නුවරඑළියට දින කිහිපයක් තිස්සේ මහ වැහි ඇති වූ නිසා අද (31) දින නුවරඑළියේ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල කිලෝවක් රු. 260 සිට 270 දක්වා වූ අතර ලීක්ස් රු. 95.00 සිට රු. 100. දක්වාද බීට් රු. 170.00ක්ද ගෝවා රු. 135.00සිට 140.00 දක්වාද සලාද රු. 110.00ක් දක්වාද ඉහළ ගිය බව වාර්තා වේ. එහෙත් ආර්ථික මධ්‍යස්ථානයෙන් පරිබාහිරව කැරට් මිල රු. 320.00ට පවා මිලදී ගන්නා අයුරු දැක ගත හැකි විය. මෙය නුවරඑළියේදී මේ දක්වා වාර්ථා වූ කැරට්වල ඉහළම මිල බව සඳහන් වේ.
පහත ඡායාරූපයේ ඇති කැරට් ගෝනියේ වටිනාකම රුපියල් 12,360 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද පෙරලුන පිට හොඳයි වගේ නේද ? (ර)
කිරි ඉතිරේවා නව වසරේ !!!!! (ම)
පහුගිය ටිකේ නම් මැතිවරණ වේදිකාවල කැරට් ලාබෙට දුන්නා. පද්මිණි, ඔයා හරි. (නි)
වෙනස සැපයි, බඩ සුද්දයි. (ර)
මදැයි කළා? ඒකෙනුත් පාඩුවුණේ ආණ්ඩුවට? දැන් මොකද කරන්නේ? (නි)
අලුත් අවුරුද්දේ සියලුම පැතුම් ඉටුවේවා!! (නි)
අපෝ ..තව ටික දවසකින් ජන්ද ටිකක් එයිනේ එතකොට කැරට් ගෝනි පිටින් අපිට ලැබෙයි .(කෞ)
බලාගන හොදේ. (කෞ)
මේවා කැරට් විසිදෙකේ කැරට් වෙන්න ඇති මෙච්චර ගණන්.(කෞ)
පොඩි ගොවියගෙන් ගන්නෙ රු. 50-60. වැස්ස නිසා අස්වැන්න ගොඩක් අඩුයි. රු. 15,000 ක් වියදම් කරල ලැබුනෙ රු 2,500. (කෞ)
වැස්සට වගා විනාශවීම නිසා එළවළු මිල වැඩිවීමත් දේශපාලන හේතුවකින් වුනා කියන අයත් ඉන්නව නේද? (බ)
ඕවට බෙහෙස් ගහලයි තියෙන්නේ. අපේ ගෙදර වැඩට නුවරඑළියෙන් ගැහැණු කෙනෙක් ආවා. කැරට් ලීක්ස් කටේ තියන්නේ නැහැ. හේතුව තමයි ඒගොල්ලෝ වගා කරද්දී බෙහෙත් ගහන හැටි දන්න නිසා. තමන්ට වෙනම කන්න බෙහෙත් නොගහා ටිකක් හදාගන්නවා කිව්වා. (නි)
හරිම පිරිසිදු අලුත් එළවළු (නි)
මෙදා අවුරුදු සුබවෙයි වගේ (නි)
සමහරකාලවලට එළවලු ලොරි ගණන්විසි කරනවා .නිසි කළමනාකරණයක් නැතිකමනේ. දැන් මේ ශීත රටවල ඕනෑම පළතුරක්, එළවලු අවුරුද්දෙම ගන්ට පුළුවන්. ඔය ඇමති වරයෙකුට දෙන වාහනයක් ගන්නවට වඩා අඩු මිලට අධිශීතකරණ ගන්ට පුළුවන් වෙයි ආර්ථික මද්‍යස්ථානයකට. මම ලංකාවෙන් ගේන කරවිල මෑ කරල් වසර2 ක් තියාගන්නවා අධිශීතකරණයේ. අනේ මේවා බිරිඅලින්ට වීනා වයනවා වගෙයි. (ර)
පද්මිණි, ඇයි කන්නේ නැතුව බල බලා ඉන්නවද? (නි)
ප්‍රබෝද කියන එක ඇත්ත. ලංකාවේ පිළිකා රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා. මේ එළවළු වලට ගහන බෙහෙත් එයට කොච්චර සම්බන්ධද කියලා කවුරුහරි පර්යේෂණයක් කරලා ගොවීන් හා ජානතාව දැනුවත් කරනවා නම් හොඳයි (නි)
අපි සෑහෙන්න "කැරට්" කෑවා පසුගිය ඡන්ද කාලේ. දැනටත් කනවා. අනාගතයේදීත් ඡන්ද කාලෙට ඡන්දදායකයන්ට හොඳම වර්ගයෙන් කැරට් කෑමට දීමට අපේ දේශපාලුවෝ සැදී පැහැදී සිටිනවා ඇති. (නි)
බලන්නකෝ එළවළු ටිකේ ලස්සන! (නි)
බෙහෙත් ගහපු එළවළු කන්න එපා (නි)
ගොවි අතමිට සරුවී (ම)