අයි.ටී.එන්. රූපවාහිනී නාළිකාවේ සඳුදා දින මල්පාර වැඩසටහනේ නිවේදකයෙකු ලෙස මේ වන විට කටයුතු කරන ඔහු, ගීත රචකයෙකි. ගුවන් විදුලි නාළිකා කිහිපයකම නිවේදකයෙක් ලෙසද කටයුතු කළ ඔහු අසංග කරුණාරත්නය.
හද හඬනා නිහඬ රැයේ වසර දහඅටකට පසුව...
වසර 18ක පූර්ණකාලීන මාධ්‍ය ජීවිතයෙන් අනතුරුව මම නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස වැඩ කරනවා. මම මාධ්‍යවලට පැමිණුන මුල් කාලෙදිම ගීත රචනයට යොමුවුණා. මම රචනා කළ පළවෙනි ගීතය හද හඬනා නිහඬ රැයේ කියන ගීතය. ඒ ගීතය බොහෝ ජනප්‍රිය වුණා. ඒක ලොකු උත්තේජනයක් වුණා.1998 වසරේදී මට ගීතයක් ලියන්න කියලා නිමල් රංජිත් කියන තාත්තගේ යාළුවෙක් ආරාධනා කළා. එහෙම තමයි හද හඬනා නිහඬ රැයේ ගීතය ලියවෙන්නේ. වසර දහඅටකට පස්සේ ඒ ගීතය රීමේක් කළා. නිමල් රංජිත්ම තමයි ගීතය ගායනා කරන්නේ. මේ කාලයේ තිබෙන ගීත රූප රචනා කලාව ඒකාකාරියි. ඉන් මිදුණ රූප රචනාවක් කරන්න උත්සාහ කළා. නිමල් රංජිත් හා ඔහුගේ පුතා එක්ව මාසයක පමණ සැලසුම් කරලා තමයි ගීත රූප රචනාව සිදුකළේ. සැබෑ ආදරේ කියන්නේ පරිත්‍යාගයක්. ඒ තේමාව තුළ තමයි අපි මේ ගීත රූප රචනාව කළේ.
අසංග පැමිණි ගමන් මග
1998 හිරු එෆ්.එම් ප්‍රවර්ධන පුහුණු සහකරුවෙක් ලෙස තමයි මම මාධ්‍ය ගමන අරඹන්නේ. ඒ පියවර තුළ 2000 වසරේදී ස්වර්ණවාහිනී නාළිකාවේ live @8 නිෂ්පාදකයෙකු සේම ප්‍රවෘත්ති නිවේදකයෙක් ලෙසත් කටයුතු කරන්න හැකියාව ලැබුණා. 2002, 2003 වසරවල ස්වාධීන රූපවාහිනියේ %මෝනින් ෂෝ^ එක වගේම ප්‍රසංග වේදිකාව තුළත් නිවේදකයෙක් ලෙස කටයුතු කළා. පසුව ගුවන්විදුලි නාළිකා ගණනාවකම කටයුතු කළා. රිදම් එෆ්.එම් ආරම්භ කිරීමේදී මම සුවිශේෂී කටයුත්තක් කළා. රිදම් නයිට් කියන විශේෂ සංගීත ප්‍රසංගය හැම සති අන්තයකම පැවැත්වුණා. එහි ප්‍රධාන නිවේදකයා ලෙස කටයුතු කරන්න මට හැකියාව ලැබුණා. අපි රිදම් එෆ්.එම් පළමු සංවත්සරය වෙනුවෙන් ප්‍රසංගයක් පැවැත්වුවා. එය ගිනස් වාර්තාවක්. ලෝක ගිනස් වාර්තාවලට සම්බන්ධ ලංකාවේ නියෝජිතයන් පැමිණ නීරීක්ෂණය කර එය තහවුරු කළා. එය පැය පනහක් නොකඩවා පවත්වාගෙන ගිය ප්‍රසංගයක්. සිකුරාදා දිනක හවස 5ට ආරම්භ කළ ප්‍රසංගය ඉරිදා රාත්‍රී 12.00 දක්වා පැවැත්වුණා. සංගීත කණ්ඩායම් 50යි, ගායක ගායිකාවන් 150යි. එකම නිවේදකයා ලෙස කටයුතු කළේ මම. එය මගේ ජීවිතයේ අමතක නොවන සංධිස්ථානයක්. ඒ වගේම මම සිරස එෆ්.එම් හි සින්දු සන්ඩේ වැඩසටහන ඉදිරිපත් කළා. රූපවාහිනී නිවේදකයෙක් ලෙස මෑතකදී තමයි මම ස්වාධීන රූපවාහිනිය හා එකතු වුණේ.
