තංගල්ල හෝටලයක දී ඉතාලි ජාතික කුරාම් ෂේක් ෂමාන් මරා ඔහුගේ හිතවතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝනා කෙළසීයැයි කියන නඩුවේ චෝදනාවලට නිවැරදිකරුවන් බව තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණගේ ඇතුළු පස් දෙනෙක් කොළඹ මහාධිකරණයේ දී අද ප්‍රකාශ කළහ.
ඔවුනට එරෙහි චෝදනා 17ක් නගා ඇත.
මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය දෙසැම්බර 02 වැනිදාට කල් තැබුවාය. සැකකරුවෝ පෙර ඇප මතම මුදා හරිනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසුම් ඒවට දැන් කියන්නේ ජිවිත වාෂ්ප කරන්නන් කියලා.(නදී)
දුකයි අම්මේ ,...මගේ ..ලක් මෑණි..ගරු (නදී).
පිටරටකදී මෙහෙම අපිට වුණොත් ඔවුන් අපිට සළකන්නෙත් මෙහෙමම තමයි (නි)
බලාගෙන ගියාම අපි කොතරම් සදාචාර සම්පන්න ජාතියක්ද? ඔය කියන මහත්වරුන්ගේ මානව හිමිකම් ඉහළින්ම ආරක්ෂා කරන රට තමයි අපේ මේ ශ්‍රී ලංකාව. (නි)
සිනහ වෙනු මැන වේදනා පිස දා වේදනා පිස දා.........................(ස)
ජීවන් මහත්තය මිනීමැරුම් නඩුවක ඇප දෙනවා දැකල තියෙන්නේ අදමයි වගේ..මේ රටේ තියෙන නීතිය අනුව තමයි මේ ඇප ලැබෙන්නේ..මේ පුද්ගලයින්ට දඩුවම් ලබා දීම ඔබ තුමාට අවශ්‍ය විදියට කරන්න බැහැ..එහෙම කරනවානම් උසාවි දාන්න කලින් අර අායුධ පෙන්නන ක්‍රමේට කරන්න ඕන..ඔබ තුමාට අවශ්‍ය මේ පුද්ගලින්ට දඩුවම් ලබාදීම නොවන බව හොදින්ම තේරෙනවා..යටි අදහස වෙන දෙයක්..මෙයට වඩා බලගතු පුද්ගලයින් මේ රටේ නීතිය හමුවේ දඩුවම් ලබල තියෙනවා..මේ මොන පගර නැට්ටෙක්ද?..(ස)
ඔන්න දේශපාලනයේ අතුරු ඵල කියන දේවල්.(නදී)
භෞතික සම්පත් කොපමණ දියුණු කලත් වැඩක් නැ නීති ගරුක සමාජ වටපිටාවක් නැත්නම්. ප්‍රසිද්ධියේ මිනි මරලා දේශපාලන බලයෙන් නීතියෙන් ගැලවී සිටින අමුනුස්සයෝ රැලක්. ලංකාව තුල මේ අයට බිය වීමට කිසිම හේතුවක් නැ. (නදී)
ඔව් කුසුම්,ජීවන් මෙවැන්නන්ට අද සාධාරණ දඩුවමක් නොලැබුණත්, මොවුන් මුවින් සිනහ වුවත්, ඔවුන්ගේ හදවත් තුල රැවු දෙන්නාවු මානසිකත්වයේ පීඩනය හේතුකොටගෙන ඔවුන් විදවන්නාවු ඒ වේදනාවම ඔවුන්ව මාරාන්තික අගාධයක් කරා ඇදගෙන යනවා ඒකාන්තයි. (නි)
ඇත්තනේ. මොකටද හිරභාරයේ තියාගෙන ඉන්නේ? (නි)
