නාවල නිවසක ගෙවත්තේ සිටි අලි පැටවකු සොයාගත් වනජීවී නිලධරයෝ අලි පැටවා රැගෙන ගියහ. එම අලි පැටවාට නිසි බලපත්‍රයක් නොතිබු බව නිලධරයෝ කියති. අලිපැටවා වෙනුවෙන් ඉදිරිපත් කළ බලපත්‍රය නිකුත් කැර ඇත්තේ 2012 දී වුවත් එම බලපත්‍රය හිමිකරු 2010 දී මියගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
අලි පැටවාගේ වයස අවුරුදු හයක් පමණ බවද ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් ලෙස මිනිස් සමාජයේ යහපත උදෙසා කරනවා නම් මොනතරම් දේවල් තියෙනවද කරන්න? ඒ සියල්ල අමතක කරලා කැලේ ඉන්න අහිංසක අලිපැටව් උන්ගේ රෑනෙන් හොරකම් කරගෙන ඇවිල්ලා උන්ව හිරකරගෙන මොනවද මේ කරන්නේ? (නි)
එතකොට වැරදිකරුවන්ට නීති මාර්ගයෙන් කටයුතු කරන්නේ නැද්ද? (නි)
එතකොට අලි පැටියා හිරකරගෙන හිටි කට්ටිය? (නි)
සතුන්ට නිදහසේ ජීවත්වෙන්න වරමක් නැද්ද අප රටේ? (නි)
බලපත්‍ර දරන්නා මැරිලද මරලද ? (ස)
මැරිච්ච අලියෙකුගේ හැඳුනුම් පතක් අහුලාගෙන ඇවිල්ලද දන්නේ නැහැ. (ස)
දැන් මේ අලි පැටියා තියාගෙන ඉන්න නාවල වලව්වේ හාමු ගේ වගතුග පළ කරන්නේ නැද්ද ?(දිල්)
බලපත්‍රය නිකුත් කළ නිලධාරියාත් 2012 ට පෙර පෙන්ෂන් ගිය හෝ මියගිය කෙනෙක් වෙන්නත් බැරි නැහැ, මේ වෙන දේවල් බලනකොට. (නි)
තව ටික දවසක් යනකොට තට්ටු නිවාසවල උඩ තට්ටු වලිනුත් අලි අල්ලා ගනීවි. (නි)
මෙහෙම ගියොත් දේශපාලනය කරන්නත් රටක් ඉතුරු වේවිද කියා සැකයි (නි)
අහිංසක සත්තු කැලයෙන් ගෙනවිත් මෙහෙම අපරාධ කරන අයෙගේ අනන්‍යතාවය පළකරන්න. මේවා පරම්පරාවල් වැනසෙන පව්කම්! (නි)
අලිත් දැන් ගෙබි පැටව් ගානට වැටිලා........(අ)
නීතියක් නැති, අනේ මෙහෙම රටක් ! (අ)
ජනපති තුමනි ඔබව විනාස කරන මේ කාලකන්නි බලවේගයන්ට ඉක්මනටම ප්‍රතිකාරයක් නොකලොත් ඔබටත් මේ රටටත් මහා කැළලක් සිදුවනු නොඅනුමානයි. (ස)
ඔය නාවල ගෙදෙර ඉන්න අයට තේරෙන්නේ නැද්ද අලි පැටියෙකුට ජීවත් වෙන්න අක්කර කීපයක ඉඩමක් ඕන බව? (අ)
උදේ චීන රූමතියෝ ඔය අලි පැටියා එක්ක ඔතන ෆොටෝ ගත්තා. (නදී)
හරියටම මම කියන්නම්. ඔය අලියා තියාගෙන සිටි කෙනාට දේශපාලන සවියක් තියෙන්න ඕනෑ (නි)
මෙහෙම යනකොට ගෙවල් ඇතුළෙත් අලි ඉඳලා අහුවෙන්න පුලුවන් (නි)