IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නැවතත් ලබාගත් විශ්වාසනීයත්වය ඉදිරියටත් ගෙන යාම අභියෝගයයි

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (18 වැනිදා) ඩුබායි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගය දෙපිලටම ඉතාමත් තීරණාත්මක වන බව ශී‍්‍ර ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. ශී‍්‍ර ලංකා පිල පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර, ඊයේ (17 වැනිදා) පෙරවරුවේදී ඩිල්ෂාන් මේ බව පවසා සිටියේය. මේ වන විට දෙපිලම තරගයක් බැගින් ජයගෙන සිටින බැවින් 1-1 ක් ලෙසින් තරගාවලිය සමවී පවතින අතර අද තරගයේ ජයග‍්‍රහණය ලබන කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමිවේ. අත්‍යවශයෙන්ම ලබාගත යුතු විශ්වාසනීයත්වය දෙවැනි ජයග‍්‍රහණය ලබා ගැනීමෙන් පසුව අප ලබාගෙන තිබෙනවා. දැන් අප බලාගන්න  ඕනේ ඒ තත්ත්වය තරගාවලියේ ඉදිරියටත් පවත්වාගැනීමටයි” යයි ඩිල්ෂාන් පැවසීය. අද තරගයත් ජයගන්න අපට පුළුවන් වුණොත්, ඒක අපට මානසික ශක්තියක් වෙනවා. ඒත් පාකිස්තානු කී‍්‍රඩකයනුත් පිටියට පිවිසෙන්නේ ඒ වගේම මානසිකත්වයකින් කියන එක මා දන්නවා” යයිද ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය. උපුල් තරංග සහ මහේල ජයවර්ධන නැවතත් ලකුණු අතරට පැමිණිම පිළිබඳව සතුට පළකළ ශී‍්‍ර ලංකා නායකයා, ලසිත් මාලිංගගේ දස්කම් නිසා ශී‍්‍ර ලංකා පිල නැවතත් ජයග‍්‍රහණ අතරට පැමිණීමට හැකිවූ බවත් පැවසීය. සමහර වෙලාවට අපි අද තරගයේදී අපේ පිතිකරු ලයිස්තුව වෙනස් කරන්නත් පුළුවන්. ඒත් තණතීරුවේ තත්ත්වය මත ඒ සියල්ලම රඳා පවතිනවා” යයිද ඩිල්ෂාන් පැවසීය. අප බොහෝ වෙලාවට සාර්ථක ආරම්භයක් ලබාගත්තා. ඒත් ඉනිමේ වැඩි  ඕවර සංඛ්‍යාවක් යැවෙද්දී පිතිහරඹය අසාර්ථක වෙනවා” අප මේ ප‍්‍රශ්නය ගැන කතාකරලා තියෙනවා. අපි කඩුලූ අතේ තියාගන්න  ඕන කියන එක පිතිකරුවන්ට ඒත්තු ගන්නලා තිබෙනවා” යයිද ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය. එක්දින තරග සඳහා හඳුන්වා දෙනු ලැබ ඇති නව නීති රීති නිසා පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායමට තරමක වාසියක් අත්වන අතර ලකුණු 240 ත් 250 ත් අතර සංඛ්‍යාවක් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලෙසද සැලකේ. මෙම තරගයේදී ලකුණු 13 ක් ලබාගැනීමට සමත් වුවහොත් එක්දින අන්තර්ජාතික තරග අතරේ ලකුණු 10,000 සීමාව පසුකිරීමට සමත්වන දෙවැනි ශී‍්‍ර ලාංකික පිතිකරුවා ලෙසින් මහේල කි‍්‍රකට් ඉතිහාසයට එක්වනු ඇත. අද තරගය මහේලගේ 355 වැනි එක්දින තරගයයි. එක්දින අන්තර්ජාතික තරග බිමේදී කී‍්‍රඩකයන් අද දෙනකු ලකුණු 10,000 සීමාව පසුකර ඇති අතර තරග 445 කදී සනත් ජයසූරිය ලබාඇති ලකුණු සංඛ්‍යාව 13,430 කි. මහේල ලකුණු 10,000 කඩ ඉම අභියස  



අදහස් (0)

නැවතත් ලබාගත් විශ්වාසනීයත්වය ඉදිරියටත් ගෙන යාම අභියෝගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 580 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site