නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඇතුළු දූත පිරිසක් සිංගප්පුරු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් අද අළුයම දිවයිනට පැමිණියේය.
තෙදින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය ජෝන් කී මහතාව ගුවන් යානය පා මුලදී කුඩා දරුවන් දෙදෙනෙකු විසින් මල් දම් පළඳවා පිළිගත් අතර අග්‍රාමාත්‍ය වරයාද එම දරුවන්ට ත්‍යාග පිරිනමා සුභ පැතුවේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජෝන් කී මහතාව ඉතා උනුසුම් අයුරින් පිළිගෙන ගුවන් හමුදා උත්තමාචාර මැද රතුපලස මතින් විශේෂ අමුත්තන් අත්සන තබන ස්වර්ණමය පුස්තකය වෙත කැඳවාගෙන ගියේය. එහිදී ජෝන් කී මහතා ස්වර්ණමය පුස්තකයෙහි සිය අත්සන තැබීය.
තෙදින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන 26 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අතර අග්‍රාමාත්‍ය ජෝන් කී ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
දෙරටේ දේශපාලනික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සංචාරයේ අරමුණයි.
නවසීලන්ත අගමැතිවරයා සමග පැමිණි එරට වෙළඳ නියෝජිතයන් 25 වනදා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ඇමතීමට නියමිතයි.
සංචාරය අතරතුර නවසීලන්ත අගමැති ජෝන් කී මහතා විසින් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රීය සංගමයේ විධායක කමිටු රැස්වීමක මුලසුන දරනු ඇත.
.මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත - ශ‍්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් පැවැත්වීමට නියමිත අතර එතුළින් දෙරට අතර නව ව්‍යාපාරික සබඳතා බිහිවනු ඇති බවට රජය විශ්වාස කරයි.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි මිල පහත හෙළාගැනීමට හොඳ අවස්ථාවක්. (නි)
ලෝක වෙළඳ පොලේ පිටිකිරි මෙට්‍රික් ටොන් එකක මිල බලනකොට දැනට පවතින මිලට වඩා පිටිකිරි කිලෝ එකක් රුපියල් 100 ක් විතර අඩුවෙන් දෙන්න පුළුවන්. මෙතුමාගේ සංචාරයෙන් තවත් වාසිදායක ගිවිසුම් වලට ඇවිල්ලා කොහොමහරි රුපියල් 150 ක්වත් අඩුකරලා දෙනවා නම් ඒක අපිට ලොකු සහනයක්. නිරෝගී ජාතියක් බිහිකිරීමට කිටිපිරි මිල අඩු කිරීම අත්‍යාවශ්‍ය දෙයක්. (නි)
එනවා යනවා. අපිට වැඩක් නැහැ. හැබැයි නවසීලන්තේ ජාතික ගුවන් සේවයක් නැද්ද? ඇයි මෙතුමා වෙන ගුවන් යානයකින් ආවේ? (නි)
ලොව ධනවත්ම රටක ජනාධිපතිවරයෙක් අන්රටක සාමාන්‍ය ගුවන්යානයක ..ලොව දුප්පත්ම අප රටේ රජවරු තනි ගුවන්යානයක සැපට ගමන වෙනසක අරුමය කොතරම්ද (බ)
දියර කිරි බොන්න හුරු වෙයල්ලා. පිට රටින් එනකන් බකන් නිලන් ඉන්නේ නැතුව. (බ)
ශෂී කියන්නේ දේශපාලකයෙක්ද ? අපිට දියර බොන්න කියල ඕගොල්ලෝ රජ සැපට කනවා බොනවා ඇති. (බ)
ඉමේෂ් ගේ ලපටි මොලේ ට ඕව තේරෙන්නේ නැති පාටයි (බ)
ඉමේෂ්, ලංකාවේ ඉඳලා නවසීලන්තයට යන්නවත් නවසීලන්තයේ ඉඳලා ලංකාවට එන්නවත් ඍජු ගුවන් සේවාවන් නැහැ. සිංගප්පුරුව හරහා අදාළ රටවලට යාම තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් මෙතුමාත් සිංගප්පුරුවේ සාමාන්‍ය ගුවන් සේවයකින් ලංකාවට ආවා. ඔහුටම කියලා විශේෂ ක්‍රමවේද අනුගමනය කරන්නේ නැතුව. (නි)
ශෂී, දියර කිරි මිල, පිටිකිරි වලට වඩා ගොඩාක් අඩුවුණොත් කැමති මිනිස්සු දියර කිරි බොයි. තමුන් කැමති දේ කන බොන ඒක මිනිසුන්ගේ අයිතියක්. මොනවා වුණත් රටේ ජනතාවගේ පෝෂණය නම් හොඳටම මදි (නි)
නවසීලංතේ අපි වගේ පෝසත් රටක් නොවන නිසා එයා වෙන රටක ගුවන්යානයකින් එන්න ඇති. (ර)
අපේ නායකයෝ හරිහමන් රටවල්වලට යනවා හරි හමන් රටවල් වල නායකයෝ අපේ රටට එනවා. මේක පැහැදිලි වෙනසක්. (ර)
ඉමේෂු එතනෙකාට අපේ ජවාධිපති ජර්මන් ගියේ කොහෙද? කටාර් එයාර්වේස් කියන්නේ අපේ රටේ දෙයක්ද? (කෞ)
නිව්සීලන්ඩ් එයාලයින්ස් නමින් හොඳ ධනවත් ගුවන් සමාගමක් ඒ රටට තියෙනවා. කුවේටයේ බන්ඩාර නම් නිවැරදිව එතුමාගේ ක්‍රියාව සටහන්කොට තිබෙනවා. නවසීලන්තයේ ඕනෑම කෙනෙක් එතුමාට ජෝන් යනුවෙන් මුල්නමින් අමතන බව දන්නවාද! මේ, ඒ රටවල දේශපාලනඥයන්ගේ ස්වරෑපයයි.රාජ්‍ය නිලධාන්ද එහෙමමයි. සර්ලා මෙහේ නැහැ. (කෞ)