දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක් දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති.
මෙම යුවළගේ පළමු පිරිමි දරුවා හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.දෙවැනි දියණිය මෙවර පෙර පාසලලට ඇතුලත් කැර ගැනීමට නියමිතව සිටින්නීය.
ඊළගට උපන් නිවුන් දරු තිදෙනාගෙන් දැරියක මිය ගියාය.අනෙක් දරු දෙදෙනා ද දැඩි අසනීප තත්ත්වයේ පසුවීම නිසා මෙම යුවළ වැඩි කාලයක් සිටියේ රෝහල්වලය.
කුළී වැඩ සහ ගොවිතැන් කරන දරුවන්ගේ පියා වන ජී ජී සරත් කුමාර (33) දරුවන් ජීවත් කරවීමේ සටනක යෙදෙමින් සිය ආදණිය බිරිය වන ජී මාලනි චන්ද්‍රාවතී යන අයට දරුවන් බලා ගැනීමට ද සහාය වෙමින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් පෝෂණය කළේය.
එහෙත් දැන් කිරි පැකැට්ටුවක් හෝ මිලදී ගැනීමට ඔවුනට වත් කමක් නැත.
ඉතා අපහසුවෙන් ලබා ගන්නා කිරි පැකැට්ටුව දරුවන් දෙදෙනාට ලබාදෙද්දී කිරී මදි වී නොදරුවෝ හඩා වැටෙන අතර එක් කිරි බෝතලයට නොදරුවෝ පොර කද්දී මෙම යුවළ සහ අනික් දුරු දෙන්නා අසරණ වී සිටිති.
ජීජී සරත් කුමාර අංක 67 තිතියාකොළවත්ත,දිගම්පතහ,කිඹිස්ස ඔවුන්ගේ ලිපිනයයි.මෙම පිරිසට එක්වු ආධාරයක් කළ හැකි කෙනකු වේ නම් 071-9256262 ට ඇමැතීමෙන් හෝ ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුම් අංක 74317349 ට මුදල් බැර කළ හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කව්ද කෙනෙක් කියල තිබුනා ලංකාවේ බඩගින්නේ මැරෙන අය නැහැ කියලා. ඕනෑ තරම් කෑම බීම සල්ලි රස්සාවල් තියෙනවා කියලා කෝ එයා. මේ වගේ දේවල් බලලවත් ලංකාවේ ඇත්ත තත්වය දැනගන්න කියලා කියන්න.(නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් මේකටත් මොනවා හරි ලියල දාන්නකෝ. කියන්න දෙයක් නැති නම් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් කියලා හරි ලියන්න. මෝඩ කමට බෙහෙත් නැහැ.(නදී)
රටේ ජීවත් වෙන 98% කගේම යතාර්ථය ඕක තමයි. 2 % සුපිරි ජීවිත ගත කරද්දී 98% අන්ත දුක් විදිනවා. දෙමාපියන් හෙට දවසේ දරුවන්ට කන්න අදින්න දෙන්නේ මොනවද කියල දස දහස් වාරයක් මැරි මැරි උපදිනවා.(නදී)
ජෙනරල් සරත් ෆොන්සේකා ජනාදිපති කර ගන්න පුළුවන් වුනානම් අපිට මේ කල දසාව ලබන්නේ නැතිවෙන්න ඉඩ තිබුනා.(නදී)
අපේ රටේ ලොකු ලොකු අයගේ පුත්තු විනෝද වන සල්ලි මේ අහිංසක දරු පැටවුන්ගේ බඩ ගින්න නිවන්න දුන්නා නම්.(නදී)
ඔක්කොම අයගේ තියෙන්නේ දර්ශනය විතරයි.(නදී)
මේ අසරණ අයට පුළුවන් විදිහකට උදවු කරමු. පොඩපොඩි දරුවෝ ටික (අ) .
චෝගම් එකට කෝටි ගණන් වියදම් කළා වගේ මේ වගේ අසරණ මිනිස්සුන්ටත් උදව් කරන්න පුළුවන් නේද? (නදී)
අපිත් පුළුවන් විදියට උදව් කළා(දිල්)
මෙතන ඔක්කොමල්ල කතා කරනවා කියල ලියල තියනවා,කතා කළේ මොනවද කරන්නේ කියල ලියල නෑ, මන් මෙයාලට රුපියල් 10000 ගිනුමට දානවා (අ)
ටිකිරි බණ්ඩා මෙතැනදී පොන්සේකා පුම්බන්න හදන්න එපා. පොන්සේකාට ඕන නම් රට හදන්න අර සර්වෝදය වගේ ආයතනයක් හදාගෙන රටට ආදාර අරගෙන ගම හදන්න පුළුවන්. මොකද පොන්සේකා අදහන අය ගොඩක් පිටරටවල් වල ඉන්නවා. රට හදන්න ජනාදිපති වෙන්නම ඕන නැහැ.(නදී)
ගොඩක්ම පව්, මෙම පුවත පලකළ ලංකාදීපයට තුති. අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඒත් අපි ,අපිට පුළුවන් විදියට මේ අයට උදව් කරනවා. ලංකාවෙන් පිට හිටියට අපි දන්නවා ලංකාවේ ජිවන බර උහුලන්න බැරි තරම් කියලා. අපේ රටේ තාමත් ඉන්නවා මේ දේවල් වලට හිත උණු වෙන මිනිස්සු. ඒ කව්රුත් ඔයාලව තනි කරන්නේ නැතිව උදව් කරාවි.(නදී)
ප්‍රශ්න ගොඩක් පිට ඉන්න නිසා මට නම් උදවු කරන්න විදිහක් නැහැ. උදවු කරන්න ඉදිරී පත් උන ඔයාල ඔක්කොටම ගොඩක් පින්.(නදී)
මගලී දන්නවනේ "ලංකාවේ බඩ ගින්නෙන් මැරෙන්නේ නැහැ" කියලා කිව්වේ කව්ද කියලා. එක්තරා දුරකට කතාවේ ඇත්තකුත් තියෙනවා. කුසගින්නෙන් මලත්, මංකොල්ල කාරයින්ගේ මන්න පහරින් මලත්, කහ ඉරෙන් මාරුවෙන්න ගිහින් මලත් මේ ඔක්කොම මරණ පමණයි. ඉතින් කොහොමද කියන්නේ බඩ ගින්නෙන් විතරක් මැරෙනවා කියලා?(නදී)
මුදල් බැර කිරීමට කරුණාකර දඹුල්ල ශාඛාවේ ගිණුමේ නම සදහන් කරන්න.(නදී)
ටිකිරි බණ්ඩා මොනවද කතා කරනවා. හැම ගෙදරකටම කිරි හරකෙක් දෙනවා කිව්වේ හෙට්ටිගොඩ මහත්තයා. ෆොන්සේකා කිව්වේ හෝතඹුවෝ එලවනවා කියලා.(නදී)
ටිකිරි බණ්ඩා ගොඩක් දුරට හරි. ඔක්කොගෙම තියෙන්නේ දර්ශනය විතරයි. බොදු බල කට්ටිය මේ ප්‍රශ්නෙදි උත්තර දෙනවා නම් වඩාත් හොඳයි. (නදී)
කුමරනගේ අදහස ඉතා වටිනවා. මම හිතනවා එය ඉස්ථ කරන්න. උදව් කරනවානම් අගෙයි.මම පුළුවන් වදියට උදවක් කරනවා. (අ)
දැන් තත්වය ඕක තමයි. මේ එක උදාහරණයක් පමණයි. මධ්‍යම පන්තික කෙනෙක්ටත් දැන් උපයන මුදලින් ජීවත් වෙන්න බෑ. ඒ උනාට ලෝකේ පොහොසත් මිනිස්සු අතර වැජඹෙන අයත් ලංකාවේ වැඩි වෙලාලු . ඒත් වැඩි පිරිසකට එදා වේලවත් හොයා ගන්න අමාරු වෙලා. යුද්ධෙන් පස්සේ මිනිස්සුන්ට යහපතක් වෙයි කියල හිටියා. එත් දැන් අවරුදු 4 ගියා. තවම නැහැ. පුලුවන් විදියට මේ අයට උපකාර කරමු.(නදී)
මම හිතන්නේ තව කිරි බෝතලයක් අරගෙන දෙන්නට බෝතල් දෙකක් දුන්නා නම් මේ දෙන්න පොර කන්නේ නැහැ. සල්ලි කියන දේ ලැබෙන්නේ උත්සහ වන්තයන්ට පමණයි. ඒක තමා සල්ලි වල රහස. අපි හැමෝම දුප්පත් රටක ඉපදිලා තියෙන්නේ, උත්සාහයෙන් දියුණු වෙන්න එක තම වෙන්න ඕනා. නිකන් දෙන කිසි දෙයක් අගයක් නැත. (නදී)
