නවසීලන්ත විදේශ කටයුතු ඇමති මැක් කලී සහ නවසීලන්ත මහ කොමසාරිස් ජෑන් හෙන්ඩර්සන් මහත්මිය ඇතළු නියෝජිතයෝ හය දෙනෙක් කොළඹ ගුවන් හමුදා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේ සිට යාපනය අර්ධද්වීපයට ගුවන් හමුදා හෙලිටුවර්ස් සේවයට අයත් හෙලිකොප්ටර් යානාවකින් අද පිටත්ව ගියහ.
මේ පිරිස වවුනියාව, මුල්ලිවේලි සහ යාපනය යන ප‍්‍රදේශයන්හි සංචාරය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිනිගේ කතාව හරි,අරගොල්ලන්ට යන්න නොදුන් නිසා අනවශ්‍ය කතා හැදිලා තියෙන්නේ දැනටමත්. (නි)
මෙයාල ඔක්කොටම උත්තර දෙන්න, සරත් පොන්සේකා හා ගොටාභය රාජපක්ෂ මහත්වරුන්න්ට කියන්න. එයාලට පුළුවන් හොඳට උත්තර දෙන්න, අපේ දේශ පාලකයනන්ට වඩා.(ස)
මෙයාලගේ එක්කෙනෙක් නේද අර කොළඹදී ආගමන විගමන එකෙන් අල්ලලා ගෙදර යැව්වේ,හොරෙන් සාකච්ඡා වට තියලා (නි)
ලංකාවට එන එන කෙනා යාපනයටනේ යන්න දගලන්නේ.යාපනේ දැන් බිම පෙරලිලා හඬා වැළපෙන දෙමල කාන්තා පිරිසක් ඉන්නවා පින්තුර ටිකකුත් උස්සාගෙන. කව්රු යාපනයට ගියත් ඒ කාන්තාවන් බිම පෙරලි පෙරලි අඩනවා. එකම මුහුණු ටික තමයි හැමදාම දකින්නේ. (නි)
සිරියලතා කාටද කඩවසම් කීවේ, මට නම් මේ පින්තූර වල එහෙම කෙනෙක් පේන්න නැහැ. (දී)
හරිම කඩවසම් (නි)
බයවෙන්න එපා , මේ හැමෝම යාපනේ දුවන්නේ අපේ ජෙනරාල් තුමා ප්‍රමුඛ සමස්ත හමුදාව සාමානය වැසියන්ට අනතුරක් නොකර තිස් අවුරුදු සාපලත් , භයානක යුද්දේ ඉවර කලේ කොහොමද කියල දැනගන්න , ඉගෙනගන්න , දවසක එයාලතත් මෙවැනි ඉරණමක් ඇති උනොත් අපෙන් සහයෝගය ලබාගන්න (දී)
රාජ්‍ය නායකයින් උතුරට යාම සංචාරකයෙකු යාමකට වඩා වෙනස්. එය ලෝකය තුල "උතුර" වෙනම රටක් ලෙස පිළිගැනීමකට ලක් කිරීමක්. උතුරේ වෙනම නායකයන් හමුවීමේ තේරුම එයයි දෙමල ජනයාව රටේ ආණ්ඩුව යටතේ තියාගන්නේ නැතුව හදිසි පළාත් සභාවක් තියල ඒ මදිවට රාජ තාන්ත්‍රික පිළිගැනීමත් ගෙනල්ලම දෙනවා. තව අවුරුදු කීපයකින් ප්‍රතිපල බලාගන්න හැකිවෙයි(දිල්)
චෝග්ම් එකට ආපු අය යාපනේට යන්නෙ හරියට වෙන රටකට යනව වගෙයි(දිල්)
අසංග, ඔබ හරි. ඉස්සර අපි කතාවට කියනවනේ මීගමුවේ කුලියට අඩන ගැණු ගැන. යාපනෙත් ඒ වගේ තමයි. මොක වුනත් මෙයා කැමති වෙන්නේ නැහැ 'ඇන්කර්; වෙළඳපොල නැති කර ගන්න.(දිල්)
බොහොම හොඳ වැඩක් මෙයාල උතුරට යවපු එක.හරි පාරේ එන විදේශ නියෝජිතයන්ට ලංකාවේ සංචාරයට තහංචි නෑ (අ)
ඊට පස්සේ කියයි අන්න අන්න නවසිලන්තේ අයත් අපිට විරුද්ධව කතා කරනවා කියලා. (ස)
සමනල, එක්කෙනෙක් කිවි.අනිත් එක්කෙනා කන්ගරුවෙක් (අ)
මේ අයට යාපනයට ගියාම තිබෙන ප්‍රශ්නය මොකද්ද? ඇයි අපි මෙච්චර බය මේ කට්ටිය යාපනයට යනවට? යාපනය ලංකාවේ කොටසක් නොවෙයිද? අපි වැරදි කරලා නැත්නම් මොකටද අපි බය වෙන්නේ? (නි)
ලංකාවට ආ විදේශීය රාජ්‍ය නායකයින්ට ගුවන් සේවා පහසුකම් දුන්නහම මොකද වෙන්නේ? (නි)
යාපනේදී ඇත්ත ඇති විදියට සිද්ධ වෙනවා නම් කමක් නැහැ. එහෙත් කොටි හෙවණැලි බොරු චෝදනා මවලා,නොමග යවන්න ගන්න උත්සාහයේ අඩුවක් අදටත් පේනතෙක් මානයකවත් නැහැ (නි)