ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ගාමිණී දිසානායක ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්විය. ඉන්දීය ටෙනිස් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලියේ කේවළ ඉසව්වේදී ඉන්දීය ක‍්‍රීඩකයන් අභිබවා යමින් අවසන් මහා තරගයට ගාමිණී සමග රෝද පුටු ටෙනිස් ජාතික ශූර උපාලි රාජකරුණා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ.
අවසන් තරගයේදී රාජකරුණා පරදවා ගාමිණී දිසානායක තරග වට 2-0 (6-4, 6-3) ක ජයක් ලැබීය. යුගල ඉසව්වේ අවසන් තරගයේදී ඉන්දියාවේ ඞී. මාරියප්පන් සහ සුබ‍්‍රමනියම් බාලචන්ද්‍ර පරදවා උපාලි සහ ගාමිණී ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 6/4, 6/3 ක් ලෙස තරගය ජය ලැබුහ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd