IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නුවරඑළි අල ගොවියා ටයර් පුළුස්සයි

නුවරඑළිය මීතිරිපාන අර්තාපල් ගොවීහු පන්සියයක් පමණ නුවරඑළිය හොර්ටන් තැන් මාර්ගයේ මෙරට අල කිලෝවට වැඩි මිලක් ඉල්ලමින් ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ.

රජය ආනයනික ආර්තාපල් බද්ධ රුපියල් දහයකින් ගිය සතියේ වැඩි කළේය.

නුවරඑළිය, බදුල්ල හා වැලිමඩ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 65ක් පමණ වූ අතර, ගම්පහ එහි මිල රුපියල් 80කි. අල කිලෝවකට නුවරඑළි ගොවියාට අද ලැබුණු මුදල රුපියල් 58ක් පමණ වේ.

පකිස්තාන අල කිලෝවක මිල රුපියල් හැටක් පමණ වේ.

රන් බඩු උකස් කොට, වාහන ද ලීසිං කර අර්තාපල් ගොවියා ලොකු අමාරුවක වැටී ඇති හෙයින් අඩු ගණනේ අර්තාපල් ගොවියාට රුපියල් අසූවක්වත් දිය යුතු යැයි ගොවීහු ඉල්ලති.

නුවරඑළියේ අර්තාපල් ගොවීහු 4000කට වැඩි පිරිසක් සිටිති.

වෙනත් පොහොර, කම්කරු රැකියා ආදිය වගාවට සම්බන්ධවන පිරිස දස දහසක් පමණ වෙතියි කියති.



අදහස් (0)

නුවරඑළි අල ගොවියා ටයර් පුළුස්සයි

ප්‍රභාත්-ජපානය Sunday, 05 May 2013 11:24 PM

ඔබේ සටනට ජය වේවා !(නදී)

:       0       0

ක්‍රිෂ් Monday, 06 May 2013 02:02 PM

අහිංසක ‍ගොවීන්ගේ ඉල්ලීම්වලට සාදාරණයක් ඉටු වේවා..!(ස)

:       0       0

නෙතුමි Monday, 06 May 2013 08:56 AM

මෙයට මූලික හේතුව මිලදී ගැනීමේදී රජයට නිවැරදි සැලසුම් නොමැති කමයි. දේශීය අස්වැන්න ප්‍රමාණවත් කාලයට ආනයනය සීමා කරලා. එය ප්‍රමාණවත් නොමැති කලට ආනයන දිරිගැන්නුවාම දේශීය ගොවියටත් හොඳයි. රටටත් හොඳයි.(නදී)

:       0       0

ආනන්ද Sunday, 05 May 2013 02:44 PM

අල වලට වැඩි මිලක් කොහොම වුත් ශ්වසන රෝග නම් වැඩිවෙයි ටයර් දුමෙන් (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 05 May 2013 02:47 PM

අද මඤ්ඤොක්කා කිලෝ 1 ක් රුපියල් 60/=යි. අර්තාපල් කිලෝවකට 80/=ක් ගෙව්වට මුදලාලිලාට පාඩුවක් ඇත්තෙ නැහැ, පිටරට වලට මුදල් යවනවට වඩා. (නි)

:       0       0

සත්‍යා Sunday, 05 May 2013 04:45 PM

ඔබේ සටන නිවැරදියි. ඔබට ජය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site