
(අංජුල මහික වීරරත්න)
අතහැර දමා ඇති නුවරඑළිය - නානුඔය දුම්රිය මාර්ගය පෞද්ගලික අංශය හා ඒකාබද්ධව සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.
එම දුම්රිය මාර්ග අයිතිය දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ තිබියදී එම කාර්ය සිදු කරන බව අමාත්‍යවරයා කීය.
සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා එම පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය.
එමෙන්ම නව දුම්රිය කිහිපයක් ගෙන ඒමට ඉදිරි අයවැයෙන් යෝජනා කිරීමටද බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ(Dream Destination) සමාරම්භක අවස්ථාවට ජනාධිපති කාර්යාලයේදී සහභාගී වෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම කාලෝචිත ව්‍යාපෘතියක්...!
නානුඔය සිට නුවරඑළිය දක්වා දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම් ජනතාව අත්පත් කරගෙන සිටි වුණාට සාධාරණයක් ඉටුකළ යුතුයි.
ඔය කතාව මම කිහිපවතාවක් අහලා තියෙනවා. මේ ගමන රාගල දකවා දීර්ග කරනවා . කේබල් කාර් ව්‍යාපෘතියට වගේ වෙනවද