IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවර පාරේ කොටසක් වැසෙයි

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරනායක වටරවුමේ සිට කැලණිපාලම කෙලවර දක්වා පිටවීමේ මං තීරුව අද රාත්‍රී 10 සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දමා ඇතැයි පොලීසිය කියයි. මෙම ස්ථානය මගහරිමින් බණ්ඩාරනායක වටරවුම අසළින් දකුණට හැරී ඉගුරුකඩේ හන්දියට ගොස් එතැනින් දකුණට හැරී ජපන් මිත්‍රත්ව පාලම ඹස්සේ නවලෝක වටරවුමට පැමිණ දකුණට හැරී කැලණි වටරවුම පිහිටි ස්ථානයෙන් මහනුවර මාර්ගයට පැමිණීමට හැකියාව ඇති බව ද පොලීසිය කියයි.



අදහස් (0)

නුවර පාරේ කොටසක් වැසෙයි

නිමල් Wednesday, 22 May 2013 09:37 AM

මේක හොද වැඩක්. පිටරට ඉන්න අපිට පහසුවෙන් දැන් ගෙදර යන්න පුළුවන් (නි)

:       0       0

ජීවන්ත Wednesday, 22 May 2013 09:37 AM

සංවර්දනයට පාර වහලා... ඉවසන්න

:       0       0

අසංග Wednesday, 22 May 2013 10:45 AM

හොඳ දෙයක් කරනවානම් අගය කළ යුතුයි. (නි)

:       0       0

අනුර ල ස Wednesday, 22 May 2013 10:57 AM

නිමල්, එක තමා ජීවිතය කියන්නේ. ඒවා හරිම සුන්දරයි. (නි)

:       0       0

අනුර Wednesday, 22 May 2013 11:07 AM

අමිල, සිල්වා, උපාලි, දේසපාලන තීන්දු ඉදිකෙරීම් ඉංජිනේරු ශිල්පයට අදාල නැත. එය බල තුලනය සහ බැඳුනු දෙයක්. පාලක පක්ෂය හොඳ නැති නම් දේශපාලන උවමනාවන්ට රට පාවා නොදෙන පිරිසක් මීළඟ මැත්වරණයේදී පත් කල හැක. ඒ සදහා ඔබට අයිතිය ඇත. මේ පාර හදන්නේ ඔබටත් ඔබේ දරුවන්ගේ අනාගතයට මිසක් ලැම්බෝගිනි කාරයන්ට නොවේ.(නදී)

:       0       0

අල්සානු Wednesday, 22 May 2013 11:09 AM

ද්වේශ නොකරන්න කකුලෙන් නොඅදින්න ඉදිකිරීම් අගය කරන්න.(නදී)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 11:09 AM

ඇත්ත බෙර්ණර්ඩ්, අපි අපේ හැදු වැදු දෙමවුපියෝ හොඳට අඳුනන හින්දා ඒ ගොල්ලෝ අපේ මෝඩකම් වලට දුක්වෙනකොට අපටත් හරියට දුක හිතෙනවා. පිටරට ඉන්න ඔබ ඒ අතින් වාසනාවන්තයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 23 May 2013 12:23 PM

අධිවේගී මාර්ගය මිගමු පාරට එකතු කරහම ,බොරැල්ල තලවතුගොඩ වැනි ප්‍රදේශ වල ඇති මාර්ග තදබදය ගොඩක් දුරට අඩු වේවි.එතකොට කටුනායක සහ මීගමුවේ සහ නුවර පාරේ එන වාහන වලට කෙලින්ම අධිවේගී මාර්ගය ඔස්සේ දකුණට යන්න පුළුවන්. එම නිසා විශාල ලෙස කාලය සහ ඉන්ධන ඉතුරුවෙනවා (නි)

:       0       0

අමිල Tuesday, 21 May 2013 10:38 PM

කව්රුවත් රේස් එකක් පදින්නද? (නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 22 May 2013 12:50 AM

මොකද මේ හිටි ගමන්? ලැම්බෝගිනි රේස්වත් තියන්නද ? (නි)

:       0       0

චන්දන විරාජ් නානායක්කාර ගම්පහ Wednesday, 22 May 2013 03:26 AM

කමක් නැහැ.මම වැඩට යන වෙලාව අහුවෙන්නේ නැහැනේ. (නි)

:       0       0

උපාලි Wednesday, 22 May 2013 06:49 AM

අපට බැරිද මේ හිරවෙන ස්ථාන මගහැර යාමේ උපදෙස් අනිකුත් හිරවෙන ස්ථාන, උදාහරණයක් හැටියට, විශාල බිල් අධික බදු වගේ ඒවා ගෙවා ගන්න බැරුව හිරවෙනකොට ඒවා මග හැරලා යන්න යොදා ගන්න? (නි)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 07:41 AM

සුළු පිරිසක් අධිවේගී පාරේ සියයට සියයේ වේගයෙන් යනවා. වැඩි පිරිසක් මහා පාරේ තෙරපෙමින් මැරෙමින් පොකැට්ටුව නැති කරගනිමින් යනවා. සමහරු ගල් උඩින් පැන පැන යනවා.සමහරු ඔරු වලින් ගංගා වලින් එතෙර වෙන්න ගිහින් පරලොව යනවා. දෙවියනි, ඔබ මර නින්දේද? (නි)

:       0       0

බෙර්ණර්ඩ් Wednesday, 22 May 2013 09:13 AM

පිට රට සිටින අපට හිතෙනවා අමිල, සිල්වා, උපාලි වගේ කොච්චර මෝඩයෝ රටේ ඉන්නවද කියලා. හැදු වැදූ දෙමවුපියෝ කොච්චර දුක් වෙනවා ඇද්ද? (නි)

:       0       0

අංජන Wednesday, 22 May 2013 09:35 AM

බෙර්ණාඩ්, ඔබේ කියමනට මසුරන් දෙන්න වටිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site