IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරාධයක වින්දිතයකුගේ මතුගම බාලිකා පාරේ නිවසක ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයකු  ටි 56 රාජකාරි ගිනි අවියෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයකුගේ ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය කියයි.

එම වෙඩි ප්‍රහාරයෙන් ජීප් රථයට හානි සිදුවී ඇත.

2022 පෙබරවාරි මස 15 වෙනි දින මෙම නිවසේ සිටි චන්දිමා දිල්හානි පෙරේරා නමැති කාන්තාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව මතුගම පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගිනි අවි සහිතව පැය 24 තුළම එම නිවසට ආරක්ෂාව ලබා දෙන ලෙස නියෝගයක් ලබා දී තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව පොලිස් සැරයන් වරයකු ඊයේ රාත්‍රී රාජකාරී නිරතව සිටියදී මතුගම ඇතුළත් මුදලි වටරවුම දෙස සිට පැමිණි කළු පැහැති ජීප් රථයක් එම නිවස අසලදී වේගය අඩුකර ධාවනය කිරීමේදී පොලිස් සැරයන්වරයාට වෙඩි ශබ්දයක් ඇසී ඇතැයි පොලිසිය කියයි.

එහිදී නිලධාරියා ජීප් රථයෙන් නිවස දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට සැකකර ඔහු සන්තකයේ තිබූ  ටි 56 ගිනි අවියෙන් පුද්ගල හා දේපළ ආරක්‍ෂාව සඳහා ජීප් රථය දෙසට හා අහසට තබා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැරයන්වරයා වෙඩි වාර පහක් පමණ තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජීප් රථයේ හිමිකරු  මතුගම පොලිසිය වෙත පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද සිදු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (3)

නිවසේ ආරක්ෂාවකට සිටි පී.සී ජිප් රියකට වෙඩි තබයි

Chinthana Wednesday, 07 May 2025 10:13 AM

පී සී ද සැරයන්ද ?

:       0       9

ජිල්බු Wednesday, 07 May 2025 11:06 AM

සැර wpc කෙනෙක්

:       0       10

වින්සන්ට් කජ්ජා Wednesday, 07 May 2025 10:16 AM

හොර මැරකම් කොතනද UNP, SLPP, SJB එතන. මතුගම පාතාල ගැටුමෙන් ඔය කාන්තාව මැරුණේ. උන්ව ඒකාලේ ඇල්ලුවේ නැත්තේ දේශපාලන බලපෑම් නිසා. පොලිස් රාලහාමිට ආචාරය.

:       5       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 189 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 527 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site