IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාසය කෑ බව කියන සංවිධායකත් රෝහලේ

අත්තනගල්ල හෝටලයකදී ගුවන් විදුලි සංස්ථා සේවකයකුගේ නාසය සපා කෑ බව කියන එජාප මහර ආසන සංවිධායක තුෂාර හේමචන්ද්‍ර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල පතිරණ මහතා නියෝග කළේය.

ඒ වන විට ආසන සංවිධායක වතුපිටිවල රෝහලට ඇතුළත් වී සිටියේය.

වැඩබලන මහේස්ත්‍රාත් ඔහුට ඇප නියම කළේ රෝහලේදී ය.

අත්තනගල්ල අධිකරණ ප්‍රදේශයේ පදිංචි ළඟම ඥාතීන් දෙදෙනෙක් ඇපයට අත්සන් කළ යුතු බව ද අධිකරණය දැන්වීය.

 



අදහස් (0)

නාසය කෑ බව කියන සංවිධායකත් රෝහලේ

ආනන්ද ආර් Monday, 22 July 2013 06:08 PM

මට මේවා බලද්දි මෙහෙම හිතුනා. හොඳ වෙලාවට ධාතුසේන රජතුමා රෝහලක් හදන්නේ නැතුව කලාවැව හැදුවේ. එහෙම වුනා නම් කාශ්‍යප කුමාරයා පිය රජු ඝාතනය කරලා මල්ලිට බයේ හැංගෙන්න රෝහලට යනවා මිසක් සීගිරියක් හදන එකක් නැහැ. (නි)

:       0       0

උපාලි Tuesday, 23 July 2013 05:22 AM

මෙයා ඇයි රෝහල් ගත වුනේ? නහය හැපුව නිසා කියලා නම් පුවතේ සඳහනක් නැහැ. තමන්ගේ නහය තමන්ම හපාගන්නේ කොහොමද කියල මං මේ දහ අතේ කල්පනා කරනවා. (නදී)

:       0       0

අසාද් Monday, 22 July 2013 07:05 PM

මේ අයට පිස්සු බලු එන්නත විදින්න ඕනා.(නදී)

:       0       0

සෙන්සා Tuesday, 23 July 2013 08:12 AM

ලංකාවෙ දේශපාකලයා කියන්නේ මොනවගේ කොට්ඨාශයක්ද?මොවුන්ගෙන් අප රටත් ජාතියත් ආරක්ෂා කර දෙත්වා! (නි)

:       0       0

ඇසළ Monday, 22 July 2013 07:29 PM

ඉන්න පක්ෂෙ සංවිධයකයෝත්, පලා බබාලත් එකයි, විරුද්ධ පක්ෂෙ සංවිධයකයෝත්, පලා බබාලත් එකයි කිසිම වෙනසක් නැහැ. (නදී)

:       0       0

පිටිගල Monday, 22 July 2013 07:38 PM

මේ ලොව රංග මඬලකි. අපි එහි නළුවෝ වෙමු. ඒ ඉස්සරය දැන් එය මෙසේ වෙනස් කරමු. මේ ලොව පිස්සන් කොටුවකි. අපි එහි පිස්සෝ වෙමු. වෙන නම් කරන්න දෙයක් නැත.(නදී)

:       0       0

සමන් Monday, 22 July 2013 08:22 PM

එයාට පොඩි වැරදීමක් වෙලා. හපන්ට තිබුනේ වෙන කෙනෙක්ගේ නහයක්.(නදී)

:       0       0

එදිරිසිංහ Monday, 22 July 2013 09:41 PM

දැන් රටේ රැල්ල වෙලා තියෙන්නේ ඕනෑම ජරා වෙඩක් කර රටේ ප්‍රසිද්ද වෙන්න හදන එක (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site