දේශසපාලනිකව හෝ බාහිරව මේ රටේ සිදුවන හැම අපරාදයක්ම නීතී ගරුක පුරවැසියෙක් හැටියට මම හෙලා දකිනවා. නීත්‍යායුනුකුලව හෝ නොවන අයුරින් තිරිසන් ඝාතකයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි යන මතයේ මම හැමදාමත් ඉන්නවා. මේ සිදුවීම සාදාරනීකරනය කරන්න මව් කුසකින් හරි විදියට ජාතක උණු කිසිම මනුස්සයෙක් උත්සහ ගන්නේ නැහැ. මේ වරදට වගේම රටට කල අපහාසෙටත් මේ පාපතරයින් තම ජීවිත වලින් වන්දි ගෙවිය යුතුයි. මේ සිදුවීමට දේශපාලනය පටලවන්න හදන කට්ටියගේ එහෙම අදහසක් හිතේ නැති බව නම් මම දන්නවා. ඔවුන්ට අවශ්‍ය මේ පුද්ගලයින් ඇප ලබනවා දැකීම විතරක් නෙමෙයි සියලු චෝදනාවලින් නිදහස් වෙනවා දැකීම. එතකොට තමයි මේ සිදුවීමේ වටිනා කම වැඩිවෙන්නේ. මිලක් ලැබෙන්නේ. දේශපාලනිකව විකුණගන්න පුළුවන් වෙන්නේ. 70 දශකයේ ඉදලා මේ දේශපාලන රටාවේ අත් දැකීම් ලබලා තෙම්පරාදු වෙච්ච අපිට ඕක තේරුනාට අද ඊයේ ඉපදුනු සදුන්ලට සත්‍යයලගේ අසත්‍යය තේරුම් ගන්න අමරුයි කියල මම දන්නවා. සදුන් මළමිනී පා කරපු කතාව දන්නේ නැහැ වගේ. ඒ වගේ අසත්‍ය මවන අය තමයි මේ කොමෙන්ට්ස් වලින් සත්‍යලා වෙන්න හදන්නේ. මේ ප්‍රාදේශීය සභාවක නන්නත්තාර වෙලා රට හමුවේ නිරුවත් උණු චරිතයක් රැක ගන්න මෙයාගෙන් ප්‍රයෝජන ගත් බලවතෙක් උනත් තම දේශපාලන දිවිය අවදානමකට දාල මේ වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැති බව දේශපාලනය ගැන දන්නා කට්ටිය හොදින්ම දන්නවා. නොකිය යුතු නමුත් ටිකිරි බණ්ඩාගේ භාර්යා කතාවට නම් මේක කිව යුතුයි. මේ රුසියානු තරුණිය මේ මියගිය තරුණයාගේ බාර්‍යාව නෙමෙයි, පෙම්වතියක්. ඇයි හුදලට විකිනෙන්නියක් බව මගේ මතයයි. එහෙම උනා කියල ඇගේ අයිතිවාසිකම් හා උණු අසාදාරනය සාදාරනීකරණය කරනවා නෙමෙයි. නමුත් තිත්ත ඇත්ත ඒකයි. රුසියානු තරුණිය තමයි මේ සිදුවීමේ ප්‍රබලතම සාක්ෂිය. නමුත් මම හොදටම දන්නවා මේ සිදුවීමේදීත් එම කත මුදලට විකිනෙනවා. මේ නඩුවේදී ඇගේ සාක්ෂිය මියගිය තරුණයා වෙනුවෙන් ලැබෙන්නේ නැහැ. (නදී)
කාට වුණත් අපරාධයක් කර ඇත්නම් හොදක් නම් වෙන්න එපා (නි)
බ්‍රිතාන්‍ය අගමැතිට කොලේ වහන්න ගහපු ගේම, ලංකාවට පාරා වලල්ලක් වෙලා ආවම ලංකාවේ රටවැසියා තමයි දුක් විදවන්නේ. (නදී),
කොහොමත් අන්තිමට මේ වගේ වෙන බව නම් අපි දන්නවා. (නි)
බන්දුල පෙරේරා, තරහා යන කතා කියන්න එපා. (නි)
