දේශිය වෛද්‍ය  පරම්පරාවක තම පාරම්පරික පිය උරුමයෙන්  දායාද කරගත්  වෛද්‍ය  ක්‍රමය මෙන්ම දේශිය වෙදකම හා  ආයුර්වේද වෛද්‍ය  ක්‍රමය ප්‍රගුණ කර  ආයුර්වේද උපාධිය සමඟ විශේෂඥ දැනුමක්  ද ලබා  සිටින වෛද්‍ය එච්.පී.වක්කුඹුර මහත්මිය මේ වන විට  වසරක අධ්‍යයන නිවාඩුවක්  ලබා වෛද්‍ය  පර්යේෂක්ෂණවල නිරත වෙමින්  පශ්චාත් උපාධිය ද හදාරමින්  සිටියි.

කැළණිය විශ්ව විද්‍යාලය හා  පේරාදෙණිය විශ්ව විද්‍යාලයන්හි  දේශිය වෛද්‍ය  සේවාව ගැන පර්යේෂණ කටයුතු වලද නිරත ඇය ස්ත්‍රී  රෝග පිළිබඳව මෙන්ම කුඩා  දරුවන්  පිළිබඳව ද විශේෂ වෛද්‍ය  සේවා  මෙන්ම ප්‍රතිකාර ක්‍රම ලබාදෙන විශේෂ වෛද්‍ය  සායනයක්  ද ආරම්භ කර  ඇත.

කැළණිය විශ්ව විද්‍යාලය හා  අනුබද්ධිත ගම්පහ වික්‍රමාරච්චි  විද්‍යාතනය ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය  පදවියක් ද දරන ඇය  වික්‍රමාරච්චි  ශික්ෂණ රෝහලේ  විශේෂඥ වෛද්‍යවරියක ලෙස ද කටයුතු කරයි.

මෙයට  අමතරව සති  අන්තය නිවාඩු දිනවල මෙන්ම විශේෂ නිවාඩු  දිනවල දී කෑගල්ල සිද්ධායුර්වේද ඖෂධාලය දී  විශේෂ වෛද්‍ය  ප්‍රතිකාර  අරඹයි. රෝගීන්ගේ ඉල්ලීම හා  පහසුව වෙනුවෙන් කෑගල්ලේ දී සති අන්තයේ වෛද්‍ය සායනයක් ද පැවැත්වේ.

විවාහ පත්ව අඹු සැමියන්  වශයෙන්  වසර  දහය පහළොව දරුවන් නැති අඹු සැමියනට ඇය ප්‍රතිකාර  කරයි.

මෙම වෛද්‍ය  සේවාව වෛද්‍ය  වක්කුඹුර  මහත්මියගේ  පර්යේෂණ  මෙන්ම පාරම්පරික හා  ඉන්දීය ඖෂධ අංශවල සංයෝජනයකින්  ද සමන්විත ප්‍රතිකාර  අංශයකි.