ක‍්‍රීඩා අමාත්‍යාංශයේ පළාත් ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 250 ක වියදමකින් නිමකළ නාවලපිටිය ජයතිලක ක‍්‍රිඩා සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන ඉරිදා විවෘත කෙරේ.
ග‍්‍රාමීය මට්ටමේ සිට ක‍්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කර දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යාම සදහා ජාත්‍යන්තර ප‍්‍රමිතියකින් හා ඉහළ තාක්ෂණයකින් යුත් ක‍්‍රීඩා සංකීර්ණ ප‍්‍රාදේශීය ,දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටමින් ඉදි කිරීමට කී‍්‍රඩා අමාත්‍යංශය සැලසුම් කර ඇත.
පසුගිය වසරේ ආරම්භ කරන ලද මෙම සැලැස්මට අනුව, උතුරු පළාතේ කිලිනොච්චි ක‍්‍රීඩාංගණය, ඌව පළාත් ක‍්‍රීඩාංගණය, උතුරු මැද පළාත් ක‍්‍රීඩාංගණය යන කී‍්‍රඩංගණ වලට පෙර නිම කරන ලද්දේ නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයයි.
ක‍්‍රීඩා 25 ක් සඳහා අවශ්‍ය පහසුකම් මෙම ක‍්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය තුළින් ලබා දීමට අපේක්‍ෂා කෙරේ. මීටර් 400 ක ධාවන පථයක්, මීටර් 200ක පුහුණු ධාවන පථයක්, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් පාපන්දු සහ රගර් ක‍්‍රීඩා කළ හැකි ක‍්‍රීඩාංගණයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ක‍්‍රීඩා 25ක් පුහුණු විය හැකි අංගසම්පූර්ණ ගෘහස්ථ ක‍්‍රීඩාංගණයකින්ද මෙය සමන්විත වන බව ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවලපිටියේ ජයතිලක ක්‍රීඞාංගනය ජනපති අතින් ඉරිදා විවෘත කෙරේ
වරුණ Friday, 29 June 2012 12:51 PM
ඇයි නම වෙනස් නොකරේ ?
ඉරේෂ් Friday, 29 June 2012 01:42 PM
හොඳ වැඩක්..
සේනානායක Friday, 29 June 2012 03:11 PM
කොහොමටත් ඇමති තුමා ගමට සලකනවා .
අරා Friday, 29 June 2012 04:37 PM
ඉතා වැදගත් ආරම්භයක් . තරුණ පරපුර ක්‍රීඩාව තුලින් හෝ ගොඩගැනීමට බලධාරීන්‍ට ශක්තිය ලැබ්වා !!