දැන්වත් ලෝකය ඉදිරියේ සෘජුව නැගී සිටිමු.පිට රටවල් ඇඟිලි ගසන්නේ අපේ සිදුරක් තිබුනොත්.එනිසා ජාතික මෙහෙවරක් ලෙස සිතා දැන්වත් තීරණයක් ගන්න (නි)
අපේ රටට මෙවෙනි වැඩ වලින් වෙන අපකීර්තිය හා මෙවෙනි දේවලින් පිට රට වෙසෙන අපේ ලාංකික ජනතාවට මුන පහන්නට වෙන භයානක දේවල් ගැන රට පාලනය කරන නිතිය සුරකින පාලකයින් විනිසුරන් නීතිවේදීන් දැනගන්න උවමනායි. දැනටම සිද්දීන් දෙකක් වුනා. එකක් අහිංසක ලාකික පුතෙක් තම දෙමාපියන්ට නැතිවුණා. අනික අපේ ලාකික දරුවෙකු ගෙන යන ව්‍යාපාරයක් නැත්තටම නැති වෙන්න විනාශ වුනා. එ නිසා මෙම නඩුව අවුරුදු ගානක් හරි හැටි විබාග නොකර ඇදීගිය නිසා අපේ රටට හැමෝම නිග්‍රහ කරන්න පටන් අරන්. ඇයි අපේ ජනාධිපති තුමාට අනිත් දේශපාලන නායකයින්ට මේවා තේරෙන්නේ නැත්තේ. අපේ ලාංකිකයන්ට ගෞරවින්තව ජීවත් වන්නට මග සලසන්නට මොවුන්ට වුමනාවක් නැද්ද. මෙවැනි වැඩ කරපු අය බේරන්න හදන්නේ තව තවත් වැඩ ඉදිරියටත් කරන්න අනුබල දීමක් වෙනවා.(නදී)
අම්ම තාත්ත වත් කියලා දුන්නේ නැද්ද දන්නේ නැහැ හොද විදිහට ජීවත් වෙන්නත(නදී)
අපරාදේ බදු ගෙවන ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි සහ උසාවි වල කාලය. (නි)
සුදුපාට කියන්නේ යහපත් බව පිරිසිදුකම (නදී)
මේ ප්‍රදේශීය සභා මන්ත්‍රීත් රජයට පක්ෂ කෙනෙක්ද? (අ)
එතකොට එයා එයාටම වෙඩි තියාගෙනද? (නි)
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්න ද මේ අවනඩුව. (ස)
අර ලංකාවට ආපු ප්‍රංශ රූප රැජිනියෝ ටික නැවත ගියාද? (නි)
නීතිය හරියට ක්‍රියාත්මක වේවි නේද? (නදී)
හැම තැනම ඔය මහත්වරු නිවරදි කරුවෝ. ඡන්දෙ දීල ලොකු පුටුවලට යවන අපි තමයි වැරදි කාරයෝ.(නදී)
බන්දුල පොර්රා, මැරිච්ච මිනිසුන්ට අපහාස කරන්න එපා. .මුදලට විකිණෙන බව දන්නෙ බන්දුලත් මුදල් දීලා සේවය ලබා ගත්තද ? (නදී)
මේ අය බෝ පැළ වගේ අහිංසකයි (නි)
මේ මහත්තය නිදහස් කරන්න තිබුනේ සමුළුවට කලින්. එහෙම උනානම් කැමරන් මහත්තයට විස්තරේ කියන්න තිබුනා. ආණ්ඩුවට වැරදුනේ එතනයි.(නදී)
මුහුනෙන් කියන්න පුළුවන් සභාපති තුමාගේ ක්‍රියා කළාපය.(නදී)
බලන්නකො මෙයාලගේ මූහුණු දිහා... (නි)
ඔන්න එහෙනම් අන්තිමේදී සත්‍ය ජය ගත්තා. (නි)
අර තලන්ගම අයටත් මෙහෙම කරලා දෙන්නකෝ (නි)
පින්තුර දිහා බෙලුවම මේ අය ගෙදර හිටියට වැඩිය නියමෙට හිර ගෙදර ඉදල තියෙනවා ? (නදී)
අසත්‍යට කේන්ති ගිහින්. නීතිපතිගේ ඉල්ලීම මත සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව ප්‍රමුකත්වය දීල මේ නඩුව අහනවා. අසත්‍ය තව මොනවද ඉල්ලන්නේ. තියෙන හැම දහදුරා වැඩකටම,දුෂනයකටම වංචාවකටම ,මිනිස් ඝාතනයකටම හේතුව මේ රජය කියලත් හැමදේම සිද්ද වෙන්නේ මේ රජය ආවට පස්සේ කියලත් පෙන්නන්න අසත්යලා ටිකිරිලා ඩුබාය තිලක්ල පැල් බැදගෙන කොමෙන්ට්ස් දැම්මට ඒවට හුරේ කියන අය දැන් මේ රටේ නැහැ. ඔබ තුමාට ඉතින් හැමදාම වාතවල ගද සුවද බලබල ඉන්ටෙර්නෙට් එකෙන් ආණ්ඩු පෙරලන්න හීන දැක දැක්ම තමයි ඉන්න වෙන්නේ..වැලිවේරියේ මිනිස්සු අතුරුදන් කරලා මල මිනී උතුරු මුදෙන් ගොඩ ගස්සපු අසත්‍යා ගැන ඉතින් තව කවර කතාද. අසත්‍ය මහත්තයලගේ ආණ්ඩුව ආවට පස්සේ රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා අපරාද දුෂණ වංචා නැතිවෙලා පොලිසි උසාවි හිරගෙවල් වහල හමුදා විසුරුවා හැරලා තුන් පෝයටම පාලකයෝ පලිතයෝ සිල් ගනීවි. වෙලක මඩ නාන මී හරකෙකුකට ගිහින් ඕව කියන්න මහත්තයෝ..හැබැයි බලාගෙන..මී හරක් අතරත් මොලේ තියෙන එව්වෝ ඉන්නවා..දමල අනීවී.(නදී)
6, 4 නොදන්න කිරි සප්පයෝ ටික. (නදී)
මේ ගොල්ලෝ ආයුධ පෙන්වන්නත් රැගෙන යනවාද? (නි)
එයා ෂුවර් එකට වෙඩි තියාගන්න ඇති.අනේ කාලේ වනේ වාසේ කිව්වලු.අපි මානව හිමිකම් ගැන කතා නොකර ඉදිමු (නි)
ඇසින් දුටු සාක්කි තිබෙනවාද මොවුන් මෙය කළ බවට? වරදකරු නිතරම උසාවියේදී කියන්නේ නිවැරදිකරු කියා. (නි)
මේ අයගේ මුහුණු දුටුවම පෙනෙන්නේ මිනීමැරුම් නඩුවකට උසාවි ආපු අය වාගේ නොවේ. බලන්නකෝ සිනාමුසු මුහුණු. (නි)
හදවත දන්නවනෙ මැරුවෙ කවුද කියලා.ඒ ඇති සදාකාලිකව විඳවන්න.මේ අයගෙ බිරින්දෑවරුන්, දරුවන්, මවුවරුන්, පියවරුන් සමග මේ අය කොහොම ජිවත් වෙනවද දන්නෙ නැහැ (නි)
අවසාන තීරණය යහපත් එකක් වේවා! (නි)
කුරාම්ගේ සහෝදරයා මෙයට විරුද්ධව විශාල මෙහෙයුමක් දියත් කරනවා කියලා ආරංචියි. ඉදිරියේදී දකින්න පුළුවන් වේවි (නි)
බයවෙන්න එපා සමාව ලැබෙනවා.(නදී)
බන්දුල පෙරේරා, ඔිවා ගණන් ගන්න එපා (නි)
මොකද කියන්නේ? කොහොමටත් ඔය කතාව වැඩිදෙනෙක් කියනවා.නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
හැමදෙනාටම පෙනෙන්නේ මේ කට්ටිය සිනහමුසු මුහුණින් ඉන්න එක වැරදි විදියට. කවුද දන්නේ ඇත්තටම ඒගොල්ලෝ නිවැරදිකාරයෝද කියලා. (නි)
බන්දුල පෙරේරා කියන මනුස්සය මොන නැකතක එපදුන මිනිහෙක්ද කියල මටනම් හිත ගන්නවත් බැහැ.මේ මනුස්සය සුද්දව ඔලුවටම වෙඩි තියල ලී විලක් මද පත බෑවට පස්සේ අයගේ ලස්සන බාර්යාව 8-10 දෙනෙක් අකතු වෙලා දුසනය කල සිද්දිය සාදාරනීය කරනවා. (අ)
අපේ මිනිහෙක් කියල නිදහස් කරන්න ගිහින් රටටම ගූ ගානවා.රටම අපකීර්තියට පත් කරනවා.අනේ මෙහෙමත් නරුමයෝ. (අ)
මොවුන්ට ඡන්දය දුන් අයට ගහන්න ඕනෑ (නි)
මුස්ලිම් රටක් වෙලත් බංගලිදේශයට ගල්ෆ් රටවල් වලින් වීසා දෙන්නේ නැහැ.අපේ රටත් වරද්දාගන්න තමා ඔය හදන්නේ. (නි)
රුවන්, මේ අය නිවැරදියි. වැරැද්ද තියෙන්නේ වෙන තැනක. ඒකට දඩුවම දුන්නා නම් හරි.මේ යන ක්‍රමයට ඒ තැනට දඩුවම් දෙන දවසත් වැඩි ඈතක නැහැ. (නි)
මම නම් දැනගත්තා ප්‍රතිඵලය කලින් සිටම (නි)
දැන් චුවින් ගම් ඉවරයිනේ, ඉක්මනට නිදහස් කරලා දාන්න (නදී)
මුහුණ දකිනකොට කියන්න පුළුවන් බොහෝ දේ (නි)
බන්දුල පෙරේරලා බලන විදිහට බැලුවහම, මෙයාලත් වැරදිකාරයෝ නෙමෙයි නේද, අනේ මම දන්නේ නැහැ. මේ මිනිස්සුන්ට හදවත් කියලා දෙයක් නැද්ද? (නි)
ඉබේම මැරුනයි කියමු. එතකොට අර ස්ත්‍රී දූෂණය? (නි)
කාගෙන් දඩුවම් නොලැබුණත් වැරැද්ද කළා නම් නිසි දඩුවම එයාලට ලැබෙයි සොබාදහමින්. (නි)
මෙයාලා සැගවූ ආයුධ එහෙම නැද්ද දන්නේ නැහැ (නි)
ඇයි අර පොලිස් කාන්තාව දෙස බලන්නෙ අමුතු විදියකට? (නි)
බලන්නකෝ මුහුණු වල තිබෙන හිනාව. (නි)
එකවරම හොද දඩුවමක් දුන්නා නම් ඉවරයි නැවත මේ වගේ වැඩ කරන්න බැරි වෙන්න (නි)
රන්ජිත්, අඩන්න බැරි නිසා බොරුවට හිනහා වෙනවා. (නි)
ප්‍රදේශයේ දේශපාලන බලවතා තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටුකරගන්න පුළුවන් පුද්ගලයින් ප්‍රාදේශීය දේශපාලනයට ඇතුළු කරගන්නවා තරාතිරම වැදගත්කම් නොසළකා. ඒක හරියට වදුරන්ට දැලිපිහි දෙනවා වගේ.අන්තිමේදී වෙන්නේ එහෙම එන එකා ඔහුගෙත් බෙල්ල කපාගෙන දේශපාලකයාගේ විතරක් නෙමෙයි රජයත් අපකීර්තියට ලක්කරන එක.මේ සිදුවීමෙන් රජයේ විතරක් නොව රටෙත් රෙදි ගැළවුණා (නි)
කට්ටිය මේ සිද්ධිය සිදුවෙන අවස්ථාවේ , විදේශීය යුවල සමග අදහස් හුවමාරු කරගත්තේ අංග චලනයෙන්ද, නැත්නම් සිංහල භාෂාවෙන්ද ? සමහරවිට ඒ යුවලට, කැඩිච්ච සිංහල පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන්කම තියෙන්න ඇති. (නි)
මම හිතන්නේ මේ කට්ටිය නිදොස් කියලා. කුරම් ෂේක් එයා එයාටම වෙඩිතියන් මැරිලා.(නදී)
බන්දුල පෙරේරා මඩේ පෙරලෙන විදියට මී හරකෙක්ම තමයි. (අ)
වතුරේ ගැඹුර බලන්න වතුරට බහින්නම ඕන නැහැ. .මුදල් තියෙනවා නම් රුසියානු තරුණියක් පැය ගානට මිලට ගන්න මේ කොලඹ නගරයේම තැන් තියෙන බව දන්නෝ දනිති. සෙනෙවි මහත්තයා ඒ උනාට ඕවා හොයන්න යන්න එපා තනිකඩයෙක් නෙමෙයි නම්. මේ දෙන්නගේ කතාව හරියට කියවල නැහැ සෙනෙවි මහත්තයා.(නදී)
උසාවියේදී විත්තිකාරයෙක්' මම වැරදිකාරයා' කිවුවහම මිනිහට දඬුවම් දෙනවා. ඒ ක්‍රමය අනුව, උසාවියේදී "මම නිවැරදිකාරයා" කිවුවහම නිදහස් කරන්න එපායැ, නේද? මං මේ මෝඩකමට ඇහුවට තරහ ගන්න එපා. ඒ ගොල්ලෝ සන්තෝෂයෙන් හිනා වෙවී යන හැටියට මට හිතුනා නිදහස් වෙලාවද්දෝ එහෙම නැත්නම් නිදහස් වෙන බවට හිතට හැගීමක් ඇවිල්ලාවද්දෝ කියලා. (නි)
ඔව් දැන් සමුළුව අවසන්නේ.ආයේ ඉතින් අහන්න දෙයක් නැහැ. (නි)
ලැජ්ජයි මේ මිනි මරුවන්ව ආරක්ෂා කරන්ඩ ගිහින් දැනටමත් අපේ ලංකාව ලෝකේ ඉස්සරහා ලැජ්ජා වෙලා ඉවරයි. ඔබ සැමට ආස්චර්‍යමත් අනාගතයක්!(නදී)
වැඩක් නැහැ සරත්,බන්දුල පෙරේරා වගේ අය එක්ක අදහස් දක්වලා. මේ අයගේ නෝනට හරි දුවෙකුට හරි අතවර කරොත් කියයි කරපු වැඩේ හරියටම හරි කියලා. (නදී)
ඉතා කෙටි කලක් ඇතුලත මේ අයව අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට වූ දෙයක් එහෙම දන්නවද ඔයගොල්ලෝ? (නි)
මිනිමරුවන්,හා ස්ත්‍රී දුෂකයින් කියන වචන දෙක සිංහල ශබ්ද කෝෂයෙන් ඉවත් කරලද? මම එහෙම ඇහුවේ ඒ, වචන දැන් කවුරුත් භාවිත කරන්නේ නැති නිසයි. හොයාගන්නත් නැහැ. අර නරක වචන වෙනුවට "අපවත් කරන්නන්, හා ස්ත්‍රී ආලකයින්" යන වචන භාවිත කරන්නට හුරු උනොත් කොච්චර ශිෂ්ඨ සම්පන්නද නේද? මොකද අපි ධර්මද්ධිපයේ ජිවත් වන පින්වතුන් නේ. (නදී)
බන්දුල පෙරේරා, ඔය ඔයාගේ හැමදාම කරන විහිලුවනේ. වෙන එකක් දාන්නකෝ. උතුරු මුහුදයි, වැලිවේරියයි, හීනයි... (නි)
බන්දුල පෙරේරා, අපේ කෙල්ලෝ මෙහෙ කළු ජාතික අප්‍රිකානු අයට ආදරය කරලා පස්සේ කසාද බදිනවා. අපේ කොල්ලොත් රුසියන් ජාතිත තරුණියන්, පිලිපීන ජාතික තරුණියන් සමග විනෝද වෙලා සමහරු කසාද බදිනවා. රුසියානු තරුණිය ඇයගේ පෙම්වතා එක්ක හොටලයකට ආවේ ලංකාවේ ඉන්න දේශපාලඥයින්ට පාවිච්චි කරන්න නෙමෙයි නේද? මේ මිනිමරුවව බේරගන්න තියෙන අමාරුව මොකක්ද? මේ සිදුවීම හරහා රටම ගද ගස්සන්න තියෙන වුවමනාව මොකක්ද? (නදී)
දැන් ඉතින් මොනවටද අපි බය වෙන්නේ? මෙම තීන්දුව මුළු රටටම වලංගු වෙනවා ඒකීය රටක් හැටියට. (නි)
හැමදෙනාම සැක කරුවන් පමණක් යයි සිතා පරණ යල් පැන ගිය ක්‍රම වේදයකට සියළු පරීක්ෂන සිදුවෙනවා. අන්තිමේදී මැරුන කෙනා තමන් විසින් වෙඩි තබා ගත්තා . පෙම්වතිය සැක කරුවන් සමග සතුටින් සිටියා පමණයි. තව අවුරුදු ගණනනාවක් නඩුව යාවි. එහෙනම් මොවුන්ව නිදහස් වේවි. මෙහෙම තමයි වෙන්නේ.(නදී)
හිනාවෙන්නේ අපටද? ඉන්න ලස්සන. ඉක්මනින්ම කර්මය පළදේවා! (නි)
කිසිදේකට බය වෙන්න එපා (නි)
තව ටික දවසකින් ඔවුන් අපුරුවට නිදහස් වෙලා ගෙදර යන හැටි අපිට බලාගන්න පුළුවන් වෙයි මට හිතෙන්නේ (නි)
මමත් කියන්නේ මෙම පුද්ගලයා කිසිසේත් වැරදිකරුවකු විය නොහැකිය (නි)
මොවුන් අවි සොයන්න රැගෙන යන්නෙ නැද්ද? මහජන මුදල් නාස්ති කරන්න එපා (නි)
මෙයාලා මේ හිරේ ඉඳලා එන ගමන්ද, නැත්නම් පාර්ලිමේන්තුවේ ඉඳලා එන ගමන්ද? සමහර විට අර මතක නැතිවෙන ලෙඩේ මෙයාටත් ඇති. ප්‍රශ්නය මේවා අපට අමතක කරන්න බැරි එකයි. (නි)
අම්මපා! ලැජ්ජා නැද්ද මන්දා? (නි)
මෙයාලා මොනවද කළේ? (නි)
මෙම සිද්ධියේදී අපට වැදගත් වෙන්නේ, මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයින්ගේ තරාතිරම නොවේ. මොවුන් විසින් සිදු කර ඇති වරදයි. ෆොටෝ වල පෙන්වා ඇති සිනහ වලින් නම්, ලොකු හපන්කමක් කළා වගෙයි කට්ටියම හිතාගෙන ඉන්නේ. මේ අයව නම් සඟවා තිබෙන ආයුධ පෙන්වන්න රැගෙන යන්න පොලිසියට ඕනෑ වෙන එකක් නැහැ. මොකද, මෙයාලගේ අතේමයි ඒවා තියාගෙන ඉන්නේ. ඕවා සඟවලා තියාගෙන නිකන් වද විදින්න එයාලට වුවමනාවක් නැහැ. කාට බය වෙන්නද නේද? (නි)
මේ අය නිවරදියි. වැරැද්ද තියෙන්නේ වෙන තැනක. ඒකට දඩුවම දුන්න නම් හරි. (නදී)
ලංකාවේ කාන්තා සංවිදාන නිහඩ කුමන හේතුවන් නිසාද?වික්ටෝරියා කාන්තාවක් නොවේද?(නදී)
පිරිමියා නම් එයාටම වෙඩි තියාගත්තා කියමුකෝ? එතකොට වික්ටෝරියා? (නි)
බක පෙරේරා ආයිත් වලිගය උස්සල වාතයක් පිටකරල ලස්සන වැකියකින් එය පිසදා ගෙන තියෙන හැටි අපුරුයි..."මෙයාට වඩා බලගතු පුද්ගලයින් මේ රටේ නීතිය හමුවේ දඩුවම් ලබල තියෙනවා. සත්තකින්ම ඔව්..ඇයි හිටපු හමුදාපති සහ අග්‍ර වින්ශ්චයකාර වරිය. මේවට කැකිල්ලේ දඬුවම් කියල සමහරු කිව්වට බක පෙරේරලා වගේ අයට මේක නියම නීතිය.(නදී)