නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ලබන අඟහරුවාදා රාත්‍රී (23) දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණෙන නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා 24 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රජයේ උත්තමාචාර දැක්වීමේ ප්‍රධාන උත්වසයක් කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, තවත් වෙනසක් තිබෙනවා. නවසීලන්තේ ජාතික ගීය එකයි. නමුත් පටන් ගන්නේ සුළු ජාතියේ (මාඕරි) භාෂාවෙන්. ඛණ්ඩ දෙකකට පසුවයි ඉංග්‍රීසි වලට හැරෙන්නේ. (නි)
නවසීලන්තය හැම ජාතියකටම සමානව සළකන රටක්. එනිසා ජාතිවාදී ගැටුම් නැති සාමකාමී රටක් ලෙස නම් කරන්න පුළුවන්. ඉතින් එම රටේ පාලනය ගැන දැනුවත්වීම වරදක් නැහැ. (නි)
මාඕරි කියන්නේ නවසීලන්තයේ සුළු ජාතිය නොවෙයි.එයාලා නවසීලන්ත ස්වදේශිකයෝ. ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වෙලා තියෙන්නේ එංගලන්තය එම රට යටත්කර ගත්තාට පසුවයි. (නි)
එදා ආවේ ස්වාසිලන්තයෙන් අද එන්නේ නවසීලන්තයෙන්.. එදා ගියේ මියන්මාරේ, වියට්නාමේ, උගන්ඩාවේ අද යන්නේ ජර්මනියේ, එංගලන්තේ, ඇමරිකාවේ.. ඔන්න ඕකයි වෙනස..(බ)