නුවරඑළිය මීතිරිපාන අර්තාපල් ගොවීහු පන්සියයක් පමණ නුවරඑළිය හොර්ටන් තැන් මාර්ගයේ මෙරට අල කිලෝවට වැඩි මිලක් ඉල්ලමින් ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයක් කළහ.
රජය ආනයනික ආර්තාපල් බද්ධ රුපියල් දහයකින් ගිය සතියේ වැඩි කළේය.
නුවරඑළිය, බදුල්ල හා වැලිමඩ අල කිලෝවක සිල්ලර මිල රුපියල් 65ක් පමණ වූ අතර, ගම්පහ එහි මිල රුපියල් 80කි. අල කිලෝවකට නුවරඑළි ගොවියාට අද ලැබුණු මුදල රුපියල් 58ක් පමණ වේ.
පකිස්තාන අල කිලෝවක මිල රුපියල් හැටක් පමණ වේ.
රන් බඩු උකස් කොට, වාහන ද ලීසිං කර අර්තාපල් ගොවියා ලොකු අමාරුවක වැටී ඇති හෙයින් අඩු ගණනේ අර්තාපල් ගොවියාට රුපියල් අසූවක්වත් දිය යුතු යැයි ගොවීහු ඉල්ලති.
නුවරඑළියේ අර්තාපල් ගොවීහු 4000කට වැඩි පිරිසක් සිටිති.
වෙනත් පොහොර, කම්කරු රැකියා ආදිය වගාවට සම්බන්ධවන පිරිස දස දහසක් පමණ වෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ සටනට ජය වේවා !(නදී)
අහිංසක ගොවීන්ගේ ඉල්ලීම්වලට සාදාරණයක් ඉටු වේවා..!(ස)
මෙයට මූලික හේතුව මිලදී ගැනීමේදී රජයට නිවැරදි සැලසුම් නොමැති කමයි. දේශීය අස්වැන්න ප්‍රමාණවත් කාලයට ආනයනය සීමා කරලා. එය ප්‍රමාණවත් නොමැති කලට ආනයන දිරිගැන්නුවාම දේශීය ගොවියටත් හොඳයි. රටටත් හොඳයි.(නදී)
අල වලට වැඩි මිලක් කොහොම වුත් ශ්වසන රෝග නම් වැඩිවෙයි ටයර් දුමෙන් (නි)
අද මඤ්ඤොක්කා කිලෝ 1 ක් රුපියල් 60/=යි. අර්තාපල් කිලෝවකට 80/=ක් ගෙව්වට මුදලාලිලාට පාඩුවක් ඇත්තෙ නැහැ, පිටරට වලට මුදල් යවනවට වඩා. (නි)
ඔබේ සටන නිවැරදියි. ඔබට ජය! (නි)