(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම සමරනායක පාරේ නවාතැන් පොළක පැවැත්වූ සාදයකින් අනතුරුව සැකකටයුතු ලෙස තරුණයෙකු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජාතික ජල ජලසම්පාදන මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම මත සේවය සපයන ආයතනයක සේවය කරන අගලවත්ත සඳගිරි කන්ද ඕමත්ත පාර පදිංචිව සිටි රවීදු හසිත් ආරියවංශ 24 අවිවාහක තරුණයෙකි .
මියගිය තරුණයා සහ එම ආයතනයේ සේවය කරන තවත් පුද්ගලයකු නැවතීම සඳහා ලබා දී තිබූ දෙමහල් නිවසක නවාතැන් පොලේ රැඳී සිට ඇති අතර දෙදෙනා සවස සාදයක් පවත්වා ඇතැයි පොලිසිය කියයි.
අලූයම එකට පමණ අනික් පුද්ගලයා අවදි වී උඩුමහලේ විදුලි බල්බ දල්වා තිබීම සම්බන්ධයෙන් සොයා බැලීමට සඳහා ගිය අවස්ථාවේදී මියගිය පුද්ගලයා උඩුමහලෙහි සාලයේ උඩු බැලි අතට වැටී සිටින අයුරු දැක ද විමසිලිමත් වීමේ දී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරුත් මුත්‍රා පහ ව තිබෙන අයුරුත් දැක දුරකථනයෙන් අසල්වාසී නිවසක ට ඒ බව පවසා තිබූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd