මාතලේ නාවුල ප්‍රදේශයේ සුවිසල් නිවසකට ඇතුළු වූ පිරිසක් 5දින අලුයම නිවසේ කාමර සියල්ල ගිනි තබා විනාශ කර ඇතැයි නාවුල පොලිසිය කියයි. නිවැසියන් බෙහෙත් ගැනීමට නිවසින් පිටව ගොස් තිබියදී මෙම අපරාධය සිදුව ඇත. භුමි තෙල් වත්කොට පන්දම් යොදාගෙන මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත .මෙම නිවසේ හිමි කරු විදේශ රටක රැකියාව කරන බව පොලිසිය කියයි .





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉනෝකා, ඔයා හරි. රට ඇවිල්ලා අපි විඳින දුක දන්නේ අපි විතරමයි. කවුරු වුණත් මේ වගේ අපරාධ කරන කට්ටියට මේවා විඳින්න වෙන බව මතක තියාගන්න (නි)
මේ මොන අපරාධයක්ද? (නි)
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සමාජයෙන් දැන් අතුරුදන්ව ඇත. (නි)
ඉනෝක ඔය හරි මොනතරම් දික්විදලද රට ඇවිත් ඔය ගෙවල් හදාගන්න ඇති මේ අපරාදය කරපු ය සොයා උපරිම දඩුවම් ලබාදිය යුුතුයි (ම)
ලංකාවේ තරමි නපුරු දුර්ජන සිත් අැති මිනිසුන් නැහැ වෙන කිසිම රටක ..මේ සතුරන්ව අධිකරණයට පත්කරල තිරනය විය යුත්තේ මොවුන්ගේ වියදමින් ඒ නිවස යලි සකසා දිමය. ..(බ)
කෙනෙක් නිකන් ඊර්ෂ්‍යාවට ක්‍රෝධයට තවත් කෙනෙක්ගේ ගෙයක් ගිනි තියන්නේ නැහැ. අපි නොදන්නා මොකක් හරි ලොකු කතන්දරයක් නිසැකයින් මෙතන ඇති. (නි)
රුපවති හරි , ලංකාවේ තරම් නපුරු හිත් තියන මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැහැ වගේම ලංකාවේ තරම් ආගම් අදහන මිනිස්සුත් මේ ලෝකේ කොහෙවත් නැහැ (බ)
අනිවාර්යයෙන්ම ඊර්ෂ්‍යාවට කරපු වැඩක්. (නි)
ගිනිතියපු අයගේ හිත්වල ඇති වෛරය, ක්‍රෝධය,ඊර්ෂ්‍යාව තමයි පෙන්නුම්කරලා තියෙන්නේ. (නි)
ගෙදර වැඩකරන හෝ ළඟින් ඇසුරු කරන අයෙකුගේ අනුදැනුම ඇතුව සිදුවුණු දෙයක් වෙන්න පුලුවන් (නි)
ගිනිතියපු අය අල්ලලා මතක හිටින දඬුවමක් දියයුතුය (නි)
අර පින්තූරයේ ඉන්න කාන්තාවන්ට වාගේ අපිටත් කම්මුලේ අත තියාගෙන ඉඳලා හිතන්න වෙන්නේ ලංකාවේ ඉන්න මිනිසුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. අර විදෙස්ගත පුද්ගලයා අවුරුදු ගානක් දුක් මහන්සියෙන් උපයාගත් සේසත අළු දුහුවිලි වෙලා තියෙන හැටි දකින අපේ සිතත් මෙපමණ සසල වෙනකොට ඒ මිනිසුන්ට කොහොම ඇද්ද?වෙන මොකුත් නොවෙයි ඊර්ෂ්‍යාව..........! (නි)
අපරාධකරුවන්ව ඉක්මණින්ම අල්ලන්න හැකිවේවා! (නි)
මොකක්ද දන්නෙ නැහැ මෙහෙම කරන්න හේතුව? (නි)
කවුද මේ අපරාධය කළේ? (නි)
අපරාධකාරයින් අල්ලා ඔවුන්ගේ වියදමින් අලුත් නිවසක් සාදාදීම නියම දක්ෂතාවයයි. (නි)
අපොයි දෙවියනේ! (නි)
මේ අපරාධය කළවුන් සොයා නිසි දඬුවම් දෙන්න ඕනෑ (නි)