වෙළෙද දැන්වීම සහ ගීතමය රූප රචනා තුළින් නිරන්තරයෙන් දකින්නට නොලැබුණත්, නිවේදනය තුළින් රසිකයන් අතරට පැමිණෙන ඇය අමාදි උපේක්ෂාය. ඇයගේ වෘත්තීමය පැතිකඩ සහ අනෙකුත් තොරතුරු පිළිබඳව ඇය මෙසේ පැවසීය.
"මම රූපවාහිනි නිවේදිකාවක් වශයෙන් දැනට අවුරුදු 03ක් තිස්සේ මම ජාතික රූපවාහිනි නාළිකාවේ හැමදාම දවල් 1ට විකාශනය වන "හිරු උයන" සංගීතමය වැඩසටහන ඉදිරිපත් කරනවා. නමුත් මේ දිනවල වැඩකටයුතුවලින් නිවාඩු අරගෙන තියෙන්නේ. තවම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳව උපාධියේ විභාගය සඳහා සහභාගී වෙන නිසා. ඒ කාර්යය ඉවර වුණාට පස්සෙ තමයි නැවත රැකියාව සඳහා අවතීර්ණ වෙන්නේ. මම CSN නාළිකාවේ වැඩසටහනක් සඳහා දායක වෙලා තියෙනවා. ඉරිදා 4 සිට 5 දක්වා. ඒක "ආර්ට් ඔෆ් වෙඩින්" කියලා වැඩසටහනක්. මම නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව ආසාවක් තියෙනවා. ලොකුවට නිරූපණ ක්ෂේත්‍රයේ නියැළිලා නැහැ. නමුත් මංගල ප්‍රදර්ශනවල විලාසිතා දැක්මවල් සඳහා නිරූපණයෙන් දායක වෙලා තිබෙනවා. ඊට අමතරව විවිධ පුවත්පත්වලට, සඟරාවල මුල් කවර සඳහා සහ ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප ගැනීම සඳහා මට කතාකරලා තියෙනවා. ඒ දේවල්වලට දායක වෙලා තියෙනවා. නමුත් නිරූපණයට සම්පූර්ණ වශයෙන් දායක වෙනවා කියන්න බැහැ.
ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - අමාදිගේ ෆේස් බුක් ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිවේදනයෙන් අනාගතය ජය ගැනීමට වෙර දරණ 'අමාදි'