
නවදිල්ලි අගනුවර කාර් බෝම්බ පිපිරුම සම්බන්ධයෙන් ලෝක නායකයන් බොහෝ දෙනකු ඉන්දීය රජයට සොව පළ කර ඇත. ඊයේ (10) සවස නවදිල්ලි අගනුවර එම කාර් බෝම්බය පුපුරා ගියේ නව දෙනකුට දිවි අහිමි කරමිණි.
පිපිරුමට හසුවීමෙන් 20 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ද පැවැසෙයි.
එය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරන අතර, ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. ඉන්දියාව පුරා ප්‍රධාන නගරවල ආරක්ෂාව තරකර ඇතැයි ද පැවැසෙයි.
ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ රට වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇත්තේ, ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය. ඉන්දියාවේ සංචාරය කරන්නේ නම්, ජනාකීර්ණ ස්ථානවල ගැවසීම හැකිතාක් සීමා කරන්නැයි ද කල්පනාකාරීව සිටින්නැයි ද ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සොව පළ කළ සෙසු රටවල් වන්නේ ආජන්ටිනාව, ප්‍රංශය, මොරොක්කෝව, ඕස්ටේ්‍රලියාව, ඉරානය යන රටවල් ඊයේ ඔවුන්ගේ තානාපති කාර්යාල හරහා ඉන්සීය රජයටත්, එරට වැසියන්ටත් සොව පළ කර තිබුණි.
පිපිරුම සිදුවී පැයක් පමණ යද්දී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් සිං පිපිරුම සිදුවුණු ස්ථානයට ගොස් පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවූයේ කුමක්දැයි විමසා බලා, සියලු විස්තර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දැනුම් දුන්නේය.
මාර්ගයේ ආරක්ෂක කැමරා දසුන් අනුව, පුපුරන ද්‍රව්‍ය පුරවා තිබුණේ හයිහුන්ඩායි වර්ගයේ මෝටර් රියක් තුළය. මෙම මෝටර් රථය නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල මෙට්‍රෝ උමං දුම්රිය පොළට පිවිසෙන මාර්ගය අසලට පැමිණ මාර්ගයේ සෙමින් සෙමින් ධාවනය වී ඇත.
එහි පුද්ගලයන් තිදෙනකු සිටි බව ද මේ වනවිට තහවුරු වී ඇතැයි පැවැසෙයි.
මෝටර් රථය රතු ආලෝක සංඥා හේතුවෙන් නතර වෙද්දී පිපිරීම සිදුවිය. පිපිරීමේ ප්‍රබලත්වය කිලෝ මීටරයක් දුරට දැනුණි.
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවදිල්ලි බෝම්බ පිපිරුම: ලෝක නායකයෝ සොව පළ කරති