මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩ වදින රුක්ෂනා දිසානායක වර්තමානයේ බොහෝ පිරිසක් අතරේ ජනප්‍රියව සිටින යොවුන් ටෙලි නාට්‍යය නිළියක් ලෙස හැඳින්විය හැකිය. මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇති සිරස නාලිකාවේ විකාශය වන "උතුම් පැතුම්" හා "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යය වලද රුක්ෂනා රංගනයෙන් දායකව සිටියි. ටෙලි නාට්‍යය රංගන ශිල්පිණියකට අමතරව මේ වනවිට නිවේදිකාවක් ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදී සිනමාවටද එක්වීමට සූදානමින් සිටියි. සිය අලුත් කලා තොරතුරු ගැන රුක්ෂනා අපිට මෙසේ පැවසුවෙමු.
"මේ දිනවල නිවේදිකාවක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තටම රඟපානවාටත් වඩා මම ගොඩක්ම කැමැත්තෙන් හිටිය වෘත්තියක් තමයි නිවේදන වෘත්තිය. දැනට මම වෙබ් ප්‍රෝගෑම් කිහිපයක් සඳහා නිවේදිකාවක් විදිහට වැඩ කරනවා. බලාපොරොත්තුවෙන් ඉන්නවා රූපවාහිනි නාලිකාව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට ඉදිරියේදී කටයුතු කරන්න. ටෙලි නාට්‍යය වලට වගේම මේ දිනවල මම වේදිකාවටත් වැඩි තැනක් දිලා තියෙනවා. වසන්ත බණ්ඩාර මහත්මයාගේ අලුත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ නිසා ටිකක් විතර කාර්යබහුල වෙලා තියෙනවා. මගේ මුල්ම චිත්‍රපට රංගනය ඇතුලත් "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටය ඉදිරියට එන්න තියෙනවා. එහි මා රඟපාන්නේ ප්‍රධාන නිළියගේ චරිතය."
2025 දෙසැම්බර් මස 18
647
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවේදිකාවකු වුණ 'රුකී'