ත්‍රිකුණාමලය, ලංකාපටුන, මොහොට්ටුවාරම් වෙරළේ ධීවර වාඩිවල සඟවා තිබූ බලපත් නොමැති හා ධීවර කටයුතුවලට සුදුසු නොමැති දැල් තොගයක් අද (12) නාවික හමුදාව, පොලිසිය හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කළ වැටලීමකදී සොයාගත් බව පොලිසිය කියයි.
දැල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවද වැටලීම අවස්ථාවේ වාඩිවල කිසිවකු නොසිටි බවද සහකාර ධීවර අධ්‍යක්ෂ ඊ.එම්.සී. බෝයගොඩ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුසු මිනිස්සු කාර් ගන්න එකේ ඕව මොනවද අප්පා! (බ)