කිලිනොච්චිය මුලංකාවිල් මහා විද්‍යාලයේ ගුරුවරියන් සිටින නේවාසිකාගාරය ආසන්නයේ තිබූ යුද හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත් කර ඇත.
මේ අතර වන්නි දිස්ත්‍රීකයේ පාසල්වල පිහිටි නේවාසිකාගාර ආසන්නයේ ඇති සියලු හමුදා කදවුරු එම ස්ථානවලින් ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ලංකා දෙමල ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ නේවාසිකාගාර ළඟ හමුදා කඳවුරු ? (බ)
ජාතික සමගියටත් එක්ක ළඟින් ඉන්න එපායැ. ඔය ගින්දර පුළුන් ළඟ තිබෙනකොට සුභවාදිව හිතන්නත් පුරුදු වෙන්න, නරකද ඥාති සම්බන්ධතා ඇති වුණොත්? (නි)
රටේ අනිත් ප්‍රදේශ වල නේවාසිකාගාර , පන්සල් ,පල්ලි , කෝවිල් පාසල් , විශ්වවිද්‍යාල අසල තිබෙන හමුදා කන්දවුරුත් ඉවත් කරන්න , උතුරට විතරක් වෙනම නීති අවශ්‍ය නැහැ , (හේ)
කඳවුරු ළඟ නේවාසිකාගාර හදලා (හේ)
සුරෙශ්ලට ඕනෙ විදිහට කරන්න දෙන්න බැහැ, හමුදාව සිටිය යුතුය. (ර)
කඳවුරු ළඟින් නේවාසිකාගාර ඉවත් කරන්න. එතකොට ත්‍රස්ත වැඩවල ආරම්බය නවතීවි... (ර)
ගින්දර සහ පුළුන් එකලඟ තියනවට වඩා පොඩ්ඩක් ඇතින් තියන එක හොඳයි (හේ)
සමීර, අපි පුළුන් ඈත් කරමු නේවාසිකාගාර ඉවත් කරමු නේද ? (ර)
මොකටද මේ කඳවුරු ඉවත් කරන්නේ.(හේ)
හෙට උතුරෙම ඉවත් කරන්න කියයිද?(හේ)
මොකක්ද මේ වෙන්න යන්නේ.(හේ)
ඉවසල ඉන්න සුරේෂ්, ඔයත් දන්නවනේ ගිවිසුමේ හැටියට දැනටම කඳවුරු ගොඩක් ගලවල ඉවත් කරලා තියන බවත් ඉතිරි ඒවත් ඉදිරියට ගලවා දමා හමුදාව ඉවත් කර ගන්නා බවත්. කඳවුරු ගැලවීමට විරුද්ධ වෙන හමුදා නායකයින්ට අත්වෙන ඉරණමත් අපිට දැන් පේන එකේ, මොකටද මේ බොරු සද්ද? (හේ)