සෞදි අරාබි කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වීමට තවත් මාස දෙකක කාලයක් ඉතිරි වි තිබියදී පසුගිය හයවැනි දින පැවැති තානාපති ජංගම සේවාව තවත් ශ්‍රී ලාංකිකයෝ සැලැකිය යුතු ප්‍රමාණයක් තාවකාලික ගමන් බල පත්‍ර ලබා ගැනිමට පැමිණියහ.
මේ වන විටත් දස දහසකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් පොදු සමා කාලයට සමගාමිව සෞදි අරාබියෙන් මව් බිම බලා පිටත් වී ඇති බව තානාපති කාර්යාලය පවසයි.
කෙසේ වුවද නොවැම්බර් 4 වැනි දිනෙන් පසු තව දුරටත් නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටින කිසිවකුටත් කිසිදු සමාවක් නොලැබෙන බැවින් ලබන ඔක්තෝබර් 4 වැනි සිකුරාදා දිනයේදී නැගෙනහිර කලාප තානාපති ජංගම සේවාවා පැවැත්වෙන බැවින් එදිනටද පැමිණ ලියාපදිංචි වන ලෙස නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත තානාපති කාර්යාල දන්වා සිටි.
මේ අතර විවිධ ප්‍රශ්න හා දුෂ්කරතාවයන් විද දරා ගත නොහැකිව තම නිවෙස්වලින් පලා ආ කාන්තාවන් කිහිප දෙනෙක්ද තානාපති ජංගම සේවාවට රැකවරණය පතා පැමිණ සිටියද පොදු සමා කාලයට අනුරූපව ශ්‍රී ලංකාවට යාම සදහා සුදුසුකම් නොලැබු හෙයින් කාන්තාවන් කිහිපදෙනා සෞදි රජයේ ආරක්ෂක කදවුරු වෙත බාර දීමට තානාපති නිලධාරීන්ට සිදු විය. තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් තානාපති කාර්යාලය වෙත පැමිණ සිටියේ සෞදි අරාබියට පැමිණ මාස දෙකක් ගත විමටත් මත්තෙන් නිවෙස් අටකට මාරුවෙන් මාරුවට රැකියාවේ යෙදවීමේ හේතුවෙනි. කෙසේ වුවද ඇය තානාපති කාර්යාල බාරයට ගන්නා ලදි.
මේ අතර ශ්‍රී ලංකාවේ මාතර පදිංචිව සිට වසර 20 කට පෙර සෞදි අරාබියේ නිවසකට පැමිණි කාන්තාවක් වසර 20 ක් පුරාම මව් බිමට නොපැමිණ ඇති බවත් ඇයට ලංකාවට පැමිණිමට ඇයට අවශ්‍ය නොවන බවත් දිවි ඇති තුරා ඇය සෞදියේ තමා පැමිණි නිවසේම රැදි සිටින බවත් ඇය පවසා සිටියේ කැඩුණු සිංහල භාෂාවෙනි.
තව දුරටත් ඇය පැවසුවේ ගෙහිමියන් හොඳ බැවින් ඇයට ලංකාවට යාමට අවශ්‍යතාවක් නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම වෛරයකට වඩා ස්ත්‍රියකගේ වෛරය දරුණුය (දී)
අප සරල අදහස් ඉදිරිපත් කලාට බලන්න මෙය මොන තරම් සංකීර්ණ ප්‍රශ්නයක්ද කියා. (දී)
ඊයේ පත්තරෙත් තිබුනා කාන්තාවක් කියපු දේවල් හැකි ඉක්මනින් ඒ අයව ගෙන්න ගන්න බලන්න.(නදී)
එහෙම අයත් ඉන්නවා නෙවෙයි.තමන්ගෙ අය කියන ඇත්තො සංසාරය පුරාම හමු නොවේවා කියලා ප්‍රාර්ථනයක් ඇති. (ස)
ඇයි රාහුල ඒ කට්ටියට මොනවා හරි ජොබ් කට්ටක් එහෙම අරන් දෙන්නද ?නැත්නම් මාසික දීමනා ගෙවන්නද හදන්නේ? ඔයාලා වගේ කට්ටිය ගෙදරට එන හිඟන්නට උනත් දෙන්නේ රුපියලයි. ඒ රටවල් වලට යන අයම තමයි දන්නේ ඒගොල්ලෝ මොන එහෙකට එහෙ යනවද කියලා (ස)
ඔය සෞදියට මිනිස්සු ඇරීම නවත්වන්න අපේ රජයට බැරිද? (නි)