ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කිසිම කෙනකුට සමාවක් දිය නොහැකි බව හිටපු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ප‍්‍රකාශ කළාය.
එසේම කිසිදු යුද අපරාධයකට මුක්තිය නොලැබෙන බවත්, ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් ආණ්ඩුවකට එලෙස සමාව දීමට කිසිසේත් හැකියාවක් නැති බවත් පිල්ලේ අවධාරණය කර සිටීන්නීය.
ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත වීමෙන් පසු අදහස් දක්වමින් ඇය මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් හතළිස් දහසක් ඝාතනය වී ඇති බව පැවසූ නවනීදන් පිල්ලේ කියා සිටියේ ඉන්දියාව හා දකුණු අප‍්‍රිකාව ශ්‍රී ලංකාවට සහාය වීම ගැන චෝදනා කළ අතර පසුගිය රජයේ අරමුණ වී තිබුණේ දෙමළ කණ්ඩායමක් විනාශ කිරීම පමණක් යැයිද ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ගෙන යාමට ජාත්‍යන්තරය ක‍්‍රියා නොකිරීම ගැනද ඇය දොස් එල්ල කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෝනා ගණන් බලල තියෙන්නේ මරුන දෙමල ගාන විතරනේ , එතකොට සිංහල මුස්ලිම් ? අමතක කරන්න එපා නෝනේ දඬුවම් කරන්න ගියොත් දෙපැත්තටම දඬුවම් කරන්න වෙනවා එතකොට කේ.පි , කරුණා , සහ පුනරුත්ථාපනය කර සමාජගත කළ දහතුන්දාහක් කාදරයොත් ඉන්නවා එපමණක් නෙවෙයි රටින් පිට ඉන්දගෙන ත්‍රස්තවාදයට උදවු කළ අයටත් දඬුවම් කරන්නම වෙනවා (බ)
උග්‍ර ජාතිවාදිනියක්.පිළිලයක් ද පිල්ලියක්ද (බ)
අපි හිතුවා විශ්‍රාම ගොහින් ඇති කියලා. ඇයි ඔය කට ඇරියේ නැවතත්...? (නි)
මෙයා ඔය වගේ තනතුරකට පත්කිරීම ගැන බටහිර ජාත්න් වගකිව යුතුයි. එතකොට පන්සල් සහ පල්ලිවල ඝාතනය කළ අනෙත් ජාතීන් ගැන මොකද කියන්නේ. දකුණු අප්‍රිකාවේ වෙන දරුණු මානව හිමිකම් කඩවීම් ගැන හොයාබලන්න.බොහෝ කලු ජාතිකයන් තවමත් ජීවත්වන්නේ වහල්ලු වගේ. දකුණු අප්‍රිකාවේ පාරකවත් නිදහසේ යන්න පුලුවන්ද.ලෝකයේ මිනීමැරුම් අධිකම රටක්. (නි)
මෙයා ගෙදර ගියේ අපේ රටේ වාසනාවට. (නි)
ලංකාවේ සමහරු දැන් දත කට නියවාගෙන බලා ඉන්නවා ඇති වැඩේ නවත්වන්න. (නි)
ඇයි මේ ලෝකේ ඉන්න හැම රටක්ම මැරුණු දෙමළ ජනයා පමණක් ගණනය කරන්නේ? එතකොට මුස්ලිම්? සිංහල? අනෙකුත් ජනයා? ගම් වලට කොටි පැනලා ගෙවල් වල නිදාසිටි පවුල් පිටින් මුළු ගම්වැසියෝම කපලා කොටලා බඩදරු අම්මලාගේ බඩවල් පලලා නුපන් දරු පැටවූ එළියට ඇදලා මිලේච්ඡ විදියට නටපු එල්ටීටීය ලෝකෙට අපරාධකරුවෝ විදියට නොපෙනෙන්නේ ඇයි ..? අනෙකුත් මැරුණු මිනිසුන්ගේ ජීවිත. ඒ මිනිස් ජීවිත නෙමෙයිද ..? (නි)
එයා බලන්නේ එයාගේ කට්ටිය ගැන. එතකොට කොටින්ට ආයුධ විකුණපු, නිෂ්පාදනය කරපු කට්ටියට මුකුත්ම නැද්ද? අපිට අං නැහැ කියලා පෙන්වන්න තරම් කෙනෙක් මුළු ලංකාවේම නැද්ද? (නි)
ඒ ගමන ආයෙත් පටන් අරගෙනද? (නි)
