අපොස සාපෙළ විභාගය අද (08) ආරම්භ වුව ද අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය හා නිවත්තක චේතිය විද්‍යාලයේ විභාග අපේක්ෂකයෝ අභාග්‍ය සම්පන්න සිදුවීමකට මුහුණ පෑහ.
විද්‍යාල දෙකෙහි ශාලාවල විදුලි බලය ඇන හිටීම හා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුහු දැඩි අපහසුතාවයට පත්වී සිටිති.
ශාලාවල පවතින අඳුරු සහගත වීම නිසා ඉටිපන්දම් දල්වා විභාගයට පිළිතුරු සැපයීමට සිදුවී තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියගෙන් විමසු විට ඇය මෙසේ පැවසුවාය.
‘සඳුදාත් අදත් පැවැති අධික වර්ෂාව පැවති අතර පන්ති කාමරවලට ඇත්තේ එක විදුලි බල්බයක් පමණක් බැවින් අඳුරු තත්වය මඟ හරවා ගැනීමට ඉටිපන්දම් උපයෝගි කර ගත්තා. සවස් වන වටත් මේ තත්ත්වය පැවතුණහොත් දැනට පවතින විදුලි බල්බවලට අමතරව වොට් ප්‍රමාණය වැඩි විදුලි බල්බ උපයෝගි කර ගන්නවා‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු මල්ලිලා කිවා වගේ කොළඹට කිරි ගමට කැකිරි තමයි (බ)
බයිලා නවත්වලා මේවගේ අහිංසක දරුවන් ගැන බැලුවොත් හොඳයි (බ)
එයාර්පෝට් දෙක දෙක තියෙන ගුවන් තොටුපොළවල් හරකුන්ට ලගින්න තියෙන රටේ ඉස්කෝලෙකට බල්බ් එකක් නැහැ හරියට. (බ)
ඇල්මෙන් අකුරු උගනිව් කුමරු සොඳවා. (අ)
ආදරණිය නංගියේ මල්ලියේ, නුඹලාවත් ඉගෙනගෙන මේ රට හදපල්ලා. (නි)
මේක රටේ වැරද්දක් නොවේ . එතන පරිපාලනයේ තියන වැරද්දක්. (ම)
අනේ මන්දා. (ර)
අහිංසක ළමයින් ගැන දුකයි ඔබට ජිවිතයේ පළමු කඩඉම ජය ලබන්නට හැකිවේවා (ම)