිමත් කමින් තමයි ගෙනියන්නේ.(නදී)