නිවේදන කටයුතුවලින් ඉවත්වූ අසංග නැවත නිවේදනයට පැමිණීම..
බයිසිකල් පැදපු කෙනාට බයිසිකල් පදින්නම ඕන. පයින් යන්න බෑ වගේ මටත් මාධ්‍යයෙන් ඉවත්වෙලා ඉන්න බැහැ. මට ආරාධනාවක් ලැබුණා ස්වාධීන රූපවාහිනියෙන්. මෝනින් ෂෝ ආරම්භ කළ මුල් කාලයේ 2003 වසරේ මම නිවේදකයෙක් ලෙස කටයුතු කළා. නැවත වසර 13කට පසු සඳුදා උදෑසන මල්පාර කියන වැඩසටහනේ නිවේදකයාගේ කටයුත්ත සිදුකරනවා.
අසංග කියන ගීත රචකයා
මේ වන විට ගීත 100කට ආසන්න ප්‍රමාණයක් මම රචනා කර අවසන්. ඒ අතරින් කිංස්ලි පීරිස්ගේ %මතක නැද්ද ආදරෙන් උන්න ළං වෙලා^ ගීතය ගොඩක් දෙනෙක් දන්නවා. ඒ වගේම අමිලා නදීශානි ට "එකම හීනය" නමින් ගීතයක් රචනා කළා. එය රිදම් එෆ්.එම් හි කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන කාලයේ සිරස එෆ්.එම් වෙනුවෙනුයි රචනා කළේ. රෝහන බෝගොඩ වැනි ප්‍රවීණ ගායකයන්ට වගේම මෑත පරම්පරාවේ දුමාල් වර්ණකුලටත් ගීත රචනා කළා. අජිත් පෙරේරා, ප්‍රියන්ත නාවලගේ, කේ සුජීවා, ගයනි මධුෂා, එරන්ද පැතුම් වැනි අයට ගීත රචනා කරන්න හැකිවුණා. ගීත රචනා කරන්න නිදහස තිබිය යුතුයි. ආයතන සමග බැඳීම් ඇතිකර ගත්තම නිදහස් මානසිකත්වයෙන් අපි ඈතට යනවා. ඒකම තමයි මට මාධ්‍යයෙන් ඉවත් වීමට මූලික හේතුව වුණෙත්.
නාළිකා කීපයක වැඩ කිරීම
මම මාධ්‍යයෙන් ඉවත් වෙන්නේ නිම්රූකා ක්‍රියේෂන් එක නිසා. ඒ හරහා මේ වන විටත් නව ගීත කිහිපයක්ම සූදානම්කර තිබෙනවා. ඒ ආයතනය මගින් ගීත වගේම ගීත රූප රචනාත් නිර්මාණය කරනවා. ඒ වෙනුවෙන් කාලය යොදලා තියෙන්නේ. මට හැමවිටම අවශ්‍යතාවයක් තිබුණා අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න.
මම ආපු ගමන ගැන සතුටුයි. මම මාධ්‍ය ආයතන කිහිපයකම ප්‍රවර්ධන අංශයේ කටයුතු කළා. ඒ වගේම වැඩසටහන් නිවේදකයෙක් ලෙසත් කටයුතු කළා. නිෂ්පාදකයෙක් ලෙසත් කටයුතු කළා. රූපවාහිනී සහාය නිෂ්පාදකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක්, ප්‍රසංග නිවේදකයෙක් ලෙසත් විවිධ විෂයපථයන් වල වැඩ කරන්න ලැබුණා. මම පියවරෙන් පියවරයි ඉදිරියට ගියේ.
0770 588240
නිදුක් මදුෂික
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිවේදකයෙක් ලෙස ඔබේ ආලින්දයට එන අසංග