පවු. එම දරුවන් ගැන මට හරිම කනගාටුයි (නි)
මෙවන් අය අප අතර තව කොතෙක් ඇද්ද? (නි)
කුමාරණ, වටිනා අදහසක්. අගය කරනවා ඒක. ගොවිතැන් කරන අය නිසා ගොම පොහොර ටිකත් ලැබෙනවනේ එයාලට. මගේ මේ මාසේ පඩියෙන් ඩොලර් 100 ක් එයාලට.(නදී)
අර ළමයි වැඩියෙන් හදන පවුල්වලට එල හරකෙක් දෙනවා කියපු සංවිධානේ කට්ටිය දැන් කොහෙද දන්නේ නැහැ ඉන්නේ. පව් අපි හැමවිටම හැකි අයුරින් මේ අයට උදව් කරන්න ඕනේ අසරණ පුංචි දරුවෝ. දැක්කම දුක හිතෙනවා මගෙත් ඉන්නවා මේ වගේම පුංචි දුවෙක්.(නදී)
එකම රටක එක පවුලක දරුවෝ කිරට හඬද්දී, අනෙක් පැත්තෙන් පාරවල් වහගෙන සුපිරි පැලැන්තියේ අය නයිට් රේස් පදිනවා.(නදී)
කෝ මේ අර කට්ටිය. සිංහල ජාතිය විදින දුක පෙනෙන්නේ නැද්ද ? (නදී)
සිංහල පරපුර වැඩි කරන්න කියලත් සමහරුන් කෑ ගැහැව්වා නේද? මෙන්න ආදාර කරන්න අවස්ථාවක්.(නදී)
අද රට කොහෙටද තල්ලු වෙලා තියෙන්නේ කියල වැඩක් නැ .අපි මේ අය හදාගමු. උදව් කරමු (දිල්)
හැකි උපකාරයක් කරමු.(දිල්)
මේ එක කතාවක් පමණයි. එක එක්කෙනාට දොස් නොකියා හැකි පමණින් උදවු කරන්න. මෙවැනි එක පවුලක් උදවු ලබාගෙන කරදර අවසන්වූ පසු තවත් මෙවැනිම කෙනෙක්ට උදවු කලොත් කාලයක් යනකොට සැහෙන පිරිසක් ප්‍රතිලාභ ලබාගනී.(නදී)
අපි ෙම් අයට උදව් කළා නමුත් තව දරුවන්ට ගන්න ගොඩක් දේ තියෙනවා කවුරු හරි මෙයාලට ක්‍රමවත් ආදායමක් එන විදිහට උදව් කරන්න(දිල්)
ගොඩක් පින් පුළුවන් මිනිස්සු හැකි පමණින් උදව් කරන්න (දිල්)
බලන්න දුකයි, මගේ යුතුකම මම අදම ඉටු කරනවා. ලංකාදීපයට ස්තුතියි.(නදී)
මේ අයට උදව් කළ යුතුයි! මම අදම කෝල් කරලා බලනවා (දිල්)
ලලිත් මෝඩ කතා කියන්න එපා. මේ අය තමයි ලෝකය ඉදිරියට ගෙනයන්නේ. සමහර අයට දරු පල නැහැ. තියෙන අයට දරුවන් හදා පෝෂණය කිරීමේ හැකියාව නැහැ. එවන් අවස්ථාවක ඒ අයට හැකි තරමින් උපකාර කිරීම මේ ලොව ඉදිරියට ගෙනයාමට අප කරන මහගු සේවයක්.(නදී)
අපේ රටට ගිය කලක් (දිල්)
ලංකාවේ දුෂ්කර ගමේ ආර්ථික දියුණුව මදි .ඔය දුප්පත් එක් පවුලක් පමණි. මේ අයට උදව් කරමු (දිල්)
මම රුපියල් 5000 දැම්මා තවත් යාලුවෙක් එක්ක එකතුවෙලා. කට්ටිය එකතුවෙලා මෙයාලට පොඩි උදව්වක් කරන්න.(නදී)
සරත්, ඔව් මමත් කතා කරනවා උදව් කරන්න (දිල්)
නිවුන් දරුවන් හදා ගැනීම කොතරම් දුෂ්කරද කියලා මන් අත්දැකීමෙන් දන්නවා මටත් නිවුන් දරුවන් ඉන්න නිසා. එකම රටක එක පවුලක දරුවෝ කිරට හඬද්දී, අනෙක් පැත්තෙන් පාරවල් වහගෙන සුපිරි පැලැන්තියේ අය නයිට් රේස් පදිනවා.(දිල්)
අඩුම තරමින් මෙම දරුවන් දෙදෙනෙකුගේ අනාගතය වෙනුවෙන් හැකි දෙයක් කරන්නම් (දිල්)
මේ වගේ අය ගොඩාක් ලංකාවේ ඉන්නවා. කෝ අර තරගෙට ළමයි හදන්නට කියපු උදවිය ? (නදී)
මේ අයට පිහිට වෙන්න ඕන... ඒ වගේම මේ අයගේ පෝෂණය ගැන දැනුවත් කරන්න ඕනි.(දිල්)
" කොළඹ නයිට් රේස් " කරන අයෙගේ අවදානය පිණිසයි. (නදී)
කොලඹ රෑ ජාමෙට කාර් රේස් දුවන්න වියදම් කරන සල්ලි වලින් එක කොටසක් මේ වගේ අන්ත අසරණ මිනිස්සු වෙනුවෙන් කැප කරා නම් මොකද වෙන්නේ. මේ අයත් අපේම මිනිස්සු නේද? මේ වගේ අසරණ මිනිස්සු ගැන හිතන හිත උණු වෙන ජනතා නායකයෝ මේ ධර්මදීපය කියන රටේ කවදා බිහි වේද? (නදී)
මේ අහිංසක අයට පිහිට වෙන්න; වැඩකට නැති දේවල් කරන අයට මේ දේවල් පේන්නේ නැද්ද(දිල්)
බඩ පපුව පිච්චිලා ගියා. මම මගේ යුතුකම ඉක්මනටම ඉටු කරනවා. ලංකාදීපයට මගේ ස්තුතිය පුදකරනවා.(නදී)
අද ලංකාවේ ජීවත් වෙන්න කොච්චර අමාරුද පොඩි මිනිස්සුන්ට කියාපන නියම කතාවක් (දිල්)
අර පවුලක ළමයි පස්දෙනෙක් හදන්නයි කියපු සංවිදධාන වලට පුලුවන්නේ ඉදිරිපත් වෙන්න.(නදී)
මේක තමයි රටේ දියුණුවේ යථාර්තය. පුළුවන් විදියකට මේ අයට උදව් කරන්න බලමු.(නදී)
ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවර ගැන සතුටුයි. මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ අයට උදවු කරාවි. මේ ගැන පසු විපරමකුත් කළා නම් අගෙයි. මාධ්‍ය ආයතනයකට මෙවැනි සමාජ සත්කාරයක් කිරීම පහසුයි. මෙවැනි දේ කිරීමට ඔබ සියලු දෙනාට තව තවත් ශක්තිය, ධෛර්‍ය ලැබේවා!(නදී)
සුන්දර ගම්මානයක ,සතුට සැනසුම නොඅඩුව ලබන්න පුලුවන්. ස්වභාව සෞන්දර්යේ පහස නොඅඩුව ලබන මේ ගැමි පවුල දකින කොටත් සිතට සැනසිල්ලක්. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා උදව් ලබා මේ සැනසිල්ල පලුදු නොකරගෙන ජීවත් වීමට සිතට ගන්න. පුංචි පැටවුන්ට කුසගින්නේ ඉන්න නොලැබේවා.(නදී)
මට කරන්න පුළුවන් ඕනෑම උදව්වක් කරන්නම්. මම දැනට ඉන්නේ කුවෙට් වල. මෙවැනි අයට පුළුවන් පමණින් උපකාරයක් කරන්න ලැබීම ලොකු සතුටක්.(නදී)
ඒ උනාට ඔබ දන්නවද මේ එක දරුවෙක් පිටර ටට රුපියල් 300000 ට වඩා නය වෙලා කියලා.(නදී)
සමීම් මුබාරක් කියන කතාව ඇත්ත නිසා එයට 100% ගරු කරනවා. කරන්න බැරි දේවල් කියා කියා කටමැත දොඩවන අයගේ වැඩ බලන්න පුළුවන් ලංකාවේ ඉන්න මේ වගේ පවුල් 100-200 හොයල දුන්නොත් උදව් කරන්න කියලා. රටේ ආර්ථිකේ හදාගන්න බැරි, සම්පත් ටික කාබාසිනියා කරන අයව එළවන්නයි ඕනේ. (නදී)
මෙවැනි පුවතක් පළ කළාට ස්තූතියි(දිල්)
ලංකාදීපයට ස්තුතියි (නි)
කෝ අර මේ රට සංවර්දනය කරන්නේ දරුවන්ටයි කියලා කියන අය. ප්‍රදීපා මහත්මියගේ කතාව 100% කම හරි.(නදී)
මේ අය ඉන්න පලාතට අනුව තණකොළ ඉතා හොඳට වැවෙනවා. කිරිපිටි ගන්න උදව් කර බහුජාතික සමාගම් වල මඩිය තර නොකර කිරි එළදෙනක්(පැටවා සමග) අරන් දීම ඉතාම හොඳයි. (නදී)
අයියෝ දෙයියන්ගේ නාමයෙක් කවුරුහරි උදව්කරන්න.(නදී)