අත්තනගල්ල හෝටලයකදී ගුවන් විදුලි සංස්ථා සේවකයකුගේ නාසය සපා කෑ බව කියන එජාප මහර ආසන සංවිධායක තුෂාර හේමචන්ද්‍ර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල පතිරණ මහතා නියෝග කළේය.
ඒ වන විට ආසන සංවිධායක වතුපිටිවල රෝහලට ඇතුළත් වී සිටියේය.
වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ඇප නියම කළේ රෝහලේදී ය.
අත්තනගල්ල අධිකරණ ප්‍රදේශයේ පදිංචි ළඟම ඥාතීන් දෙදෙනෙක් ඇපයට අත්සන් කළ යුතු බව ද අධිකරණය දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මේවා බලද්දි මෙහෙම හිතුනා. හොඳ වෙලාවට ධාතුසේන රජතුමා රෝහලක් හදන්නේ නැතුව කලාවැව හැදුවේ. එහෙම වුනා නම් කාශ්‍යප කුමාරයා පිය රජු ඝාතනය කරලා මල්ලිට බයේ හැංගෙන්න රෝහලට යනවා මිසක් සීගිරියක් හදන එකක් නැහැ. (නි)
මෙයා ඇයි රෝහල් ගත වුනේ? නහය හැපුව නිසා කියලා නම් පුවතේ සඳහනක් නැහැ. තමන්ගේ නහය තමන්ම හපාගන්නේ කොහොමද කියල මං මේ දහ අතේ කල්පනා කරනවා. (නදී)
මේ අයට පිස්සු බලු එන්නත විදින්න ඕනා.(නදී)
ලංකාවෙ දේශපාකලයා කියන්නේ මොනවගේ කොට්ඨාශයක්ද?මොවුන්ගෙන් අප රටත් ජාතියත් ආරක්ෂා කර දෙත්වා! (නි)
ඉන්න පක්ෂෙ සංවිධයකයෝත්, පලා බබාලත් එකයි, විරුද්ධ පක්ෂෙ සංවිධයකයෝත්, පලා බබාලත් එකයි කිසිම වෙනසක් නැහැ. (නදී)
මේ ලොව රංග මඬලකි. අපි එහි නළුවෝ වෙමු. ඒ ඉස්සරය දැන් එය මෙසේ වෙනස් කරමු. මේ ලොව පිස්සන් කොටුවකි. අපි එහි පිස්සෝ වෙමු. වෙන නම් කරන්න දෙයක් නැත.(නදී)
එයාට පොඩි වැරදීමක් වෙලා. හපන්ට තිබුනේ වෙන කෙනෙක්ගේ නහයක්.(නදී)
දැන් රටේ රැල්ල වෙලා තියෙන්නේ ඕනෑම ජරා වෙඩක් කර රටේ ප්‍රසිද්ද වෙන්න හදන එක (අ)