රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විරෝධය පළ කරමින් කොළඹ මහනුවර මාර්ගය බැලුම්මහර හංදියේ අවහිර කළැයි ගැමියට මින් මදවේලාවකට කලින් ප්‍රහාරයක් එල්ල විය.
මාධ්‍යවේදින් දෙදෙනෙක් ද තුවාල ලදහ.
පාරෙන් ඉවත් වන ලෙස කළ ඉල්ලීම නොසළකා හැරීම නිසා යුද හමුදාවේ බව කිය පිරිකගෙන් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඊට සහභාගී වූවෝ කියති.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේදී මේ ගැටළුව ගැන රැස්වීමක් පැවැත්වෙන බවයි.
එලෙස තිබියදී නුවර පාර හරස් කරමින් විරෝධය පෑම නීති විරෝධී බව ද ඒ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල සාම්පල පරීක්ෂණයේ ප්‍රතිපල දැන්ම කියන්න පුලුවන් ඕනෑ නම් (නි)
ඕනෑම දෙයකට මිනිස්සු කලබල වෙනවා. කිසිම ඉවසීමක් නැහැනේ. (නි)
බලන්නකෝ මේක අවසන් වෙන්නේ කොහොමද කියල, (දී)
මේ පාර ඡන්දෙදිවත් මොවුන්ට පාඩමක් උගන්වමු. (නි)
සුළු පිරිසකගේ අවශ්‍යතාවක් උදෙසා පාරවල් අවුරා පොදු ජනතාවගේ සාමාන්‍ය කටයුතු වලට බාධා කිරීම නුසුදුසු වැඩකි. (නි)
ගම්පහ පළමුවැනියාට වැඩි මනාපයකින් රජයට පත් කළ අපේ ඇමතිතුමා අද වෙනකන් කටක්වත් ඇරියෙ නැහැනේ. ඇයි ඒ? හොද වැඩේ මේ මිනිස්සුන්ටත්. (නි)
ඇත්තටම දුකයි. පොඩ්ඩක් බලන්නකෝ ඇමෙරිකාව වගේ රටවල් තමන්ගේ ජනතාවට කොයිතරම් දුරට ඇහුම්කන් දෙනවද කියලා. (නි)
ආ... එහෙමද? අපි ඕවට උත්තර දෙන්නේ කතිරෙන් (නි)
ඕවා අපේ අයට අමතකයි. සුරංගනා කතා කිවුව ගමන් ඔක්කොම ඉවරයි (නි)
ඔක්කොම තමන්ගේ වාසියට. "දෙවියනි ඔබ කොහිද" (නි)
මොවුන් පාරට බැස්සේ රට අල්ලන්න නොවෙයි, බොන්නට වතුර ටිකක් ඉල්ලලා (නි)
පිරිබාහරන් කෑවෙත් වතුර වලින් තමා. (නි)
පාරවල් වහගෙන උද්ඝෝෂණ කරන්න වෙන්නේ අනික් විකල්ප වලින් විසදුමක් නැති නිසා.සරත්,ඔයාලගේ ලිදේ වතුර වලට මෙහෙම වුණොත් මොකද කරන්නේ කියන්න. ගම්පහ ජනතාවට ජය වේවා. (නි)
මොන පිස්සුද තිලක්,අපේ මේ මෝඩ මිනිස්සුන්ට ජන්දෙට කලින් දවසේ රු 100 එක්ක බත් එකක් දුන්නම ඔක්කොම අමතකයි. රටම විනාශ වෙලා ඉවරයි. (නි)
සනත්, ඔයා හිතන්නේ මේක සුළු පිරිසකගේ අවශ්‍යතාවක් කියලද? මේක අවට ගම 10 කටත් වඩා වැඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. ඔයත් මේ පැත්තට පැමිණ හොයලා බලන්න මේ මිනිස්සු පාරට බැස්සේ මොකටද කියලා. (නි)
මහින්ද චින්තනයේ හා මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ සෑම තැනම තිබෙන්නේ "විනයගරුක, නීතිගරුක, සදාචාර සමාජයක්, එක රටක්, එක නීතියක්, රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" වැනි දේවල්ය. මෙම පිළිවෙත දකින විට එම පෙර ලියූ වැකි පිළිබද සිතාගත නොහැකි යමක් සිතට දැනේ (නි)
මෙහෙම වහල්ලු වගේ දඩ ගෙවමින්,බදු ගෙවමින් ජීවත් වෙනවට වඩා මැරෙන්න හරි මුළු ලංකාවම එකතු වෙලා පාරට බහින්න ඕනෑ.මොකද මරනවා කියලා සියල්ල මරලා දාන්න බැහැනේ.අනික මානව හිමිකම් කියලා දේකුත් තියෙනවනේ. (නි)
මෙම ප්‍රශ්නය යට තවත් දෙයක් තිබෙනවා. බලාගෙන ඉන්න (නි)
ගම්පහ මිනිස්සුන්ගේ මොළය පෑදෙන්න ඔලුව පොඩ්ඩක් සෙළවෙන්න ඕනෑ.නැත්නම් එන ඡන්දෙදිත් නුසුදුස්සෝ පාර්ලිමේන්තුවට එවාවි (නි)
මෙතන මෝඩ අදහස් දාන්න එපා.පාර වැහුවා කියලා ප්‍රශ්නෙ විසදෙනවද? වැඩ ඇරිලා ගෙවල් වලට යන මිනිස්සුද මේකට පලි? ඕනෑම නම් ඔය කම්හලේ අයිතිකාරයගෙ ගෙදර හරස් කරගන්නවකෝ. (නි)
මහජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ ඡන්දෙ ළග නම් විතරයි. ඊට පස්සෙ ආයතන වල පැත්ත. බස්නාහිරත් විසිරෙව්වා නම් මෙලහකටත් ඔය ප්‍රශ්නෙ විසදලා ඉවරයි. (නි)
මොනදේකට වුණත් පාරවල් අවහිර කරන එක අනුමත කරන්න බැහැ (නි)
සනත්, ප්‍රශ්නයක් දෙස මානුෂිකව හිතන්න පුරුදුවෙන්න. ඔයත් හරියට රට කරවන අය වගේමයි. (නි)
උගන්ඩාවේ ප්‍රශ්න විසදීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 160 ක් පරිත්‍යාග කරන්න තරම් අපි පොහොසත් නම් මේ සඳහා මුදල් නැත්තේ ඇයි?දෙකේ දෙකේ පොලු වලින් ගහලා,වෙඩි තියලා,සිර කරලා ,නැත්නම් කීපදෙනෙක් පැහැරගෙන ගොස් ප්‍රශ්න විසදිය නොහැක. මෙහෙම ගියොත් මේවා අවසාන වෙන්නේ කොහෙන්ද? (නි)
නිරායුධ අහිංසක මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන්න ලැජ්ජාවක් නැද්ද? (නි)
ආණ්ඩුව ඉන්නේ දහස් ගාණක් මිනිස්සු එක්කද? එක ආයතනයක් සමගද? (නි)
මේ එක්කෙනක්වත් මිනිසුන්ට ආදරෙන් දාන අදහස් නෙවෙයි. (ස)
මින් ඉදිරියට පාරවල් වහල කරන උද්ඝෝෂණ වලට පොලු පාර දෙන්න ලංකාව පුරාම ........ (ස)
බන්දුල ,අනේ මගේ කට. නුබ තරම් පාපිෂ්ට,අනුන්ගේ දුක නොදන්නා පුද්ගලයෙක්. නුබට සම්බන්ද ඇති ඔය කර්මාන්ත ශාලාවට. මිනිස්සු මැරෙන තරමට නුබට සතුටුයි. (දී)