කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරනායක වටරවුමේ සිට කැලණිපාලම කෙලවර දක්වා පිටවීමේ මං තීරුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය කියයි. මෙම ස්ථානය මගහරිමින් බණ්ඩාරනායක වටරවුම අසළින් දකුණට හැරී ඉගුරුකඩේ හන්දියට ගොස් එතැනින් දකුණට හැරී ජපන් මිත්‍රත්ව පාලම ඹස්සේ නවලෝක වටරවුමට පැමිණ දකුණට හැරී කැලණි වටරවුම පිහිටි ස්ථානයෙන් මහනුවර මාර්ගයට පැමිණීමට හැකියාව ඇති බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද වැඩක්. පිටරට ඉන්න අපිට පහසුවෙන් දැන් ගෙදර යන්න පුළුවන් (නි)
සංවර්දනයට පාර වහලා... ඉවසන්න
හොඳ දෙයක් කරනවානම් අගය කළ යුතුයි. (නි)
නිමල්, එක තමා ජීවිතය කියන්නේ. ඒවා හරිම සුන්දරයි. (නි)
අමිල, සිල්වා, උපාලි, දේසපාලන තීන්දු ඉදිකෙරීම් ඉංජිනේරු ශිල්පයට අදාල නැත. එය බල තුලනය සහ බැඳුනු දෙයක්. පාලක පක්ෂය හොඳ නැති නම් දේශපාලන උවමනාවන්ට රට පාවා නොදෙන පිරිසක් මීළඟ මැත්වරණයේදී පත් කල හැක. ඒ සදහා ඔබට අයිතිය ඇත. මේ පාර හදන්නේ ඔබටත් ඔබේ දරුවන්ගේ අනාගතයට මිසක් ලැම්බෝගිනි කාරයන්ට නොවේ.(නදී)
ද්වේශ නොකරන්න කකුලෙන් නොඅදින්න ඉදිකිරීම් අගය කරන්න.(නදී)
ඇත්ත බෙර්ණර්ඩ්, අපි අපේ හැදු වැදු දෙමවුපියෝ හොඳට අඳුනන හින්දා ඒ ගොල්ලෝ අපේ මෝඩකම් වලට දුක්වෙනකොට අපටත් හරියට දුක හිතෙනවා. පිටරට ඉන්න ඔබ ඒ අතින් වාසනාවන්තයි. (නි)
අධිවේගී මාර්ගය මිගමු පාරට එකතු කරහම ,බොරැල්ල තලවතුගොඩ වැනි ප්‍රදේශ වල ඇති මාර්ග තදබදය ගොඩක් දුරට අඩු වේවි.එතකොට කටුනායක සහ මීගමුවේ සහ නුවර පාරේ එන වාහන වලට කෙලින්ම අධිවේගී මාර්ගය ඔස්සේ දකුණට යන්න පුළුවන්. එම නිසා විශාල ලෙස කාලය සහ ඉන්ධන ඉතුරුවෙනවා (නි)
කව්රුවත් රේස් එකක් පදින්නද? (නදී)
මොකද මේ හිටි ගමන්? ලැම්බෝගිනි රේස්වත් තියන්නද ? (නි)
කමක් නැහැ.මම වැඩට යන වෙලාව අහුවෙන්නේ නැහැනේ. (නි)
අපට බැරිද මේ හිරවෙන ස්ථාන මගහැර යාමේ උපදෙස් අනිකුත් හිරවෙන ස්ථාන, උදාහරණයක් හැටියට, විශාල බිල් අධික බදු වගේ ඒවා ගෙවා ගන්න බැරුව හිරවෙනකොට ඒවා මග හැරලා යන්න යොදා ගන්න? (නි)
සුළු පිරිසක් අධිවේගී පාරේ සියයට සියයේ වේගයෙන් යනවා. වැඩි පිරිසක් මහා පාරේ තෙරපෙමින් මැරෙමින් පොකැට්ටුව නැති කරගනිමින් යනවා. සමහරු ගල් උඩින් පැන පැන යනවා.සමහරු ඔරු වලින් ගංගා වලින් එතෙර වෙන්න ගිහින් පරලොව යනවා. දෙවියනි, ඔබ මර නින්දේද? (නි)
පිට රට සිටින අපට හිතෙනවා අමිල, සිල්වා, උපාලි වගේ කොච්චර මෝඩයෝ රටේ ඉන්නවද කියලා. හැදු වැදූ දෙමවුපියෝ කොච්චර දුක් වෙනවා ඇද්ද? (නි)
බෙර්ණාඩ්, ඔබේ කියමනට මසුරන් දෙන්න වටිනවා. (නි)