මෙයා මොකටද ලංකාව ගැන කට අරින්නේ? (නි)
ස්වභාව ධර්මය පිල්ලි ගැන බලාගනීවි (නි)
මෙයාගෙත් ලෙයට ලෙය කකියනවා වගෙයි වෙනම රටක් පිළිබඳ සිහිනයේදී''.ඔබ ඒ සිහිනයේම ජීවත්වේවා! සිහිනය යථාර්ථයක් කරගන්න ගියොත් සිහිනයේ සුන්දරබව නැතිවේවි. (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
මේ වගේ අයගෙන් සාධාරණ පරීක්ෂණ බලාපාෙරොත්තු වෙන්න පුලුවන්ද? මෙයා හිටියා නම් වාර්තාව වෙනස් වෙනවා. (නි)
මතයන්ට යට නොවී ත්‍රස්තවාදය නිම කළ පවද (බ)
ඔබතුමිය විශ්‍රාම ගිහිල්ලනේ ඉන්නේ. දැන්වත් පාඩුවේ ඉන්නකෝ. (නි)
මේ ප්‍රශ්නය අවසන් වෙන්නේ කවදාද? (නි)
මෙයා නම් කිව්වොත් කියන්නේ බොරුවක්. ඒ වුණාට අපිට මේ නවනින්දා තවත් අහන්න ඕනෑද? (නි)
යුද්ධය තිබුණා නම් ඔය කවුරුවත් ඔහොම කතාකරන එකක් නැහැ (නි)
මෙයාලා ඇයි අපිට පාඩුවේ ඉන්න දෙන්නේම නැත්තේ? (නි)
මෙයා දැන් මේ කතාවට කට දාන්නෙ මොකටද? මෙයාගේ කාලය අවසන්වුණා මාස කිහිපයකට ඉස්සර.ඒක අමතක වෙලාද මේ දොඩවන්නේ? ඒ වගේම එයාට මතක්කර දියයුතු තවත් කාරණයක් තියෙනවා.ඒක තමා ජනවාරි 08 වැනිදා මහජනතාව විසින් අලුත් ජනාධිපතිවරයෙක් පත්කරලා, එතුමා මේ රටේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා කියලා. අගෝස්තු මාසයේ අපේ රටේ ජනතාව විසින් නව රජයකුත් පිහිටවූ බව මේ බවලතාට කියලා දෙන්න. එතකොටවත් එය අපේ රටේ දේවල් වලට ඇඟිලි ගහන්න, ගෝරනාඩු දමන්න එන එකක් නැහැ. (නි)
මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළ එක වරදක් කියා දැන් සිතෙනවා (නි)
සුජීව, නවනීදන්ලාට ඕනෑ විදියට නටන්න දුන්නෙ නැහැ කලින්. එ. ජාන්ගේ සමුළුවට මේ වගෙ තුන්පාරක් ලංකාවට එරෙහිව ගෙනා යෝජනා මිත්‍ර රටවල උදව් ඇතුව නතරකර ගත්තා. දැන් තමයි මේ නෝනලට පණ ඇවිත් තියෙන්නෙ. (නි)
පිල්ලි නොඇර ඉඳීවිද එතුමියට මෙහෙ ආවහම සමහරු කියපු කතා වලට? එත් මිනිස්සුනේ. පිල්ලේ නෝනා තවම අපි දිහා කේන්තියෙන් බලන එක පුදුමයක් නෙමෙයි. (නි)
බන්දුල පෙරේරා සද්ද නැත්තේ? (අ)
යුද්දේ ඉවර කලේ මහින්දයෙක් නොවෙයි එය ඒක බලෙන් ගත්තට එය යුද්දේ නැවත වන්න කියල තියෙන කාලේදී තමයි ජෙනරාල් ෆොන්සේකා බලෙන් යුද්දේ ඉවර කලේ හමුදාවේ සිටි ඕන කෙනෙකු ගෙන් ඔයාට අහල දැනගන්න එපා බන්දුල පෙරේරා වගේ මහින්දට කඩේ යන ඒක දැන්වත් නැවත වන්න (අ)
අප සිතා සිටියේ මෙතුමිය විශ්‍රාම සුවයෙන් ගෙදරටවෙලා ඇති කියලා. (බ)
නවනීදන් මහත්මියට, ඕන විදිහට නටන්න තිබුණා, මහින්ද රාජපක්ෂ මහතා සමග අර ....අය රට පාලනය කළා නම්, අද මුළු ලෝකයම දිනාගත් ප්‍රබල රාජ්‍ය නායකයන් දෙපලක්, ( ජනපති සහ අගමැති ) පුංචි ශ්‍රී ලංකාව බාරගත් විට,ඇයට කරකියා ගන්න දෙයක් නොහැකි වී ඇත, ඒ හා සමග අපේ රටේ දේශපාලුවන්ටද බොරු කියා ජනතාව නොමග යැවීමට ද නොහැක, ලංකාදීපයට ගොඩාක් තුති, මේ පුවත දැන්වීම ගැන. (බ)