බස්නාහිර පළාත් සභාවේ විශේෂ රැස්වීමක් පසුගියදා කැඳවා තිබුණේ පරාජය වූ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ද සමඟ එහි සමස්ත අයවැය සම්මත කරගැනීම වෙනුවෙනි.
ප්‍රධාන අමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අමාත්‍යධූරය දැරූ මෙම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයවීමට හේතු ඉදිරිපත් කළහ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහේෂ් අල්මේදා මහතා අදහස් දක්වමින් එංගලන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ අතීත සිදුවීමක් සිහිපත් කළේය.
එරට පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයකුව සිටි පොපියුමෝගේ අමාත්‍යධූරය මෙන්ම මන්ත්‍රීධූරය ද අහිමි වූයේ ක්‍රිස්ටීන් කීලා නැමති මන්ත්‍රීවරිය සමඟ පැවැත්වූ සබඳතාවක් නිසා යැයි කීවේය.
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට අමාත්‍යධූරය අහිමි වූයේ එවන් දේකින්දැයි තමන් හරියටම නොදන්නා නමුත් කිසියම් දෘෂ්‍යමාන බලවේගයක් මෙයට බලපෑ බව නම් පෙනෙන්නට තිබිණි යැයි මහේෂ් අල්මේදා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd