(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General's House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සලකා බැලෙනු ඇත
නුවරඑළියේ මන්ත්‍රී නිවාඩු නිකේතනයේ කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත්දා තීරණය කළේය.
මෙම නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කරුමෙට රාජ්‍ය සේවකයෙක් නොවුනේ! පාර්ලිමේන්තුවේ පියන් කෙනෙක් හරි වෙන්න තිබ්බේ, රුපියල් 100ට තරු 3 හෝටල් කෑමක් කාලා අයිස් ගහලා නුවරඑළියේ ට්‍රිප් යන්නත් තිබ්බා.
රටේ සාමාන්‍ය ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් මන්ත්‍රීලට එපා කියලා ඡන්දෙට කලින් මාලිමා ලොක්කෝ කිව්වා නේද? එතකොට ඒකත් පචයක්ද?
මේවා සංචාරක ව්‍යාපාරයට වෙන් කරන බව නේද ඡන්දයට කළින් කිව්වේ...
ඉස්සර ආණ්ඩුවල් වගේ මේ අයත් සලකන්න ගත්තොත් රට අයත් පරණ පාරෙම තමයි.
හරි හරි ඔක්කොම කට්ටිය බෙදාගන්න, නඩත්තු වියදම් ටික විතරක් මහජනතාවට දාන්න...
හැන්ද අතේ තියෙන එවුන් බෙදා ගන්නවා.
අයියෝ... ජවිපය. මොනවද කිව්වේ? මොනවද කරන්නේ?
මේවා රටේ සියලුම ජනතාව වෙනුවෙන් විවෘත කරන්න. මුදලක් අය කරන්න සාධාරණ එම මුදල මහා භාණ්ඩාගාරයට බැර කරන්න. එක එකාට තවත් සැප ගන්න දෙන්න එපා...
ගාස්තු අනිත් හොටෙල් ගානකට වැඩි කරන්න කවුරුත් ඉල්ලන්නේ නැහැ...