පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීම සඳහා පැමිණ සිටින බැරන් වාකා නාවුරු ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා ජනපති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙරටට බලපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කළහ.
පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීම සඳහා පැමිණ සිටින බැරන් වාකා නාවුරු ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා ජනපති බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී දෙරටට බලපාන ප්‍රශ්න ගැන සාකච්ඡා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමේවත් නැහැනේ මේ වගේ නමක්. අපේ චෝගම් නිසා ගොඩක් රටවල් ප්‍රසිද්ධ වෙනවා. (නි)
සාදරයෙන් පිළිගනිමු (දී)
නාව්රු කියන රට ගැන හොයලා බලන්න ඕනේ (දී)
සුනිල් අබේරත්න, මම දන්නා කියන දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 4 1/2යි.අපි ලෝකයේ ඕනෑම රටක් ගැන එයා ගෙන් ඇහැහුවොත්, ඒ රට ලෝක සිතියමේ තියෙන තැන පෙන්නන්න දන්නවා.ඒ වගේම ලෝකයේ ඕනෑම රටක ප්‍රධාන නගරය මොකද්ද කියලා ඇහුවත්, එයා කියන්න දන්නවා. ඒ රට අයිති ආසියාවටද, යුරෝපයටද ,උතුරු හෝ දකුණු ඇමරිකාවටද කියලා කියන්නත් දන්නවා. හරිම පුදුමයි. (ස)
මේ වගේ රටවල් තිබෙනවා කියලා දැනගත්තෙත් අදයි (නි)
අනේ මන්දා මොන රටවල්ද කියලා? මේවා ඇහුවෙත් අදයි (නි)
අද ඉන්න අලුත් පරම්පරාවේ අය ලෝකෙ රටවල් ගැන දන්නේ නැහැ. දැන් කාලයක් තිස්සෙ පාසල් වල භූගෝල විද්‍යාව උගන්නන්නෙ නැති නිසා වෙන්න ඇති. සමහර අදහස් දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා (නි)
මේ වගේ රාජ්‍ය නායකයෝ එක්ක කතා කිරීම නිකම් කාලය නාස්ති කිරීමක්. මාව වරදවා තේරුම් ගන්න එපා. නාඋරු රටේ විශාලත්වය වර්ග හැතැක්ම අටක් වන අතර ජනගහනය නමදහස් පන්සීයක් පමණි. (නදී)
සුනිල් මහත්තයගෙ භුගෝල කතාවට අපිට දෙපැත්තෙන්ම හිනා (නි)
සුනිල් අබේරත්නගේ කතාව ඇත්ත. අපි ඉස්සර භූගෝලය කරන කාලේ රටවල් ගැන හෙව්වේ විනෝදයට. කොහොමත් මේ රටවල් එච්චර ප්‍රසිද්ධියක් නැති රටවල්. (නි)
මේ රටේ ජනගහණය 9432යි. වැඩි විස්තර අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන් (නි)
යහපතක්ම දෙරටට වේවා (දී)
නවුරු කියන්නේ ඕස්ට්‍රේලියාවේ උතුරු දිගින් තියෙන හුදකලා දුපතක්. මේ රට අපට ළඟකදී ඉදලා වැදගත්කමක් තියෙනවා. ඕස්ට්‍ට්‍රේලියාවට බෝට්ටු වලින් එන අපේ අයියලා ටික කෙළින්ම යවන්නේ මේ රටේ තිබෙන සිරගෙවල් වලට. ඒ හන්දා දහස් ගානක් ශ්‍රී ලාංකිකයෝ මේ රටේ ඉන්නවා. (නි)
රටවල් දෙක අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති උග්‍ර ප්‍රශ්න සියල්ල විසඳා ගත් බවයි පෙනෙන්නේ (නි)
රටේ නමත්, නායකයාගේ නමත් ඇහුවේ පළමු වතාවට. චෝගම් ආපු ගොඩක් රටවල් සහ නායකයෝ ඔය වර්ගයේම අය නේද?