IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිවාස කැඩුවාට තොටළඟ වැසියෝ කිපෙති

තොටළඟ ෆර්ගසන් පාර අසල අනවසර නිවාස පේළියක් ඉවත් කිරීම අද (16) නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීහු කලහකාරී ලෙස හැසිරුණහ.

ඔවුන්ගේ විරෝධය නොතකා අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කළ නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව ගම්වැසියෝ තොටළඟ ප්‍රධාන මාර්ගය අවහිර කළහ.

පසුව එහි පැමිණි එම ප්‍රදේශයේම පිරිසක් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්හ.

totalanga_2016216958 totalanga_2016216958-2 totalanga_2016216958-3 totalanga_2016216958-4 totalanga_2016216958-5 totalanga_2016216958-6

 



අදහස් (0)

නිවාස කැඩුවාට තොටළඟ වැසියෝ කිපෙති

ජගත් Tuesday, 16 February 2016 04:29 PM

මේවා කළයුතු වැඩ. අගය කළයුතුයි. මෙතෙක් කල් නිදාගෙන සිටි බලධාරීන්ද මීට වගකිව යුතුයි. (නි)

:       0       0

නාරද Wednesday, 17 February 2016 04:52 AM

මෙහි සිද්ධ වෙලා තියෙන්නේ තමන්ට රජයෙන් ලබා දුන් ගෙවල් කුලිට දීල . කුලියට ඉන්න මිනිස්සු තමා මේ ....(බ)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 17 February 2016 05:16 AM

මෙතන වෙලා තියෙන්නේ රජයෙන් ලබා දුන්නු ගෙවල් කුලියට සහ බද්දට දී නැවත ලෑලි වලින් ගෙවල් හදල වතුර විදුලිය ලබා ගෙන අනවසරයෙන් පදිංචිවීම පෑලියගොඩ සිටින මම දන්නවා මෙතන වෙලා තියන දේ (බ)

:       0       0

ජයන්ත Wednesday, 17 February 2016 02:19 AM

මේ මිනිසුන්ට කොහේහරි ගෙවල් දෙන්න ඕනෑ. එදා ගෝඨාභය මේවා කරනකොට කොහොමද කිව්වේ? දැන් යහපාලනයෙන් කරනකොට හොඳයි. (නි)

:       0       0

රොක්සි Wednesday, 17 February 2016 02:33 AM

අනවසර රජයේ පොදු ඉඩම්වල බලෙන් පදිංචිවීම බරපතල වරදකි. ඔවුන්ට පදිංචි වෙන්න මේ රටේ වෙනත් තැන් නැද්ද? (නි)

:       0       0

නුවන් Wednesday, 17 February 2016 02:47 AM

එදා විශාල මහල් නිවාස හදලා ඒවා ලබාදීලයි මිනිසුන් ඉවත්කළේ. ඇතැම්විට නිවාස දීමට කලින් ඉවත්කළා නම් නිවාස කුලියක් දුන්නා. එහෙම මහින්ද දීපු නිවාස තමයි ඔය පසුබිමෙන් තියෙන්නෙ. කාටවත් නැහැ කියන්න බැහැනේ. අද යහපාලන කරන අය නිකම්ම අසරණ මිනිසුන් පාරට දානවා. එදා කෑ ගහපු රතු කොළ කට්ටිය අද මේවට කැමතිද? (නි)

:       0       0

ඒෂාන් Wednesday, 17 February 2016 03:08 AM

ඔය මිනිස්සුන්ට ලැබුණ තට්ටු ගෙවල් කුලියට දීලා අායෙත් අනවසර ගෙවල් හදනවා ඉතින් කඩන් නැතුව වෙන මොන කරන්නද. අධික තණ්හාව සහ හොර ජාවාරම් කරන්න පහසුයිනේ.(හේ)

:       0       0

සර්ධා Wednesday, 17 February 2016 03:36 AM

හොදට හොයල බලන්න මේ අයට කලින් නිවාස ලබාදි ඇති අතර ඔවුන් එම ගෙවල් කුලියට බද්දට නිතියානුකුල නොවන අයුරින් වෙනත් අයවලුන්ට ලබා දි නැවත ගෙවල් ලබාගැනීමේ පරමාර්ථයෙන් අනවසර ඉවත්කර ස්ථානවලම අවසරයකින් තොරව ලෑලිවලින් ගෙවල් අටවාගෙන ඇත. මෙසේ කොළඹ සංවර්ධනය කිරීම කිසිසේත්ම පහසුවනු නොමැත. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site