තොටළඟ ෆර්ගසන් පාර අසල අනවසර නිවාස පේළියක් ඉවත් කිරීම අද (16) නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීහු කලහකාරී ලෙස හැසිරුණහ.
ඔවුන්ගේ විරෝධය නොතකා අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව ගම්වැසියෝ තොටළඟ ප්‍රධාන මාර්ගය අවහිර කළහ.
පසුව එහි පැමිණි එම ප්‍රදේශයේම පිරිසක් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කළයුතු වැඩ. අගය කළයුතුයි. මෙතෙක් කල් නිදාගෙන සිටි බලධාරීන්ද මීට වගකිව යුතුයි. (නි)
මෙහි සිද්ධ වෙලා තියෙන්නේ තමන්ට රජයෙන් ලබා දුන් ගෙවල් කුලිට දීල . කුලියට ඉන්න මිනිස්සු තමා මේ ....(බ)
මෙතන වෙලා තියෙන්නේ රජයෙන් ලබා දුන්නු ගෙවල් කුලියට සහ බද්දට දී නැවත ලෑලි වලින් ගෙවල් හදල වතුර විදුලිය ලබා ගෙන අනවසරයෙන් පදිංචිවීම පෑලියගොඩ සිටින මම දන්නවා මෙතන වෙලා තියන දේ (බ)
මේ මිනිසුන්ට කොහේහරි ගෙවල් දෙන්න ඕනෑ. එදා ගෝඨාභය මේවා කරනකොට කොහොමද කිව්වේ? දැන් යහපාලනයෙන් කරනකොට හොඳයි. (නි)
අනවසර රජයේ පොදු ඉඩම්වල බලෙන් පදිංචිවීම බරපතල වරදකි. ඔවුන්ට පදිංචි වෙන්න මේ රටේ වෙනත් තැන් නැද්ද? (නි)
එදා විශාල මහල් නිවාස හදලා ඒවා ලබාදීලයි මිනිසුන් ඉවත්කළේ. ඇතැම්විට නිවාස දීමට කලින් ඉවත්කළා නම් නිවාස කුලියක් දුන්නා. එහෙම මහින්ද දීපු නිවාස තමයි ඔය පසුබිමෙන් තියෙන්නෙ. කාටවත් නැහැ කියන්න බැහැනේ. අද යහපාලන කරන අය නිකම්ම අසරණ මිනිසුන් පාරට දානවා. එදා කෑ ගහපු රතු කොළ කට්ටිය අද මේවට කැමතිද? (නි)
ඔය මිනිස්සුන්ට ලැබුණ තට්ටු ගෙවල් කුලියට දීලා අායෙත් අනවසර ගෙවල් හදනවා ඉතින් කඩන් නැතුව වෙන මොන කරන්නද. අධික තණ්හාව සහ හොර ජාවාරම් කරන්න පහසුයිනේ.(හේ)
හොදට හොයල බලන්න මේ අයට කලින් නිවාස ලබාදි ඇති අතර ඔවුන් එම ගෙවල් කුලියට බද්දට නිතියානුකුල නොවන අයුරින් වෙනත් අයවලුන්ට ලබා දි නැවත ගෙවල් ලබාගැනීමේ පරමාර්ථයෙන් අනවසර ඉවත්කර ස්ථානවලම අවසරයකින් තොරව ලෑලිවලින් ගෙවල් අටවාගෙන ඇත. මෙසේ කොළඹ සංවර්ධනය කිරීම කිසිසේත්ම පහසුවනු නොමැත. (ර)